රුසියාවේ හිටපු බුද්ධි නිලධාරියෙකුට හා ඔහුගේ දියණියට රුසියාව විසින් විෂ ශරීරගත කිරීමක් සිදුකළේ යැයි පවසමින් බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ළදරු ක්‍රීඩාවක නිරත වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් චෝදනා කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සෑම රටක්ම පාහේ කිසිදු ආකාරයකින් පිළිගත නොහැකි ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින්, මහා බොරුවක් සහ වංක තොරතුරු සමුදායක් මුදාහරිමින් සිටින බවයි.
මෙම සිදුවීම මූලික කරගනිමින් රුසියානු රාජතාන්ත්‍රිකයන් සිය ගණනක් මේ වනවිටත් බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවල් 29කින් නෙරපා තිබේ.
කෙසේ වෙතත්, මේ සිදුවීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඊයේ දිනයේදීද රුසියාව විසින් යළිත් අවධාරණය කර තිබුණි.