Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
පසුගිය දිනක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කළ ප්‍රකාශ කිහිපයක් මහත් ආන්දෝලනයකට තුඩුදී තිබේ. අමාත්‍යවරයා එම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකර ඇත්තේ කොටි ත්රස්තවාදීන් සැමරීම සම්බන්ධයෙනි. අමාත්‍යවරයාගේ මතය අනුව කොටි ත්‍රස්තවාදී නායක ප්රභාකරන් සැමරීමට දමිළ ජනතාවට අයිතියක් ඇත. එමෙන්ම රජයේ හමුදා අතින් ත්රස්තවාදීන්ට අමතරව අහිංසකයන්ද මියගොස් ඇත. එම ප්‍රකාශයෙන් වැඩි දිනක් ගතවීමට පෙර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරියක්ද ඒ මග යමින් එවැනිම පදනම් විරහිත නොමනා ප්‍රකාශයක් සිදුකළාය.
අනිත් අතට උතුරේ දමිළ ජනතාව විසින් 2018 මැයි 18 වැනි දින වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු දෙමළ සංහාර දිනය සැමරීමට විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, රජයේ පාර්ශ්වකරුවන් වන ද්‍රවිඩ දේශපාලන නායකයන් කිහිපදෙනෙකුම ඊට ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දී ඇති බව දකින්නට ලැබුණි.
මෙතැන්හිදී පොදු ජනතාවට පැනනගින ප්‍රධානතම ප්‍රශ්න කිහිපයකි. ඉන් පළමුවැන්න නම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් ප්‍රසිද්ධියේ සැමරීමට ඉඩදීමෙන් නැවතත් ජනවාර්ගික අරගලයක් මතුවේද යන්නයි. දන්නා සිංහලෙන් කියතොත් තවත් ප්රභාකරන් කෙනෙකු බිහිවීමට එම සිද්ධි දාමය හේතුපාදක වේද යන්නයි. පොදු ජනතාවගේ කුතුහලය නංවන අනෙක් ප්‍රධානතම ප්රශ්නය නම්, රජය හදිසියේම යුද ජයග්‍රහණය අවතක්සේරු කළේ ඇයිද යන්නයි. ඒ වැදගත් ප්‍රශ්න දෙකට පිළිතුරු සෙවීමට පෙර කොටි සංවිධානයේ නැතහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැටිකිරිය මඳක් ලිහා බැලීම සුදුසුය.
වේළුපිල්ළේ ප්රභාකරන්ගේ නායකත්වයෙන් 1976 වර්ෂයේදී බිහිවන ද්‍රවිඩ ඊළාම් කොටි සංවිධානය වර්ෂ 1983 සිට 2009 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මූලික කරගෙන බෙදුම්වාදී සිවිල් යුද්ධයක් කරගෙන ගියේය. ලෝකයේ මෙතෙක් බිහිවූ ත්‍රස්තවාදී සංවිධාන අතරින් අතිශය කෲර හා ම්ලේච්ඡ යුධෝපක්රමයන් යොදාගත් සංවිධානයක් ලෙස කොටි සංවිධානය වාර්තාගත වී ඇත. එසේම ලොව එදා මෙදාතුර බිහිවූ ත්‍රස්තවාදී සංවිධාන අතරින් ‘‘ගුවන් මෙහෙයුම් පවත්වාගෙන ගිය එකම සංවිධානයද කොටි ත්රස්තවාදීන්ය.
කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වේ යැයි ගණන් බලා ඇත. එසේම, කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද රාජ්‍ය නායකයන් හා දේශපාලන නායකයන්ගේ සංඛ්‍යාව අනුව ඔවුන්ගේ තරාතිරම ගැන තීරණයකට එළඹිය හැකිය. රජීව් ගාන්ධි හා රණසිංහ ෙප්‍ර්මදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා මරා දමන ලද්දේ කොටි සංවිධානය විසිනි. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, සී.වී. ගුණරත්න, වීරසිංහ මල්ලිමාරාච්චි, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර හා ඩී.එම්. දසනායක යන අමාත්‍යවරුන් නවදෙනාම මරණයට පත්කිරීමේ වගකීම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත එල්ල විය. මීට අමතරව මහජන නියෝජිතයන් හා මන්ත්‍රීවරුන් දොළොස්දෙනෙකුම
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාවන් මගින් මරාදමනු ලැබීය. එසේම රටවල් 32ක් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය කෲර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කරනු ලැබීය.
අද වන විට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් නොවේ. 2009 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හා රජයේ හමුදා අතර ඇතිවූ අවසන් ගැටුම්වලදී සිදු වී ඇතැයි කියනු ලබන මානව හිමිකම් කඩවීම් අද ජාතික හා ජාත්‍යන්තර තලයේ කතාබහට ලක්වන වඩාත්ම උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත.
