Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
විභාග ප්‍රතිඵල නිකුත් වීම රටේ ප්රවෘත්ති රැසක් මතුකරන මාතෘකාවකි. එහි සමත් වීමේ උද්දාමය පළ කරන පුවත් අතර අසමත් වීමේ ඛේදවාචකයන් වාර්තා කරන පුවත්වලද අඩුවක් නැත. මෙහිදී අප කතා කරන්නේ එවන් ඛේදවාචකයන් පිළිබඳවයි.
ලංකාවේ එදා සිට අද දක්වා විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග නිකුත් වූ පුවත් බොහොමයක සිය දිවි හානිකර ගැනීම් වාර්තා විය. එය මෙවරත් අඩු නැතිව සිදු වූ බව පසුගිය දවස් කිහිපය තුළදී රටේ කිහිප තැනකින් වාර්තා විය. විභාගය අසමත් වීම මුළු ජීවිතයම අසමත් වීම යැයි සිතූ බොහෝ සුන්දර ජීවිත අද අප හැර ගොස් හමාරය. මන්ද අපේ රට ගැටලුවකදී එකම විසඳුම සියදිවි නසා ගැනීම බවට වාර්තා තැබූ රටකි.
මෙසේ සියදිවි හානිකර ගැනීමට ඇතැම් විටක හේතු සමුදායක් බලපෑවා විය හැක. ඒ සම්බන්ධව විමසීමේදී පෙනී ගියේ අසමත් වීම නිසා දෙමාපියන්, ගුරුවරු දක්වන ප්‍රතිචාර මෙයට ප්‍රධාන හේතුවක් වූ බවයි. එබැවින් මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද ඉතා බුද්ධිමත්ව කටයුතු කළයුතු බව අමතක නොකළ යුතුය. ඔවුන් විභාගය දරුවාට අභාගයක් නොවන අන්දමින් හැසිරිය යුතුය. මේ සම්බන්ධව ඔබව දැනුවත් කිරීම කාලෝචිත බව අපට හැඟුණ බැවින් ඒ සඳහා මානසික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතා සම්බන්ධ කර ගතිමු.
අප වගේ රටක ධනය හෝ බලය නොමැති නම් ජීවිතය ජයගන්න තිබෙන එකම දේ 'අධ්‍යාපනය' යන කාරණය මුල්බැස ගත් මතයයි. විශේෂයෙන් මධ්‍යම පාන්තික සහ පහළ පන්තියේ සහ ඉහළ නිර්ධන පන්තියේ පිරිසට ජීවිතය ජය ගන්න තිබෙන එකම මග අධ්‍යාපනය බව ඔවුන් සිතනවා. ඉතිං ඕනෑම දෙමාපියෙකුට අවශ්‍ය වන්නේ තම දරුවා සුරක්ෂිත කිරීමයි. එවන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන දෙමව්පියන්ට ඇති එකම පිහිට අධ්‍යාපනයයි. මේ නිසා දෙමාපියෝ තම දරුවා වෙනුවෙන් යම්කිසි බලපෑම්කාරී ක්‍රියාවන්වලට යොමුවෙනවා.
අනෙක් කාරණය තමයි ගුරුවරුන්ද අද දරුවාව විභාගය සමත් කරවීම සඳහා යම් යම් බලපෑම් සිදුකරනවා. මොකද ගුරුවරයාගේ රස්සාව ඉගැන්වීම. මෙවැනි කාරණා නිසා ගුරුවරුන්ද දරුවා විභාගයෙන් සමත් කරවීමේ අරමුණින් විවිධ වූ බලපෑම් සිදුකරනවා.
නමුත් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්වීමේ ස්ථරයේදී ළමයි එක වගේ බුද්ධිමත් නැහැ. ඔවුන්ගේ බුද්ධි මට්ටම් වෙනස්. ඒක භෞතික තත්ත්වයක්. එක් කොනක ඉන්නවා ඉතාම දක්ෂ ළමයි. අනෙක් කොනේ ඉන්නවා අදක්ෂ ළමයි. මෙයින් මැද කොටස තමා සාමාන්‍යයෙන් ඉහළටම යන්නේ. මේක තමා සාමාන්‍ය ස්වභාවය.
