පාකිස්තානයේ තලේබාන් ත්රස්තයන්ගේ වෙඩි පහරට ලක්වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි ප්‍රථම වරට යළිත් සිය උපන් ගම්මානය වෙත පැමිණ තිබේ.
අද 20 වැනි වියෙහි පසුවන මලාලා 2012 වසරේදී එවකට කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාකිරීම හේතුවෙන් තලේබාන් ත්‍රස්ත වෙඩි පහරකින් හිසට දරුණු තුවාල ලැබීය.
අයගේ උපන් ගම්මානය වන ස්වැට් ප්‍රදේශය මෙන්ම, මින්ගෝරා ගම්මානය එවකට ත්රස්තයන්ගේ රජ දහනක්ව පැවති ප්රදේශයකි.
කෙසේ වෙතත්, ඇගේ පැමිණීම සිදුවන අවස්ථාවේදී ඇයගේ උපන් ගම්මානයේ වූ ඇගේ නිවස වෙත වූ මාර්ග සම්පූර්ණයෙන් පොලිස් ආරක්ෂාව යොදා වසා දමා තිබී ඇත්තේ ඇයට නිරුපද්‍රිතව සිය ගම්මානය වෙත පැමිණීමට ආරක්ෂාව සපයමිනි.
ඇය පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍යයේ සිට පාකිස්තානය වෙත පැමිණි අතර, ඇය අගමැති කාර්යාලයේ සිට වඩාත් හැඟීම්බර දේශනයක්ද පවත්වා තිබුණි.
"යළිත් පාකිස්තානයට යෑම මගේ හීනයක් වුණා. අතීතයේ මෙන්ම සාමයෙන් පිරි පරිසරයක්, මට බියක් සැකක් නොමැතිව මාර්ගවල ගමන් කිරීමට හැකි පරිසරයක්, මිනිසුන් හමුවීමට හැකි වාතාවරණයක්, ඔවුන් සමග අදහස් බෙදාහදා ගැනීමට හැකි ඉඩක් මා සෑම විටම ප්‍රාර්ථනා කළා.
අවසානයේ මම යළිත් මගේ පැරණි නිවසට පැමිණියා. එය සැබෑ ලෙසම සිදුවුණා. මේ අවස්ථාව මට උදාකර දුන් සැමට ස්තූතිවන්ත වෙනවා." යැයි ඇය පවසා තිබුණි.
මලාලා පදනමේ සාමාජිකයන් පිරිසක්ද ඇයත් සමග මෙම සංචාරයට එක්ව තිබුණු අතර, ඇගේ පාකිස්තාන සංචාරය දින හතරකට පමණක් සීමා වී තිබුණි.