මේ දිනවල හැම නිවසකම පාහේ උණ රෝගියෙක් ඉන්න පුලුවන්. ඒ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන උණ රෝග කීපයක්ම පවතින නිසයි. වෛරස් උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා එච් වන් එන් වන් රෝග තත්ත්වයන් ඒ අතරින් ප්‍රධානය. උණ ඇති වූ විට නිසි විවේකයක් ලබාදෙමින් නිසි පෝෂණයක්ද සපයන්නේ නම් එයින් යම් සහනයක් ලැබීම ස්තීරය.
උණ සැදුණු විට ආහාර අරුචිය ඇතිවන බව ඔබ අත්දැකිමෙන් දන්නවා ඇත. කැම කන්නට බැරි යැයි පවසා ආහාර නොගෙන සිටිමෙන් සිදුවන්නේ ශරීරය දුර්වල වීමය. උණ සෑදුන විට රෝගියෙකුට දියර ආහාර වරිග වැඩිපුර ලබාදිය යුතු අතර පහසුවෙන් දිරවිය හැකි ආහාර ද ඒ හා සමානව ලබා දිය යුතුය. උණ යනු රෝගයක් නොවන නමුත් රෝගවල ප්‍රධාන ලක්ෂණයක් සේ මතුවන තත්ත්වයකි. එහිදී දින දෙකකට වඩා උණ පැවතුණහොත් ඔබට ආසන්නම රෝහල හෝ වෛද්‍යවරයෙකු වෙත එළැඹ පරීක්ෂාවට ලක් විය යුතුය.
මන්ද ඇතැම් විට ඩෙංගු වැනි තත්ත්වයකදී එක වරම උණ බැසගොස් සුව පත් වූවාය යන හැගීම ලබා දී පසුව එක වර රෝගයේ උත්සන්න අවදියට පැමිණෙන බැවිනි. උණ ඇති වී තිබෙන්නේ කිසියම් වෛරස් රෝගයකට ගොදුරුවීමේ ලක්ෂණයක් ලෙස නම් රෝගී පුද්ගලයාට වඩාත් හොඳින් ආහාර ලබා දෙන්නට වග බලාගන්න. බොහෝ විට පැපොල වැනි වෛරස් රෝගවල දී මතුවන උණ තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු නැතැයි ඇතමුන්ගේ මතයක් පවතී.
ඇතමුන් කිලි යැයි පවසමින් බිත්තරයක් පවා නොදෙන අවස්ථා පැවතියත් එවන් රෝගීන්ට මනා පෝෂණයක් සහිත දිරවීමට පහසු ආහාරවේලක් ලබා දිය යුතුය. නමුත් ඒ ආහාරවේල ශක්තිජනක ආහාරවේලක්ව පැවතිය යුතුය.රෝගියාගේ ආහාරවලට විටමින් සී සහ ඒ අඩංගු වට්ටක්කා පලා වර්ග සහ කැරටි වැනි දෑද පලතුරුද ආහාරවේලට එක් කරන්න දොඩම් නෙල්ලි වැනි ඉහල අගයක් ගන්නා විටමින් සි සහිත පලතුරු ඒ සඳහා වඩාත් සුදුසුය.
සුභාෂි