දූෂණය මඩින්න සමාජය තුළ නිර්මාණයවූ කතිකාවත සංගායනාවක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා 26 වැනිදා රේගුවේඋත්සවයකදී පැවසීය.
එසේනම් සංවාදයක් හෝ සංගායනාවක් ගොඩනැගී ඇත්තේ දූෂණයට විරුද්ධවූ යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන්ද, නැතහොත් දූෂිතයන් රැකගැනීමට නායකයන් ගන්නා සටකපට උත්සාහයට එරෙහි විරෝධතාවක් ලෙසද යන්න සියුම්ව හැදෑරිය යුතු කරුණකි.
2015 වසරේ ලෝක දූෂණදර්ශකයේ රටවල් 168 අතරින් ශ්‍රී ලංකාවට 83 වැනිස්ථානය හිමිවිය.එහෙත් 2016 වසරේදී රටවල් 176 ක් අතරින් 95 වැනිදූෂිත ඉහළ ස්ථානය හිමි විය. 2014 දී රටවල් 175කින් ශ්‍රී ලංකාව 85 වැනි පහළ ස්ථානයේ සිටියේය.
නමුත් දර්ශකය ගණනය කිරීමේදී ලංකාව 2015 සහ 2016 වසර දෙකේදීම ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 36 කි.එයින්ද හැඟෙන්නේ නව අණපනත් සම්මත කර ආයතන බිහි කළද පුරාජේරුව මිස දූෂිතයන් වෙනස් නොකර දූෂණය පිටුදැකිය නොහැකි බවට ප්‍රබල තර්කයකි.
මානව හිමිකම් රැකගැනීම වෙනුවෙන්උත්සාහ කරන රාජ්‍යයන් දූෂණය අවම කළ රටවල් ලෙස ඉදිරියෙන් සිටියි.දූෂණයෙන් අවම රටවල් ලැයිස්තුවට ඩෙන්මාර්කය, නවසීලන්තය, පින්ලන්තය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව, නෙදර්ලන්තය, කැනඩාව, ජර්මනිය, ලක්ෂම්බර්ග් සහ එක්සත් රාජධානිය ඇතුළත්ය.
දූෂණයෙන් ඉහළ රාජ්‍යයන් ලෙස දර්ශකයේ 176 වැනි තැන සෝමාලියාවත්, 175 ස්ථානයේ දකුණු සූඩානයත්,174 වැනි තැන උතුරු කොරියාවත්, 173 ස්ථානයේ සිරියාවත් රැඳී සිටියි. යේමනයත්, සුඩානයත්, ලිබියාවත් 170 ස්ථානයේ රැදෙන විට ඇෆ්ගනිස්තානය 169 සහ ගිනිබිසව් රාජ්‍යය 168 වැනි තැන නියෝජනය කරයි. වෙනිසියුලාව 168 සහ ඉරාකය 166 යන ස්ථානවලට පත්ව සිටියි.
අල්ලස් පනත අනුව දූෂණය යනු බලය අයුතු ලෙස පාවිච්චියට යොදාගැනීම නම් ඒ හැමතැනකම මුදුන්මුල බවට දේශපාලනය පත්විය.ඒ මුදුන්මුල විසින් ජාතික සාරය උරාබී අතුලියලා වැඩෙන විට එහි හටගත් බීජ වශයෙන් ප්‍රාදේශීය සහ පළාත් වශයෙන් දූෂිතයෝ රැලක්දබිහි වූහ.
එය තවදුරටත් විකාශය වෙමින් ගමේ මරණාධර සමිතිය, සමූපකාර අධ්යක්ෂ මණ්ඩලය, ග්‍රාම සංවර්ධන සමිතිය දක්වා බලයත්, වංචාවත් වෙනුවෙන් සක්‍රිය වූ දූෂණ ගණනාවක් සිදු විය.
නමුත් දූෂණයට තිත තබන්නෙමුයි හෝ තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් කරමුයි කී යහපාලන ආණ්ඩුව අදටත් දූෂණය සහ දූෂිතයා හඳුනාගත නොහැකි අර්බුදයක පැටළී ඇතැයි සියල්ල දෙස විමසිලිමත්වූ ජනතාව ප්‍රශ්න කරති.එහෙත් යහපාලනයට ඇත්තේද පිළිතුරු දෙකකි.ඒ“අපිටත් ප්‍රශ්නයක් තියෙනවා හෝඒ අයට වෙන දේ ළඟදීම බලන්න”යනුවෙන් ක්‍රියාවටත් වැඩි දූෂිත වචන දෙක තුනකි.
