යම් කිසි පුද්ගලයෙකු ප්‍රාණ ඇපකරුවෙකු ලෙසින් තබා ගන්නා අවස්ථාවකදී හෝ ලිංගික පීඩාවකට පත් කරන අවස්ථාවකදී ලබාගත් ඔහුගේ හෝ ඇයගේ මුහුණේ ඡායාරෑපයක් ආධාරයෙන් එම අපරාධකරුවන් හඳුනාගත හැකි අලුත්ම ක්‍රමයක් පිළිබඳව යෝක් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් කර තිබෙනවා.
මෙහිදී සිදුවෙන්නේ එම පීඩාවට පත්වෙන්නාගේ ඇසෙහි කණිනිකාවේ සටහන්වන තමන්ගේ ඉදිරියෙන් ඇති පුද්ගලයන්ගේ පරාවර්තිත ඡායාරූප ආධාරකරගැනීමයි. අපගේ ඇසක කණිනිකාව සෑම විටකදීම කලුපැහැති කණ්නාඩියක් ලෙස ක්‍රියා කරන බව මෙම අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂකයා වන වෛද්‍ය ජෙන්කින්ස් පවසා සිටිනවා.
ඒ අනුව අප ආගිය තැන්, අප ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඡායාරූපවල ඇති ඇස්මගින් අනාවරණය කෙරෙන බව ඔහු සඳහන් කරනවා.අඩු විභේදනයක් හෙවත් ලෝ රෙසලියුෂන් සහිත පාස්පෝට් ඡායාරූපවලදී පවා මෙවැනි විස්තර සොයා ගත හැකි බව පැවසෙනවා.මේවා ආධාරයෙන් අපරාධකරැවන් සොයා යන පොලිසියට බොහෝ උදව් උපකාර ලැබෙන බවත් වෛද්‍ය ජෙන්කින්ස් පවසනවා.
මේ අධ්‍යනයන සඳහා ග්ලැස්ගෝ විශ්වවිද්‍යාලයේද සහාය හිමිව තිබෙන අතර මෙහිදී පුද්ගලයින් අට දෙනෙකු ඉදිරියේ තවත් සිව් දෙනෙකු තබා ගනිමින් ඡායාරූප අටක් ගෙන තිබෙනවා. එහිදී අවස්ථා 84% කදී ඔහු හෝ ඇය ඉදිරියෙන් සිටින පුද්ගලයින් කවුද යන වග කණිනිකාවේ පරාවර්තනය වන ඡායාරූපය හරහා ගඳුනාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
එය සාර්ථක නොවූ තැන දෙවැනි ඡායාරූපයත් සසඳමින් සිදුකළ පරීක්ෂණයේ සියයට 71ක් සාර්ථකවී තිබෙන බව සඳහන් වෙනවා. ඉංග්‍රීසියෙන් පියුපිල් ලෙසින් හැඳින්වෙන කණිනිකාව යන්න පැමිණ ඇත්තේ ලතින් භාෂාවේ ඇති පියුපිලියා යන වචනයෙනුයි. එහි තේරැම වෙන්නේ තරැණිය හෝ බෝනික්කිය යන්නයි. ඒ අනුව මෙහිදීත් යමෙකුගේ කනිනිකාව දෙස බැලූ විට එහිදී අපට කුඩා බෝනික්කියකගේ ආකාරයේ පෙනීමක් දැකගත හැකි වන බව මෙම පර්යේෂකයින් පවසනවා.