යම්කිසි කොටසක් ඉන්නවා අධ්‍යාපනය ලැබීමට තරම් බුද්ධිය මෝරලා නැති. යම්කිසි බුද්ධි මට්ටමක් තිබූ නමුත් අවශ්‍ය ප්‍රමාණයට බුද්ධිය අඩු තවත් කොටසක් ඉන්නවා ඉගෙන ගැනීමට උනන්දුවක් නැහැ. ඒ නිසා ඒ අය අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නේ නැහැ. ඒ වගේම යම් යම් පාර්ශ්වික සාධක උදාහරණයක් ලෙස පවුලේ බර කරට ගන්න තියෙනවා නම්, කුඹුරු කටයුතු වල යෙදෙන්න වෙනවා නම්, වෙනත් වැඩ කරන්න තියෙනවා නම් දරුවාට ඉගෙනීම මගහැරෙනවා.
මේ සියලුම සාධක නිසා යම් කොටසකට සමත් වෙන්න බැරි වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබීම නිසා මේ ළමයි යම්කිසි පීඩනයකට ලක්වෙන්න පුළුවන්. එවිට ඔවුන් යම්කිසි හානියක් කරගන්න උත්සාහ ගන්නවා. සමහරු දුක් වෙනවා.
මේ වගේ මානසික අර්බුදයකින් පස්සෙ පළවෙනි සතිය ඇතුළත ඇතිවන ප්‍රතික්‍රියාවලට අපි කියනවා %පීඩනය දක්වන ක්ෂණික ප්‍රතිචාර^ (Acute reaxtion stress) කියලා. මෙය පළවෙනි සතිය ඇතුළත ක්ෂණිකව සිද්ධවෙන දෙයක්. එය වෙනත් මානසික රෝගයක් දක්වා වර්ධනය වීමක් නැහැ.
මේ තත්ත්වයේදී එක් එක් අය නොයෙක් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. සමහරු දුක් වෙනවා. සමහරු පොඩි පොඩි හානිකර දේවල් කරනවා. සමහරු සියදිවි නසාගන්න උත්සාහ කරනවා. නමුත් සියදිවි නසා ගැනීම Acude reaction stress කියන එකේ ප්‍රතිඵලයක් නෙමේ. මේ දරුවන් මීට පෙර සිටම විශාදය යන රෝගයට ගොදුරු වෙලා හිටිය නම් මේ වගේ Acude reaction stress එකක් සියදිවි නසාගන්න බලපෑ හැකියි.
සාමාන්‍යයෙන් සියදිවි නසා ගන්නේ විශාදය කියන රෝගී තත්ත්වයේදී . ඒ නිසා සලකා බලන්න වෙනවා ඊට පෙරත් මේ ළමයි මානසික වශයෙන් රෝගී වී සිටියාද කියා. ඒ වගේ අවස්ථාවල සමහරු සියදිවි නසා ගැනීමට උත්සාහ කරනවා. වැඩිපුර පැනඩෝල් පෙති 4ක් බීවා කියා මැරෙන්නෙ නැහැනේ. එතකොට ඒ අවස්ථාවලදී ඔවුන් යොදාගන්නා උපක්‍රමය මතයි හානිය සිදුවන්නේ. උදාහරණයක් වශයෙන් කෘමිනාශකයක් බිව්වොත් මැරෙන්න පුළුවන්. ඒවට කියන්නේ 'තමන් හානියක් කර ගැනීමට උත්සාහ දැරීම' (Deliberate Self halt) කියලයි.
මේ වගේ සියදිවි හානිකර ගැනීමේ අවස්ථා වාර්තා වුණේ පළවෙනි වතාවට නොවේ. අනාදිමත් කාලයක සිට පීඩනයට පත්වුණාම ළමයි එක එක ප්‍රතික්‍රියා දක්වනවා. අනෙක් කාරණය තමයි ලංකාව කියන්නේ සියදිවි නසාගැනීම බහුල රටක්. ඉස්සර ලෝකයේ පළවෙනි තැන ගත් නමුත් අද වනවිට එය අඩුවෙලා තියෙනවා.