රජයේ පාර්ශ්වයෙන් සලකා බලන කල දශක තුනක් තිස්සේ ඔඩුදුවමින් පැවති තුවාලයක් වන්වූ උතුරු- නැගෙනහිර යුද්ධය කෙසේ හෝ ජයග්‍රාහීව අවසන් කිරීම මහත් සැනසීමට හේතුවකි. එනමුත්, වඩාත්ම ගැටලුකාරී තත්ත්වය වනුයේ යුද කටයුතුවලදී රජයේ පාර්ශ්වයෙන් සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් ගැන පමණක් ජාත්‍යන්තරයේ අවධානයට යොමු වීමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකර ඇති බිහිසුණු යුද අපරාධ ගැන ජාත්‍යන්තර තලයේ කිසිදු කතාබහක් සිදුවන බවක් පෙනෙන්නට නැත. අවම වශයෙන් අතිශය කෲර යුද අපරාධ කළ කොටි නායකයන්ට පවා එරෙහිව දේශීයව හෝ විදේශීය මට්ටමින් නීතිය ක්‍රියාත්මක කිරීමක් ගැන ආරංචියක් හෝ ඇසෙන්නට නැත. මේ සියල්ලටම පදනම් වූ යුද අපරාධ සහ යුද අපරාධ නීතිය පිළිබඳ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා මෙබඳු විග්‍රහයක් ගෙන එයි.
&යුද කටයුතුවලදී පොදු ජනතාවගේ ආරක්ෂාව පිණිස හා සාධාරණත්වය පිණිස බලපාන නීතිරීති ‘‘ %මානව හිතවාදී නීති’ නම් වේ. මානව හිතවාදී නීතියේ ආරම්භය 1815 වර්ෂයේදී නැපෝලින් අධිරාජයා වෝටර්ලූ සටනෙන් පරාජය වීමෙන් පසු හටගත් සිද්ධි දාමයක ප්රතිඵලයකි. යුරෝපා රටවල දේශපාලන නායකයෝ පිරිසක් 1864 වර්ෂයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට රැස්වී යුද සමයකදී මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරය පිළිබඳ සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡාව සඵල වූ අතර, 1864 අගෝස්තු 22 දින යුද කටයුතු සම්බන්ධ ජිනීවා ගිවිසුමට අත්සන් තැබුණි.
ජිනීවා ගිවිසුමට මුල්ම වටයේදී අත්සන් තැබූ රාජ්‍යයන් අතර ජර්මනිය, බෙල්ජියම, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, පර්සියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, වටම්බර්ග්, නෝර්වේ සහ ස්වීඩනය වෙයි. එම ලැයිස්තුවේ සමහර රටවල් ඒ කාලසීමාව තුළ හඳුන්වන ලද්දේ වෙනත් නම්වලිනි. රටවල් අතර ඇතිවන ආරවුල් සාමකාමී ලෙස නිරාකරණය, යුද සිරකරුවන්ගේ රැකවරණය, යුද්ධයේදී තුවාල ලද්දවුන්ට ප්‍රතිකාර කිරීම, රසායනික අවි භාවිතය තහනම් කිරීම, සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට බෝම්බ නොදැමීම, තමන්ගේ රටට විරුද්ධව යුද්ධ කරන ලෙස කිසිවෙකුට බල නොකිරීම යනාදී ප්‍රතිපත්ති රැසක් මුල්වරට ජිනීවා සම්මුතියේදී පිළිගනු ලැබීය. රතුකුරුස සංවිධානයට නිළ මට්ටමේ පිළිගැනීමක් ලැබුණු අතර, රතුකුරුසිය සහිත තුවාලකරුවන් රඳවා තබන ස්ථාන යුද මුක්ත කලාපයන් ලෙස තැබිය යුතු බවට තීරණය විය.
ඇමෙරිකානු ජනාධිපතිව සිටි ඒබ්‍රහම් ලින්කන් 1863 වර්ෂයේදී ඇමෙරිකානු හමුදාව යුද අපරාධයන්හි යෙදීම වැළැක්වීම සඳහා රීතීන් මාලාවක් සකස් කර ක්‍රියාවට නැංවීය. රුසියාවේ දෙවැනි නිකොලස් සාර් රජු ලින්කන්ගේ රීති මාලාවට අනුරූපව යුරෝපා රාජ්‍යයන් විසින්ද යුද අපරාධ වැළැක්වීමට ක්‍රියාකළ යුතු බව තම හිතවත් රාජ්‍ය නායකයන්ට දැනුම් දුන්නේය. නිකොලස් රජුගේ උපදෙස් මත යුද අපරාධ වැළැක්වීම පිළිබඳ සමුළුවක් 1899 වර්ෂයේ හේග් නුවරදී ආරම්භ විය. හේග් සමුළුවට රැස්වූ රාජ්‍යයන් යුද අපරාධ වැළැක්වීමේ ගිවිසුමකට අත්සන් තැබූ අතර, එය 1899 ජූලි 29 වැනි දින නිකොලස් රජුගේ උපන් දිනය සැමරීමට සමගාමීව සිදුකිරීම විශේෂ සිද්ධියකි. 1899 හේග් සම්මුතිය අනුව 1864 වියනා සම්මුතිය ඇතුළත් බොහෝ කරුණු එයාකාරයෙන්ම පිළිගන්නා ලද අතර, සමුද්‍රයේ ඇතිවන යුද කටයුතුවලදීද යුද අපරාධ වැළැක්වීමට පාර්ශ්වකරුවෝ එකඟ වූහ.