දූෂණය නමැති ක්‍රියාව නිසා රට තුළ සිදුවන පුද්ගල, දේශපාලන, සමාජ සහ ආර්ථික ව්‍යුහයේ විනාශය සඳහා කෙතරම් මුදලකින් තක්සේරුවියයුතුද යන්න විමසිය යුතුය.නමුත් එය ඇගයීමට ප්‍රමාණත්මක ගණිතක්රමයක්හෝ ගුණාත්මක හර පද්ධතියක්ද නැති තරමට මේ ක්‍රියාව අති භයානක දෙයකි.
දූෂණය ක්‍රියාවෙන්ම පිටු දැකීමටදේශපාලකයන්ට උවමනාවක් තිබේද යන්න සියුම්ව විමසිය යුතු කරුණකි.එයට වඩාත් උචිත මිනුම් දණ්ඩවන්නේ වත්මන් රාජ්‍ය තුළ දූෂිතයන් සිටිත්ද යන්න සහ ඔවුන්ට එරෙහිව ගන්නා පියවර කුමක්දැයි යනුවෙන් ජනතාව අසන පැනයට රජය විවෘත පිළිතුරක් ලෙස කඩිනම් පියවර ගැනීමකි.
දූෂණය පිටුදැකීම සඳහා වන සංගායනාවේ ප්‍රවේශය වෙනුවෙන් රාජ්‍ය පාර්ශ්වයෙන් ලද අනුබලය කුමක්ද?අල්ලස් කොමිසම සහ එෆ්.සී.අයි.ඩි.ය ප්‍රධාන වෙයි.එහෙත් 6000කට වැඩි පැමිණිලි වෙනුවෙන් 190 ක් වූ නිලධාරීන් පිරිසකට මේ කාර්යය කඩිනම් කළහැකිදැයි ජනතාව විමසති.නිලධාරීන් පවසන්නේ කළ නොහැකි බවට මැසිවිල්ලකි.
ඉකුත් 25 වැනිදාපැවැති බැඳුම්කර විවාදය අවසානයේ ජනාධිපතිවරයා 'දෙගොල්ලම හිතේ හැටියට නාගත් බව' සිය නිරීක්ෂණය ලෙස අනාවරණය කළේය.එහෙත් නායකයන්ද, පාලකයන්ද මාස 18 ක් තිස්සේම හිතේ හැටියට ලස්සනට අනාගනිමින් ජාත්‍යන්තරයම ගඳගැස්වූ බව මේ දෙස බලා සිටියවුන් පෙන්වා දුන්හ.කොටස් වෙළෙඳ පොළ කඩාවැටීම මෙන්ම දූෂණ දර්ශකයේ ඉහළයාමද එයට සාක්ෂි වශයෙන් තවදුරටත් ඔවුහු අනාවරණය කරති.
පාර්ලිමේන්තුව නමැති උත්තරීතර ආයතනය තුළ ජනතා නියෝජිතයන්ට දිනකට රුපියල් පන්දහසක දීමනාවක් සහ එක් අයෙකු වෙනුවෙන් රුපියල් පනස්දහසකට ආසන්න ගමන්, ආහාර, දුරකථන, කාර්යමණ්ඩල නඩත්තුකෙරෙයි.එහෙත් අවසානයේ රටේ විධායක ජනාධිපතිවරයාටම සිදුවන්නේ දූෂණය පිළිබඳ පැවැති විවාදය නාගැනීමක් බවට අර්ථගැන්වීමට නම් පාර්ලිමේන්තුවතුළ ඇසෙන සංගායනා පිළිබඳ කවර කතාදැයි ඉච්ඡාභංගත්වයට පත් ජනතාව අසන ප්‍රශ්නයද අසාධාරණ නැත.
පනත් සම්මත කරගත් පමණින් හෝ විවාද පැවැත්වීමෙන් පමණක් දූෂණය වැළැක්විය නොහැකි බව පාලකයන් නොසිතීම කෙරෙහි ජනතාවට ඇත්තේ පුදුමයත්, සැකයත්, පිළිකුළත් නම් ඒ ඇත්ත වටහාගැනීමට හෝ දූෂණයට එරෙහි පාලකයන්ට ඇති නොහැකියාවද ජනතාවගේ තවත් පැනයකි.
