BringBackOurGirls දේශපාලන න්‍යාය පත්‍රයක්
බොකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගත් ගැහැණු දරුවන් මුදාගැනීමට ක්‍රියාකරන #BringBackOurGirls සංවිධානය මේ සිදුවීම තුළ දේශපාලන වාසි ලබන බව නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් පවසයි.
ත්රස්තයන් විසින් පැහැරගනු ලැබූ ගැහැණු දරුවන්ගේ දෙමවුපියන් හමුවීමෙන් පසු හෙතෙම මේ බව පවසා සිටියේය.
ජනාධිපතිවරයා කියා සිටින්නේ ත්රස්තයන් අතට පත්ව සිටින දරුවන් පිරිසක් දඩමීමා කරගෙන සිය දේශපාලන න්‍යාය පත්රයන් ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් #BringBackOurGirls වැනි සංවිධානයන් ලැජ්ජාවට පත්විය යුතු බවයි.
බොකෝ හරාම් ඉස්ලාමීය ත්රස්තයන් පසුගිය අප්‍රේල් මාසයේදී එරට පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ගැහැණු දරුවන් 200ක් පමණ පැහැරගත් අතර, එම දරුවන් තවමත් මුදාගැනීමට එරට රජයට නොහැකි වී තිබේ. මේ තත්ත්වය තුළ ගුඩ්ලක් ජොනතන් ජනාධිපතිවරයා දැඩි දෝෂදර්ශනයකට ලක්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

