ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වන ධවල මන්දිරය වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබුණි.
බැක්පැකර් හෙවත් පසුපස විශාල බෑගයක් රැගෙන සංචාරයේ යෙදෙන මෙම පුද්ගලයා ධවල මන්දර අංගනය වෙත අනවසරයෙන් ඇතුළු වී සිටියදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේදීය.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ධවල මන්දිරයේ රැඳී සිටි බවත්, මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සැකකටයුතු කිසිවක් ඔහු සන්තකයේ තිබී සොයාගැනීමට නොහැකි වූ බවත් ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
මෙම සිදුවීමෙන් පසුව ධවල මන්දිරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, එම භූමිය විශේෂ පරීක්ෂාවකට බඳුන් වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ධවල මන්දිර භූමියට අනවසරයෙන් පුද්ගලයන් ඇතුළු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, පසුගිය ජනපති බරැක් ඔබාමාගේ පාලන සමයේදීද අවස්ථා කිහිපයකදීම පුද්ගලයන් අනවසරයෙන් ඒ වෙත පිවිස තිබුණි.