මෛත්‍රීපිළ විසින් දූෂිතයන්ට ආසන සංවිධායකකම් දෙමින් දූෂණයට තිත තැබීම වෙනුවට දූෂිතයන් රැකගැනීම පිළිබඳ ජනාධිපතිවරයාටත්, ශ්‍රීලනිපයේ මෛත්රීපිළටත් සිය පාරිශුද්ධත්වය පිළිබඳ අප්රතිකාරී චෝදනාවක් එල්ලවීම ඉදිරි මැතිවරණවලදීද ඔවුන්ට අභියෝගයක් වනු ඇත. එදා මේ අය හොරකම් කළත්, අද හොරකම් නොකරන බවට හෝ එදත් අදත් සුපුරුදු දූෂණයේ යෙදුණද පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් බවට තීන්දු කර නැති නිසා ඔවුන්දූෂිතයන් ලෙස පිළිගත නොහැකි බව පවසා අදටත් දූෂණයේ යෙදෙන බවටද රාවයකි.
සිංගප්පූරුවේ හෝ ඇමෙරිකාවේ මන්ත්‍රීන්ගේ වැඩි වැටුප් ගැන කතා කරන ධනවාදී දේශපාලකයන්ට කොයි රටක හෝ පවතින යහපත් දේ ආදර්ශයක් ලෙස පිළිගැනීමට ඇති අකමැත්තද දූෂණයට තවත් අනුබලයකි.ඒ රටවල් දූෂණය අවම කරගෙන ඇත්තේ කෙසේදැයි විමසා සිටීමට කිසිදු පාලකයෙකු කමැති නැත. ඒ එසේ විමසුවහොත් තවදුරටත් දූෂණයේ යෙදීමට ඇති නොහැකියාව තමන්ගේ බල පරාක්රමයට ඇතිකරන හානිය ඔවුන් මැනවින් දන්නා හෙයිනි.
රටක දූෂණය වැළැක්වීම යනු රටේ ජාතික ධනය විනාශවී යාම අවම කිරීමකි.මිනිස් ජීවිතයට වටිනාකමක් ලබාදීමකි.මානව ගරුත්වය ආරක්ෂා කිරීමකි.එහෙත් “දූෂිතයන්ගේ ලිපිගොනු මගේ ළඟ තියෙනවා” යැයි මැතිවරණයට පෙර කළ කතාවත්, ඒ දූෂිතයන්ට එරෙහිව පියවර නොගත් නිසා තමන් මේ තත්ත්වයට පත්වූ බවට මැතිවරණයෙන් පසු කළ කතාවත් ජනතාව “මෛත්‍රීටත් ඒ ටිකමද'' යනුවෙන් සිහිපත් කරති.
මහහොරුන් සඳහා ජනවාරි මුල්සතියේ විශේෂ අධිකරණයක් පිළිබඳ පනතක් ඉදිරිපත්කරන බවට අමාත්‍ය සරත් අමුණුගම පැවසුවද අද දක්වා එම පනත ගැන ඇසුණේ නැත.මෛත්‍රී පිළේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත තමා “එෆ්සීඅයිඩිය නීති විරෝධී බව එදත් කී පරිදිම අදත් කියන බවට” ගතවූ සතියේ මාධ්‍ය හමුවකදී තහවුරු කරන විට එජාපයේ ඇතැමුන් පවසන්නේ ඔහුට එරෙහිවද ගතවූ කාලයේ යම් චෝදනා තිබෙන බවට වෙනත් කතාවකි.
“පාලකයන් දූෂිතයන්ට එරෙහි වෙමු'' යි දෙවුන්දර නිලමේකෙරෙහි රජයේ නීතිය නැමූ නැවිල්ල අනුව අදටත් පොලීසියේ උත්තරීතරත්වය බිඳගත් කතාවද ජනතාව සිහිපත් කරති.දූෂිතයා අදටත් එළියේ හෝ දූෂකයා තවමත් රාජකාරියේ යැයි ඇතැමුන් හාස්‍යයෙන් පවසන දේ නැවත රට තුළ නොඇසිය යුතුය.
