අෆ්ගනිස්ථානයේ අධි ආරක්ෂිත බග්රාම් ගුවන් කඳවුරේ සිටි ඇෆ්ගන් සිරකරුවන් 65 දෙනෙකු නිදහස් කිරීමට එරට රජය ක්රියාකිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ උදහසට ලක්ව තිබෙනවා.
ඇමෙරිකාව පෙන්වා දෙන්නේ මෙසේ නිදහස් කෙරුණු වැඩිදෙනා ඇෆ්ගන් සහ විදේශ හමුදා භටයන් විසින් මරා දැමීමට සම්බන්ධ වූ අය බවයි. ඔවුන් බෝම්බ දැමීම් හා වෙනත් ප්රහාරවලට සම්බන්ධ වී ඇති බවට ශක්තිමත් සාක්ෂි පවතින බවද ඇමෙරිකාව පවසනවා.
නමුත් ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි පවසන්නේමේ සිරකරුවන්ගෙන් වැඩි දෙනා ළමුන් සහ වයස්ගත අය බවයි. එමෙන්ම ඔවුන් නිවැරදිකරුවන් බවද ඇෆ්ගන් ජනාධිපතිවරයා පවසනවා.
ඔවුන් රඳවා සිටි බග්රාම් ගුවන් කඳවුරේ සිර මැදිරිය ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් හඳුන්වන ලද්දේ අහිංසක ඇෆ්ගන් මිනිසුන්ට වදදී,තම රටට වෛර කරන තත්ත්වයට පත්කර ‘තලෙයිබාන්වරුන් නිපදවන කර්මාන්ත ශාලාවක්’ ලෙසිනුයි.