ඇමෙරිකානු සමාගම් කිහිපයක පරිගණක පද්ධතිවලට හොර රහසේ ඇතුළු වී ඒවායේ දත්ත සෝරාගත් බවට චීන හමුදා නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණය කටයුතු කර ඇති බවත්, මෙවැනි සයිබර් චරපුරෂ සේවයක් සම්බන්ධ ප්රථම සිදුවීම මෙය බවත් වාර්තා වෙයි.
ඇමෙරිකානු නිතිපති එරික් හෝල්ඩර් පෙන්වාදෙන පරිදි මෙය සැලකිය යුතු මට්ටමේ ප්රශ්න කළ යුතු සිදුවීමකි.
ඇමෙරිකාන් නීතිවේදීන් පෙන්වාදෙන පරිදි මොවුන් ඇමෙරිකානු සමාගම් පහක රහස්ය වෙළෙඳ තොරතුරු හා කම්කරු සංගමයක තොරතුරුද මේ ආකාරයෙන් අනවසරයෙන් පරිගණක යන්ත්රවලට ඇතුළුව සෝරාගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම චෝදනා තරයේ ප්රතික්ෂේප කරන ඇමෙරිකාව කියා සිටින්නේ මෙය ඇමෙරිකානු හා චීන සබඳතාවලට බලවත් පහරක් වනු ඇති බවයි.