මේ වනවිට 440 කට ආසන්න පිරිසකට ආසාදනය වී ඇති නව කොරෝනා වෛරසයක් පැතිරීම වසන් නොකරන ලෙස චීනයේ ඉහළ පෙළේ නායකයින් පහළ මට්ටමේ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව මෙම වෛරසය පැතිරීම සම්බන්ධ සිද්ධීන් සඟවා තබන ඕනෑම කෙනෙකු 'සදාකාලයටම ලැජ්ජාවේ කණුව මත ඇණ ගසනු ලැබේ' යැයි නීතිය හා සාමය පිළිබඳ වගකිව යුතු දේශපාලන මණ්ඩලය පවසා ඇත.
නියුමෝනියා තත්ත්වයක් ඇති කරන මෙම වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශ කිරීමත් සමග මෙම අනතුරු ඇඟවීම සිදුව තිබේ.
වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි බවද මේ වනවිට තහවුරු වී ඇත.
සූකර උණ සහ ඉබෝලා වැනි මෙම කොරෝනා වෛරසයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද දිනයේ සලකා බලනු ඇත. එවැනි ප්‍රකාශයක් කළහොත් එය සම්බන්ධීකරණ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් සඳහා වන හදිසි කැඳවීමක් ලෙස පෙනෙනු ඇත.