ආරක්ෂාව පතා පොලීසියට ආ අමුත්තා
සාමාන්‍යයෙන් පොලීසියකට දුවන්නෙ කරදරයක් වුණාම. ඒත් පොලීසිවලදිත් කරදර වුණු අවස්ථා ගැන අපට වටින් ගොඩින් ආරංචි නොවෙනවාම නෙමෙයි.
හැබැයි මේ කතාව ටිකක් වෙනස්. බ්‍රිතාන්‍යයේ පොලිස් ස්ථානයක් වෙත හදිසියෙම අමුත්තෙක් පැමිණියා. කිසි ඇහිල්ලක්, බැලිල්ලක් නැතිව මෙයා පොලීසියෙ ඉදිරිපස දොරටුවට පැමිණෙන කොට එය ස්වයංක්‍රීයවම ඇරුණා.
හැබැයි පොලීසියට මේ විදියට කඩාගෙන එන කෙනා සාමාන්‍යයෙන් පොලීසියකට එන්නෙ නැති කෙනෙක් නිසා පොලීසියේ සිටි අයෙක් මෙයාව වලක්වන්න උත්සාහ කළා. නමුත්, වැඩේ සාර්ථක වුනේ නැහැ. මෙය කාගෙවත් කීමට අවනත නොවී කෙලින්ම පොලීසිය ඇතුළට ගියා.
මේ විදියට පොලීසියට ඇතුළු වෙලා තිබුනෙ අශ්වයෙක්. පසුව සොයා බලන කොට, ඒ පළාතෙ ගොවිපළක සිටි මේ අශ්වයාගේ රැහැන් ගැලවිලා ගිය නිසා, නැවත තමන්ගේ ගොවිපොළ සොයා ගැනීමට නොහැකිව තමයි මේ විදියට පොලීසියට ඇවිල්ල තියෙන්නෙ. ඒ කියන්නෙ, තමන්ගේ ආරක්ෂාව සොයාගෙන පොලීසියට ඇවිල්ලා.
ඒ පොලීසියේ මහත්වරුත් කියල තිබුණේ ඕනෑම කෙනෙකුට තමන්ගෙ පොලීසියෙ දොරගුළු විවෘතයි කියලයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
