දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමට පෙර පැවති තත්ත්වයේ සිට ඇමෙරිකානු හමුදා එහි කුඩාම ප්‍රමාණය දක්වා සීමා කිරීමට සැලසුමක් පවතින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් චක් හේගල් අනාවරණය කළේය.
සිය අයවැය සැලසුම් ඉදිරිපත් කරමින් පෙන්ටගන් ප්‍රධානියා පවසා සිටියේ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින 550,000ක් වූ ඇමෙරිකානු හමුදා සෙබලුන් සංඛ්‍යාව 440,000 - 450,000 දක්වා අඩු කරන බවයි.
එමෙන්ම, සීතල යුද සමයේ යොදා ගැනුණු ගුවන් හමුදා යානා, U2 කේලමුන් හා A10 ප්‍රහාරක යානාද සේවයෙන් විශ්‍රාම ගන්වන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම සැලසුම සඳහා ඇමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය යුතු අතර, ඒ තීරණය මත මෙහි වෙනසක් සිදුවිය හැකි බවද පැවසෙයි.
ඇමෙරිකානු හමුදාවන්ට මේ ආකාරයෙන් තම බල පරාක්‍රමය අඩුකර ගැනීමට සිදුවී ඇත්තේ විදේශයන්හි අධික පිරිවැයක් දරමින් සිදුකරන යුද්ධයන් නිසා බවද කියැවෙයි.