දූෂකයෝ දුෂණයට එරෙහිව දැඩි පියවර ගැනීමට අකමැති වෙති.පාලකයෝ දූෂිතයන්ට විරුද්ධවීමට කැමති නැත.ඒ තමන් අද බලයේ සිටියද හෙට දිනයේ තමන්ටද අනිවාර්යයෙන්ම මේ ඉරණම අත්වන බව ඔවුන් තමන්ගේ කියුම් කෙරුම් අනුව දන්නා හෙයිනි. දූෂණය පිටුදැකීමට කළ හැකි එකම දේ නායකයන්ද, පාලකයන්ද දූෂණය යන්න වටහාගැනීමය. ඔවුන් අවංකවම දූෂණයට විරුද්ධ බව ක්රියාවෙන්මඔප්පු කර පෙන්විය යුතුය.
ආයතන සංග්‍රහය, මුදල් අණපනත් යටතේ රාජ්‍ය සේවකයෙකුට සිය සීමාව තුළ කළයුතු රාජකාරි වගකීම් පිළිබඳ දැඩි කොන්දේසි අත්‍යවශ්‍ය කරුණකි.එසේ තිබියදී නොමනා පෙළඹවීම තුළ අත්සන් ලබාගැනීමට ගත් උත්සාහයන් මෑතකාලීන සිදුවීම් අතරද ඇසුණි.“අත්සන් කරන්න කියනවා.මම බෑ කියනවා.දැන් ඉන්නේ සයින් ඕර් රිසයින් තත්ත්වයේ” යැයි අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මාධ්‍ය ඉදිරියේ තහවුරු කළේය.
එහෙත් අදටත් අප ආණ්ඩුව එසේ නොවේ යැයි කීමට තරම් හැකියාවක් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් නැති බව දැනෙන්නේ දෙවසරක් තුළ ඇසුණු දැඩි ජනතා චෝදනා හමුවේය. ඒ අතර පැමිණිලි විමර්ශනයවීමෙන් පමණක් හෝ දඬුවමක් දීමෙන් පමණක් අපක්ෂපාතී විනිශ්චයකට ඇති ඉඩකඩ ඉටු නොවූවා වන්නේ වැරදිකරුවන්ගෙන් රජයට සිදුවූ අලාභය අයකරගැනීමේ ක්රමයක්ද පැහැදිලි නොවන විටය.
සැබැවින්ම දූෂණය අවම කිරීමට නායකයන් හාපාලකයන් පළමුව පියවරගත යුතුය.මහතැන් නිවැරදි වනවිට පහළ තැන් ඉබේම නිවැරදි වනු ඇත.මහින්ද සමයේ නිවැරදි නොකළේද එයමය.එසේ නොවූ නිසාම ජනතාව මහතැන් කෙරෙහි පැවැති පිළිගැනීම විශ්වාසය තුළ ජනතා පවුරක් ලෙස දූෂණයට එරෙහිව සන්ධානගතවූහ.
එහෙත් මහතැන්විසින්ම වචනයෙන් හිතහැදෙන සංවාදයක් හෝ සංගායනාවක්කර දූෂණය මෙතෙකින් ඉවර යැයි මනෝලෝක මවන රටක එයද දූෂණයට ඔඩුදිවීමට ඇති අනුබලය සඳහා සැපයෙන තවත් දූෂිත ක්‍රියාවක් බව ජනතාව පවසන දේද බැහැර කළ නොහැක.
දූෂණයට එරෙහිව ගන්නා පියවර ජනතාවට දැනෙන දෙයක් විය යුතුය.එහිදී එය ජනතාවට දැනෙන්නේ දූෂණයට එරෙහිව හඬ නැගූ තමන්ගේ අරමුණු ඉටුවීමක් ලෙස දකින්නේ නම් පමණි.ජනවාරි 08 වෙනස සිදු කළ ජනතාව ඡන්දය දුන්නේ මෛත්‍රීලාගේ, රනිල්ලාගේ නිල්පාටට හෝ කොළ පාටට නොවේ. ඒ තැනට ජනතාව පෙළඹවූ හැටතුන් ලක්ෂයක් ජනතාවට තමන්ගේ ඡන්දයෙන් අපේක්ෂා කළ දූෂණයට එරෙහි මතවාදයට සාධාරණය ඉටු නොවීමේ අසාධාරණ, දූෂිත ප්‍රතිපත්තිය යහපාලනයට කළුපැල්ලමක් එකතුකළා යැයි ජනතාව පවසන්නේද ඒ නොසලකා හැරීම තුළය.
බල්ලා වලිගය නැටවීම වෙනුවට වලිගයෙන් බල්ලා නැටවීමේ ක්‍රමය පවතින ලෝකයේ කිසිම රටක දූෂණය පිටුදැකීමේ සටන ජයගෙන නැති බව පමණක් කිවහැකිය.