එතකොට මේ රටේ සාමාන්‍ය ප්‍රචලිත දෙයක් තමා යම් ප්‍රශ්නයකට විසඳුම සියදිවි නසා ගැනීම කියන දේ. ඒවට කියනවා (Copycat Suside ). ඔබ අසා ඇති මාතර පාලමෙන් පැන සියදිවි නසා ගැනීමක් සම්බන්ධව. ඒ පනින්නේ අහල පුරුදු නිසා. ඒ නිසා මේ ළමයිනුත් පීඩනයට පත්වුණාම ඒ ප්‍රශ්නයට විසඳුම මේකයි කියල හිතාගෙන සියදිවි හානිකර ගන්නවා.
විභාගයට ලියන්න කලින් දෙමාපියන්ට බැහැ 'ඔයා පාස් වුණත් කමක් නෑ, ෆේල් වුණත් කමක් නෑ' කියලා කියන්න. ඒක සාමාන්‍ය ස්වභාවය නොවේ. දරුවාට යහපත් අනාගතයක් හදන්න නම් ඒකට අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි යන කාරණය මේ රටේ ප්‍රචලිත දෙයක්.
යම් අභාග්‍ය සම්පන්න හේතුවකින් අර වගේ බුද්ධි මට්ටමේ අඩු බවක් හෝ වෙනස් පාරිසරික සාධක නිසා හෝ සමහර දක්ෂ ළමයි විවිධ ප්‍රශ්න නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. නිවසේ ප්‍රශ්න, ආදර සම්බන්ධතා වැනි දේවල් නිසා විභාගය අසමත් වෙන්න පුළුවන්. අන්න එහෙම වුණෝතින් තමා මේ පීඩනය වැඩි වෙන්නේ.
එවැනි අවස්ථාවල ළමයාගේ හැසිරීම් රටාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ළමයා ඒ පිළිබඳ දැඩි කම්පනයකට පත්වෙනවද, ළමයාගේ හැසිරීම එනම් සාමාන්‍ය පුරුදු, සාමාන්‍ය හැසිරීම, එදිනෙදා කරන වැඩකටයුතුවල වෙනසක් තියෙනවද කියන දේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අන්න ඒ දේවල වෙනසක් තියෙනවා.
දරුවා අතිශය කම්පනයට පත්වෙලා තියෙනවා නම්, නිදාගන්නෙ නැතිව අඬ අඬා ඉන්නවා නම්, එහෙම නැත්නම් හැසිරීමේ වෙනසක්, දින චර්යාවේ වෙනසක් තියෙනවා නම් දෙමාපියෝ සැලකිලිමත් වෙන්න ඕන. ඒ අවස්ථාවේදී දෙමාපියෝ බුද්ධිමත් වී ඔවුන් තේරුම්ගන්න ඕන.
විභාගය නොවේ ජීවිතේ එකම දේ. විභාගය නැවත වරක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දේවල මොනවාද ජීවත්වෙන්න කරන්න පුළුවන් යනාදී වශයෙන් දරුවාව සමනය කරන්න පුළුවන් මේ තත්ත්වයකදී. ඒක කරන්න ඕන ළමයාගේ චර්යාවේ වෙනස්කම් මත දරුවා මෙවැනි ප්‍රකාශ කළොත් ''මට දැන් එපා වෙලා. මට දැන් මැරෙන්න හිතෙනවා'' යනුවෙන් කියනවා නම් එය වැදගත් කාරණයක්. යමෙක් මැරෙනවා කියා ප්‍රකාශ කළාම සාමාන්‍ය ප්‍රචලිත මතය තමයි ''කියන දෙයක් මිනිස්සු කරන්නේ නැහැ, හොරෙන් කරනවා'' කියලා.
නමුත් ඇත්තටම යමෙක් පැවසුවොත් මැරෙනවා කියා, ඔහු ඒ ක්‍රියාව කරන සම්භාවිතාව ඉතා ඉහළයි. මට මැරෙන්න හිතෙනවා කිව්වොත් ඒක බරපතළයි. එවැනි අවස්ථාවල දෙමාපියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන, ඒ ළමයා කායිකව හා මානසික අත්නොහැර ඉන්න. ළමයා දක්වන ප්‍රතිචාරය මත ළමයාගේ දින චර්යාව වෙනස් වීම මත ඔවුන් හඬ හඬා ඉන්නවානම්, දුකින් ඉන්නවානම්, කෑම ගන්නේ නැත්නම්, ඒ වගේම ප්‍රකාශ කළොත් ජීවිතයට යම් හානියක් කරගන්නා බවක්විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දරුවාගේ මේ මානසික තත්ත්වය සමනයට පත් වනතෙක් දරුවාව සැනසීම අත්‍යවශ්‍යයි.
