ඇමෙරිකාව පුරා කළු සුදු උද්ඝෝෂණයක්
ඇමෙරිකාවේ කළු ජාතිකයන් විසින් අරඹා ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය රට පුරා ක්‍රියාත්මක වෙමින්, දින දෙකක් පුරා අතිශය උණුසුම් මුහුණුවරක් ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.
පසුගිය සඳුදා රාත්‍රියේ ෆර්ගියුසන් නගරයට එක්වූ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරුණේ, කළු ජාතික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ සුදු ජාතික පොලිස් නිලධාරියා නිදහස් කිරීම පිළිබඳ ප්රකෝපකාරී වෙමිනි.
ඒ අනුව, ඊයේ වනවිට දෙවැනි රාත්‍රියටත් උද්ඝෝෂණ පැවති බව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, පසුගිය සඳුදා රාත්‍රියේ සිදුවූ අකාරයේ කලහකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස තවත් සිය ගණනක ජාතික ආරක්ෂක හමුදා භටයන් පිරිසක් යොදවා තිබූ බව කියැවෙයි.
සුදු ජාතික පොලිස් නිලධාරියා නිදහස් කිරීමේ අධිකරණ තීන්දුවට එරෙහිව ඇමරිකාව පුරා තවත් බොහෝ නගරවල විරෝධතාවන් පවත්වා ඇති අතර, අවි ආයුධද ඇතුළුව සිටි විරෝධතාකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

