ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක මුල්ලාහ් අඛ්තාර් මන්සූර් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ තහවුරු කර තිබේ.
ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්න පාකිස්තානයේ මාර්ගයක ඔහු තවත් සාමාජිකයෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පසුගිය සෙනසුරාදා මෙම ප්‍රහාරය එල්ල කළ බවත්, ඒ සම්බන්ධයෙන් ඊයේ (22දා) වනතුරු නිල තහවුරු කිරීමක් නොතිබූ බවත් ඇමෙරිකානු බලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත්තේ මන්සූර් ඇමෙරිකානු ජනතාවට බලවත් තර්ජනයක් එල්ල කළ පුද්ගලයෙකු බවය.
තලේබාන් සංවිධානයේ නිර්මාතෘ හා ආධ්‍යාත්මික නායක ලෙස සිටි මුල්ලාහ් මොහොමඩ් ඕමාර්ගෙන් පසුව පසුගිය 2015 ජූලි මාසයේ සිට මන්සූර් එම සංවිධානයේ නායකත්වයට පත්විය.
ග්‍රිනීච් වේලාවෙන් සෙනසුරාදා සවස 3.00ට පමණ අහ්මාද් වාල් නගරයට ආසන්නයේදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ඊට අනුමැතිය ලබාදී තිබුණි.
එමෙන්ම, මෙම ප්‍රහාරය සිදුකළ වහාම ඒ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානය මෙන්ම, පාකිස්තානයද දැනුවත් කළ බවද ධවල මන්දිරය පවසයි.