හිත ශක්තිමත් කරන්න ඕන. ඒ ශක්තිමත් වෙනවා වීම යනු විභාගය හැර ජීවිතය ජයගන්න නම් බොහොමයක් උපක්‍රම තිබෙන බව දරුවාට පැහැදිලි කළ යුතුයි. මොකද වැඩි දෙනෙක් අධ්‍යාපනයෙන් නොවෙන මේ ලෝකෙ වැඩ කරන්නේ වෙනත් වෘත්තීය මාර්ගවලින්. අන්න ඒ විදියට සහ නැවත විභාගයට පෙනී සිටීමට යනාදී වශයෙන් කියා දරුවාට සහයෝගයෙන්, තනි නොකර හිඳීම අත්‍යවශ්‍යයි.
බොහෝ දරුවන් එක වගේ නැහැ. විභාග අසමත් වෙන දරුවන් එතරම් උනන්දුවෙන් වැඩ නොකරපු දරුවන්. වැඩි දෙනෙකුට මෙහෙම තත්ත්වයක් නැහැ. මෙවැනි තත්ත්වයක් තිබෙන්නේ උනන්දුව ඕනෑකම තිබෙන ඉතා සුළු පිරිසකට. එහෙත් වෙනත් සාධක නිසා ප්‍රතිඵල නරක් වූ දරුවන් ඉන්නවා. එබැවින් ඒ පිළිබඳ දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි. දරුවාගේ ප්‍රතිචාරය පිළිබඳ, ඒ අවස්ථාවේ විභාගය අසමත් වීම ගැන පරිභව කිරීම, එහෙම නැත්නම් නොසලකා හැරීම, උපහාසයට ලක්කිරීම වැනි දේ නොකියා සිටිය යුතුයි.
සෑම සත්ත්වයෙකුගේම ලක්ෂණයක් තමයි තමාගේ ජානය බිහිකළ ළමයා ඉහළ යනවා දකින්න. ඉහළ යනවා කියන්නේ සාපේක්ෂ නියමය. ඒක තමා සත්ත්ව ස්වභාවය. එය මිනිසුන්ගේ ඊටත් වඩා වැඩියි. හැම දෙමාපියෙකුටම අවශ්‍ය තමාගේ ජනය ඉහළටම ඔසවා තබන්න. ඒ තරගකාරීත්වය කියන දේ නරක දෙයක් නොවේ.
හැබැයි එය යථාර්ථවාදී වෙන්න ඕන. තරගකාරීත්වය කියන දේ අපේ ජානගත ලක්ෂණයක්. ඒ නිසා සැසඳීම වැරදියි. එය තම මිනිස් ස්වභාවය. ලෝකයේ පරිණාමය සිද්ධ වුණේ ඒ මත තමා. නමුත් සාමාන්‍ය සමාජය විග්රහ කරනවා තරගකාරීත්වය හොඳ නෑ කියා. ඒ අපි කරන්නේ ස්වභාවධර්මයට පටහැනි ක්‍රියාවක්. අපේස්වභාවය තමයි තරග කරන එක.
පරාජය කියන්නේ අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය සහ යම් ප්‍රමාණයකට වැඩ කරලා පරාජයේදී සිත් වේදනාවක් ඇති වෙනවා. එය නැති වෙන්නේ නෑ. අපි A9ක් බලාපොරොත්තු වෙලා අපට ලැබුණේS9ක් නම් එතන පීඩනයක් වැඩියි. අපි S9ක් බලාපොරොත්තු වෙලා ඒක S එකක්, දෙකක් තිබුණොත් ඇති. එතකොට පීඩනය අඩුයි. පීඩනය කියන දේ සාපේක්ෂ දෙයක්. මේ නිසා ඇතිවන කම්පනය සහ ප්‍රතික්‍රියාව සාපේක්ෂයි. පරාජය බාරගැනීමේ වේදනාව අඩු වීම පමණයි තිබෙන්නේ.
