මීට පෙර සමූහ දූෂණ සිදුවීම් දෙකකට සම්බන්ධව වරදකරුවන්ව සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු ස්ත්‍රී දූෂණය සම්බන්ධ නව නීති යටතේ නැවතත් වැරදිකරුවන් බවට පත්ව ඇති අතර, ඔවුන්ට මරණ දඬුවම හිමිවනු ඇති බව පැවසෙයි.
ඔවුන් විසින් පසුගිය වසරේදී අත්හැර දැමුණු රෙදි කම්හල් භූමියකදී දුරකථන ක්‍රියාකරවන්නියක හා ඡායාරූප මාධ්‍යවේදිනියක අවස්ථා දෙකකදී දූෂණය කර තිබුණි.
මෙම නඩු විභාගයන් දෙකම මාස හතකින් අවසන් කිරීම වෙනුවෙන් වේගවත් අධිකරණ ක්‍රියාවලියක් සිදුවුණු බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
18 හැවිරිදි දුරකථන ක්‍රියාකරවන්නියක් සමූහ දූෂණයට ලක්කිරීම හේතුවෙන් වරදකරුවන් වූ පුද්ගලයන් හතර දෙනෙකු පසුගිය මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්විය.
මින් තිදෙනෙකු පසුගිය අගෝස්තු මාසයේදී ඡායාරූප මාධ්‍යවේදිනියක සමූහ දූෂණයට ලක්කිරීම වෙනුවෙන් වරදකරුවන් බවට පත්ව දඬුවම් නියම වූවන්ය.
ඔවුන්ට දඬුවම් නියම කිරීම හෙට සිදුවනු ඇති බව පැවසෙයි.