ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට 5 වැනි ප්‍රමාණයේ චණ්ඩ මාරුතයක් කඩාවැදීමට සූදානම් බවත්, පැයට සැතපුම් 177ක පමණ වේගයෙන් සුළං බලාපොරොත්තු විය හැකි මෙය ඉටා ලෙස නම් කර ඇති බවත්, එරට කාලගුණ විද්‍යා බලධාරීහු පවසති.
ඉටා චණ්ඩ මාරුතය වේගවත් සුළං සමගින් සිකුරාදා රාත්රියේදී කේප් යෝර්ක් අර්ධද්වීපයට මුලින්ම බලපෑමක් ඇතිකරනු ඇති බව කාලගුණ අංශ වැඩිදුටරත් පෙන්වා දෙයි.
එහිදී වෙරළාශ්‍රිතව චණ්ඩ මුහුදු රලින් හානි පැමිණවිය හැකි බවත්, කුණාටුව සමග දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම චණ්ඩ මාරුතය 2011 වසරේ බලපෑ යාසි චණ්ඩ මාරුතයෙන් පසුව ක්වීන්ස්ලන්තයට බලපාන ප්රබලතම චණ්ඩ මාරුතය වනු ඇති බවද කියැවෙයි.