මෙතනදී තව කාරණයක් තිබෙනවා. බුද්ධියේ ප්‍රමාණයට තමා බලාපොරොත්තු වෙන්නේ. එතකොට එතන බලාපොරොත්තු වන ප්‍රමාණයට සහ ලැබුණු ප්‍රමාණයේ වෙනසේ විශාලත්වය මත තමා පීඩනයේ සාපේක්ෂභාවය ඇති වන්නේ. මේ තත්ත්වය දෙමාපියන් වගේම ගුරුවරුන් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද විභාගය කියන්නේ දරුවෙකුගේ මුළු ජීවිතයම නොවේ කියන කාරණය. එය ජීවිතයේ තවත් එක් පියවරක් බව ඔබ මතක තබාගත යුතුයි.
මේ සමාජය සකස් වූ ක්‍රමයක් තිබෙනවා. 'එකම මග අධ්‍යාපනය' යන සම්ප්‍රදායික මතය අපේ රටේ වගේම ආසියාතික රටවල තිබෙන දෙයක්. එහෙම තමා අපට ඉගැන්නුවේ. 'උගතමනා ශිල්පයමයි මතු රැකෙනා' කියල තමා ඉගෙනගන්නේ. ඒ සම්ප්‍රදායික සිතුම් පැතුම් රටාවල ස්වභාවයයි. ඒ එය වෙනස් කරන්න ගොඩක් අපහසුයි. මේ විශ්වාසය බිඳින්න අමාරුයි.
අද වනවිට දේපොළ උකස් කර හෝ වෛද්‍ය උපාධිය ලබාගන්න තත්ත්වයට පැමිණ තිබෙනවා. නමුත් වෙනත් වෘත්තීන් අනන්තවත් තිබෙනවා ඊට වඩා වැඩි ආදායමක් ලබන්න. දැන් පෙදරේරුවෙකුට වඩු බාස් කෙනෙකුට පඩිය දවසකට රුපියල් 2500ක්. නමුත් වෛද්‍යවරයෙකුගේ පඩිය දවසකට ඊට වඩා අඩුයි.
මේ රටේ මේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් රටාව, අධ්‍යාපනය, රජයේ රැකියාවක් යන සම්ප්‍රදායික සිතුම් පැතුම් රටාව මුල් බැසගෙන තිබෙනවා. ඒ නිසාම විවිධ සෙසු වෘත්තීන් හිඟයි.
මේ රටේ පෙදරේරුවෙක්, විදුලි කාර්මිකයෙක් ලේසියෙන් හොයාගන්න බැහැ. වෛද්‍යවරු ඉන්නවා ඊට වඩා. ඒ නිසා ඊට වඩා වැඩි ආදායමක් ලබන, ඊට වඩා අඩුවෙන් මහන්සිවෙන වෘත්තීන් අනන්තවත් තිබෙනවා. ඒවට ගණිතය, භූගෝලය, ඉතිහාසය, විද්යාවඉගෙන ගැනීම අවශ්‍ය නැහැ. ඒවට අවශ්‍ය පුහුණුවක් විතරයි. විවේකය වැඩියි.
උදාහරණයක් ලෙස අද රුපියල් 1000ක් දුන්නොත් ඕන වෛද්‍යවරයෙක් හොයාගන්න පුළුවන්. නමුත් පෙදරේරුවෙක් ඒ වගේ ලේසියෙන් හොයාගන්න පුළුවන්ද?එහෙම කෙනෙක් හොයාගන්න ඇතැම් විට මාස ගාණක් යනවා. මේ නිසා සිතුම් පැතුම් රටාව වෙනස් කරන්න ඕන. වැඩි ආදායම් ලැබිය හැකි සෙසු වෘත්තීන් දෙස, සාම්ප්‍රදායික සිතුම් පැතුම් රටාවෙන් මිනිසුන් බැහැර වෙන්න ඕන.
දෙමාපියන්ට කිවයුතු තවත් කරුණු තිබෙනවා. දරුවාගේ දක්ෂතාව තිබෙන දෙයින් ඉගෙනගැනීම තමා හොඳම දේ. එයින් ඉහළට යන්න පුළුවන්. නමුත් දැන් ඉගෙනගන්නා දෙයින් තමයි දැනුම ලැබෙන්නේ. නමුත් අද අවශ්‍ය ප්‍රායෝගිකව ඒ දේ සිදු කරන හැකියාව. ඉස්සර කිව්වා 'දැනුම බලය වේ' (Knowledge is Power)කියලා. ඔබට බලය තිබෙනවා නම් ධනය තිබෙනවා නම් දැනුම ලබාගන්න පුළුවන් සල්ලිවලට.
ඒ නිසා විවිධ ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ට වෙන්න ඕන. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙක් වෙනවට වඩා හොඳයි තොරතුරු තාක්ෂණය ඉගෙනගැනීම. රැකියා අවස්ථා වැඩියි. ආදායම් මාර්ග වැඩියි. ලැබෙන ආදායම් වැඩියි. ඉගෙනගැනීම පහසුයි. අන්න ඒ වගේ පහසුවෙන් ජීවත්විය හැකි ඉඩ හොයන්න ඕන සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා.
අද වනවිට මතයක් තිබෙනවා අවුරුදු 13ක පාසල් කාලය අනිවාර්ය කළ යුතුයි කියලා. ඒක එසේ අවශ්‍ය නැහැ. දරුවන් පාසල් යවලා අපි ලබන්නේ සාමාන්‍ය රාමුවක් යටතේ ශ්‍රමිකයො. ඇත්තටම අනෙක් රැකියාවලට එසේ අවශ්‍ය නැහැ. ඒක නිසා ලියන්න, කියන්න ඉගෙනගත්තාට පසු විවිධ වෘත්තීන්වලට පුහුණු කිරීම තමා අවශ්‍ය. හැම කෙනෙක්ම අවුරුදු 13ක් දක්වා පාසල් යවන්න කියන එක අනුවණ කතාවක්.
අද වනවිට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවේ විභාගයකින් දරුවෙකුගේ බලන්නේ දැනුම මිස බුද්ධිය නොවේ. මේ නිසා ළමයෙකුගෙ නිර්මාණශීලීත්වය සහමුලින්ම නැති වෙනවා. ඔවුන්ට පුළුවන් පිටපත් කරන්න විතරයි. මතකයේ යමක් තබාගෙන පිටපත් කිරීමයි. ඔවුන් නිර්මාණශීලී නැහැ. එවැනි ක්‍රම නිසා තමා අද වෙද්දි දරුවෙකුට පරාජය බාරගැනීමේ නොහැකියාව, සියදිවි හානි කරගැනීම වගේ තත්ත්වයක් ගොඩනැගී ඇත්තේ,
දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලන්න තිබෙන්නේ මෙවැනි තත්ත්වයකදී දරුවා පීඩනයට පත් නොකර දරුවා ලක්වූ පීඩනයෙන් මිදීමට සහාය වෙන්න. විභාගය කියන කාරණය ජීවිතයේ තවත් එක් පියවරක් පමණයි. ලෝකයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා, අසමත් වීමෙන්ම තම ජයග්‍රහණය අත්පත් කරගත් ජීවිත කතා. ඒ නිසා අවශ්‍ය වන්නේ පරාජයට සාර්ථකව මුහුණදී එය ජීවිතයේ ලැබූ එක් අභියෝගයක් බව අවබෝධ කරගෙන දරුවාගේ ඉදිරි අනාගතය ජයගැනීමට අතදීමයි. එවිට මේ වගේ සියදිවි හානිකරගැනීම් වගේ අසුබ පුවත් වාර්තාවීම අඩුකරගන්න පුළුවන් වේවි.
popular news
Isuru Perera Friday, 29 July 2022 12:38 PM
ඇත්තටම මේක ගොඩක් වැදගත් කාලීන මාතෘකාවක්. ස්තූතියි මෙවැනි ලිපියකට. විභාගය යනු සියල්ලම නොවේ. විභාග අසමත් වුවත් ජීවිතය සමත්වූ බොහෝ පිරිස් සිටිනවා. එමෙන්ම විභාග සමත් වුවත් ජීවිතය අසමත්වූ පිරිස්ද බොහෝමයක් සිටිනවා යන්න මෙරට වැඩිහිටි ප්‍රජාවට වැටහුණු කළ දරුවන්ගෙ මෙම විභාග භීතිකාව නැති වී යනු ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd