නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ, පක්ටිකා පළාතේ, කාර්ය බහුල වෙළෙඳ පොළක සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 89ක්වත් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයට පැමිණි පිරිස් 4x4 රථයක නැගී වෙළෙඳ පොළ වෙත කඩා වැදෙමින් එය පුපුරුවා හැරි බවයි.
එම අවස්ථාවේදී එකී වෙළෙඳ පොළ ජනයාගෙන් පිරී පැවති අතර, ජනතාව සිය දෛනික කටයුතුවල නිරතව සිටි බව කියැවෙයි.
ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා බී.බී.සී. පුවත් සේවයට පවසා සිටියේ සිය හමුදාවන් මුත්‍ර ශරීර 40ක් පමණ සුන්බුන් අතරින් සොයාගත් බවයි.
අපේ හමුදාවන් තවදුරටත් සෝදිසි මෙහෙයුම්වල නිරත වෙනවා. වෙළෙඳ පොළේ සියලුම වෙළෙඳ සැල් පාහේ විනාශ වී ඇති බවත් වාර්තා වෙනවා යැයි හෙතෙම පැවසීය.