දකුණුදිග ඇෆ්ගනිස්ථානයේදී හමුදා හෙලිකොප්ටර යානයක් කඩා වැටීමෙන් තම හමුදාවන්ට අයත් පස් දෙනෙකු ජීව්තක්ෂයට පත්ව ඇති බව නේටෝ සංවිධානය විසින් මෙහෙයවනු ලබන ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර හමුදාව පවසා තිබේ.
මෙම හෙලිකොප්ටර් යානය තුළ ගමන්ගත් හමුදා සාමාජිකයන්ගේ ජාතිකත්වය තවම හෙළිකර නැති අතර, යානය කඩා වැටීමට හේතුවද තවම අනාවරණය වී නොමැති බව පැවසෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හමුදාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් සිටින බවද විදෙස් පුවත් සේවා පවසයි.
ඇෆ්ගනිස්ථානයේ සිටින නේටෝ හමුදාවන් මේ වසර අවසානය වනවිටඉවත් කිරීමට නියමිත අතර, ඔවුන් විසින් සිදු කළ බොහෝ මෙහෙයුම් දැනටමත් ඇෆ්ගනිස්ථාන හමුදාවට පවරා ඇති බව පැවසෙයි.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ කඩා වැටී ඇති හෙලිකොප්ටර් යානය බ්‍රිතාන්‍යයට අයත් හෙලිකොප්ටර් යානයක් බවට තහවුරු වී ඇති බවය.