යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ බහුතර ජනතාව කැමැත්ත පළ කිරීමත් සමග එරට ඇති වූ දේශපාලන කැළඹීම බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම විපක්ෂය වන කම්කරු පක්ෂයද ඉරි තලා යෑමට හේතු වී තිබේ.
එහිදී, කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ජනමත විචාරණය සඳහා දේශපාලන ව්‍යාපාරය මෙහෙය වූ ආකාරය සම්බන්ධයෙන් විරෝධය පාමින් කම්කරු පක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අඩක් පමණ අද (26දා) ඉවත් වන බව පවසා තිබුණි.
බ්‍රිතාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ පිළිතුර නිසියාකාරව හැඩගැස්වීමට ජෙරමි කෝබින්ට හැකියාවක් නොවූ බව මෙම ඡායා කැබිනට් මණ්ඩලයෙන් මුලින්ම ඉවත් වීමට නියමිතව සිටි සෞඛ්‍ය කටයුතු පිළිබඳ ලේකම් හයිඩි ඇලෙක්සැන්ඩර් පවසා සිටියේය.
කෙසේ වෙතත්, මීට පෙර කම්කරු පක්ෂ 'ඡායා කැබිනට් මණ්ඩලයේ' විදේශ ලේකම් හිලරි බෙන් එම තනතුරින් ඉවත්කර තිබුණේ, සිය සගයන්ට ඉල්ලා අස්වීමට පෙළඹවීමක් සිදුකළ බවට චෝදනා නගමිනි.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන තොරතුරු අනුව එරට කම්කරු පක්ෂයේ බොහෝ සාම්ප්‍රදායික ඡන්දදායකයන් Brexit ජනමතවිචාරණයේදී ඡන්දය පාවිච්චි කර තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහාය.