හෝම්ස් වෙතින් ඉවත්වීමට අවසර
ගැටුම් හේතුවෙන් සිරියාවේ හෝම්ස් නගරයේ කොටුවී සිටින කාන්තාවන්ට හා දරුවන්ට ඉන් ඉවත්වීමට සිරියානු රජය අවසර ලබාදුන් බව එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතවරයා පවසයි.
ලඛ්දාර් බ‍්‍රහීමී වැඩිදුරටත් පවසා සිටියේ වැඩිහිටි පුරුෂ පක්ෂය ඉන් ඉවත්වන්නේ නම් ඔවුන්ගේ නම් ලැයිස්තුවක් රජයේ පාර්ශ්වය ඉල්ලා සිටි බවය. එය ඔවුන් සටන්කාමීන් නොවන බව තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් බවද හෙතෙම පවසයි.
මේ තත්ත්වය තුළ අද (27දා) සිට මානුෂීය මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට හෝම්ස් වෙත ඇතුළු වීමට හැකිවනු ඇති බවට බ‍්‍රහීමී විශ්වාසය පළ කරයි.
මේ අතර, සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින්නන්ගේ ලැයිස්තුවක් රජයේ පාර්ශ්වය වෙත ලබාදීමට විරුද්ධ පක්ෂ ජිනීවා සාකච්ඡාවලදී කැමැත්ත පළ කළ බවද බ‍්‍රහීමී වැඩිදුරටත් පෙන්වා දෙයි.
සිරියානු සාම සාකච්ඡා ඇරඹීමෙන් පසු මෙය යම් අස්වැසිල්ලක් ලැබිය හැකි ආරම්භක ප්‍රගතියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

