ඉන්දුනීසියාවේ IS ත්‍රස්ත නායකයා වෙඩි තබා මරයි
ඉන්දුනීසියාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයෙකු වූ සන්ටෝසෝ මරා දැමීමට හැකි වූ බව එරට පොලීසිය කියයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සහාය දක්වන ඉන්දුනීසියානු සටන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මොහු මධ්‍යම සුලවාසි ප්‍රදේශයේ වනාන්තරයක් තුළදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීව්තක්ෂයට පත්වූ බව පොලීසිය විශ්වාස කරයි.
එහිදී, ඔහු මෙම ත්රස්තවාදියා දැයි සැකහැර දැනගැනීම සඳහා ඔහුගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමටද පොලීසිය කටයුතුකළ බව එම මෙහෙයුම දියත්කළ පොලිස් ප්‍රධානියා පවසා තිබේ. එමෙන්ම, මෙම මෙහෙයුම එරට ආරක්ෂක අංශ විසින් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද කියයි.
මෙම පුවත දැනුම්දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී මෙම මරණය ප්‍රකාශ වීමත් සමග දෙවියන්ට ස්තූතිවේවා යනුවෙන් බොහෝ දෙනෙකු ඔල්වරසන් දුන් බවද ඉන්දුනීසියාවෙන් වාර්තාවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

