ඉන්දියාවේ අඟහරු ගවේෂණය වන මංගල්යාන් අභ්‍යවකාශ යානය අඟහරු කක්ෂය වෙත සාර්ථකව ඇතුල් වූ බව ඉන්දියාව පවසයි.
මෙය ඉන්දියාව අඟහරු කරා යවන ලද ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර, ඒ වෙනුවෙන් ඉන්දියාව ඩොලර් කෝටි 7.5ක මුදලක් වැය කර තිබේ. නමුත්, මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් අඟහරු චාරිකාවක් සඳහා දරණලද අඩුම වියදම ලෙස එය ඉතිහාස ගතවන නිසාය.
මංගල්යාන් යානය රතු ග්‍රහයාගේ කක්ෂයට අවතීර්ණ වන මොහොතේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බැංගලෝර් නගරයේ වූ අභ්‍යවකාශ පාලක මැදිරියේ සිටි බව වාර්තා වෙයි.
එහිදී, මෙහෙයුම සාර්ථකව මෙහෙයවන ලද විද්‍යාඥයන්ට සුබ පැතූ අගමැතිවරයා, එය ඉන්දියානු ජාතියේ හැකියාව පිළිබඳ ජීවමාන නිදසුනක් බව අවධාරණය කළේය.
ඇමෙරිකාව දියත් කළ මාවෙන් අභ්‍යවකාශ යානයද පසුගිය සඳුදා අඟහරු කක්ෂයට ඇතුල් වූ අතර නාසා ආයතනය එම චාරිකාව සඳහා ඉන්දියාවට වඩා දස ගුණයක මුදලක් වැය කර තිබුණි.