ඇෆ්ගනිස්තානයට සාමය අවශ්‍ය නම් එරට තුළ රැඳී සිටින සියලු විදේශීය හමුදා ඉවත් විය යුතු බව තලේබාන් සංවිධානයේ නව නායක මුල්ලාහ් හයිබතුල්ලාහ් අක්හුන්ඩ්සාඩා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.
දශක කිහිපයක් පුරා ඇදී ගිය යුද්ධය නිමවා රටට සාමය උදාකිරීමට නම් ඉස්ලාමීය නීති මූලධර්ම කරගනිමින් කටයුතු කළ යුතු බවද ඔහු පවසා තිබේ.
පසුගිය මැයි මාසයේදී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ හිටපු නායක මුල්ලාහ් අඛ්තාර් මොහොම්මද් මන්සූර් ජීවිතක්ෂයට පත්වීමත් සමග එම සංවිධානයේ නායකත්වයට පත් අක්හුන්ඩ්සාඩා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකෙයි.
ළඟ එන ඊද් උත්සවය සමග තලේබාන් නායකයාගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඔවුන්ට ඉස්ලාමීය මූලධර්ම මත ඇෆ්ගනිස්තාන රාජ්‍යය ගොඩනැගිය යුතු බවය. එමෙන්ම, තම සංවිධානයට තනි බලයක් අවශ්‍ය නොවන බවත්, ඇෆ්ගනිස්තානයේ සියලු ගෝත්‍ර හා ජාතීන්ටද එම බලය හිමි විමේ වරදක් නොමැති බවද ඔහු පවසා තිබේ.