විසිවැනි සියවස ආරම්භයත් සමග යුරෝපයෙහි සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද කටයුතු පිළිබඳ තාක්ෂණය ශීඝ්‍ර ලෙස දියුණු වීම ඇරඹුණි. මේ අතර යුරෝපා රාජ්‍ය කිහිපයක් අතර තිබූ අමනාපකම් යුදමය තත්ත්වයන් දක්වා වර්ධනය විය. 1914. 06. 28 වැනි දින සිදු වූ සුවිශේෂී සිදුවීමකින් මුළු යුරෝපාකාරයම කැළඹීමට ලක්විය. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමරු සරයේවෝ නුවරදී සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගියේය. වෙනදාට වෙඩි නොවදින ජැකට්ටුවක් පලඳින ෆර්ඩිනන්ඩ් කුමරු එදින එය පැලඳ නොසිටීම සාහසිකයා දැන සිටියේද යන්න ආරක්ෂක නිලධාරීන්ටත් ප්‍රශ්නයක් විය. ෆර්ඩිනන්ඩ් කුමරුගේ මරණය මුල් කරගෙන 1914. 07. 18 දින යුරෝපාකරයේ බිහිසුණු යුද ගැටුමක් ආරම්භ විය.
එක්සත් රාජධානිය, ප්රශය හා රුසියාව යුද ගැටුමේ එක් පසෙක සිටි අතර ජර්මනිය, ඔස්ට්‍රියාව හා හන්ගේරියාව අනෙක් පස සිටියහ. එම යුදමය තත්ත්වය අනුක්රමයෙන් වර්ධනය වූ අතර, එය පළමු ලෝක යුද්ධය ලෙස නම් කරනු ලැබීය. පළමු ලෝක යුද ගැටුම් දිගින් දිගටම ඇවිල යද්දී 1917 වර්ෂයේදී රුසියාවේ සාර් රජවරුන්ගේ පාලන තන්ත්රය බිඳ දැමීමට එරට කොමියුනිස්ට්වාදී කැරලිකරුවන්ට හැකි විය. එතැන් සිට රුසියාවේ පාලකයා වන්නේ විදේශගතව සිට පැමිණි ව්ලැද්මීර් ඉව්නිච් ලෙනින් නම් කොමියුනිස්ට්වාදියාය. 1918 නොවැම්බර් 11 වැනි දින පළමු ලෝක යුද්ධය නිමාවට පත්වන විට හමුදා භටයන් අනූලක්ෂයක්ද සාමාන්‍ය ජනතාව හැත්තෑලක්ෂයක්ද යුද ගැටුම් හේතුවෙන් මියගොස් අවසන්ය.
පළමු ලෝක යුද සමයේ සිදු වූ අමානුෂික ක්‍රියාවන් පිළිබඳව යුද්ධය අවසානයේදී රටවල් කිහිපයකටම එරෙහිව චෝදනාවන් එල්ල විය.1815 අගෝස්තු 19 වැනි දින ජර්මනියට අයත් සබ්මැරීනයක් බ්‍රිතාන්‍ය හමුදා සේනාංකයන් විසින් මුහුදේ ගිල්වන ලද අතර, එහි සිටි භටයන් යටත්වූ පසුව මරා දමනු ලැබීය. ලැන්ඩවරි කාසල් නමින් හඳුන්වනු ලැබූ කැනේඩියානු ගිලානෝපස්ථායක නෞකාව 1918. 06. 27 වැනි දින ජර්මානුවන් විසින් ගිල්වා දමනු ලැබීය.
පළමු ලෝක යුද්ධය වන විටත්, 1899දී අත්සන් කළ හේග් සම්මුතිය අනුව විෂ වායු යුද කටයුතු සඳහා යොදා ගැනීම නීතිවිරෝධී විය. ජාත්‍යන්තර නීතිය නොසලකා හරිමින් කරන ලද විෂ වායු ප්රහාරයන් නිසා ලක්ෂ 13ක පිරිසක් පිළිස්සුම් තුවාල ලදහ. බ්‍රිතාන්‍ය වැසියෝ 180,000ක්ද, රුසියානුවෝ 500,000ක්ද විෂ වායුවලට ගොදුරුව මිය ගියහ. නැතිනම් සදාකාලික අන්ධ බවට හෝ රෝගී බවට පත්වූහ. 1916 වර්ෂයේ සර්බියාවේ ඇවිළුණු යුද ගැටුම්වලදී ඔස්ට්‍රියානු සහ හන්ගේරියානු හමුදා සේනාංකයන් විසින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරා දමන ලදී. ජර්මන් හමුදා සේනාංකයන් විසින් ප්රං‘ශයේ හා බෙල්ජියමේ සිවිල් වැසියන් 6500ක් පමණ මරා දමන ලදී.
පළමු ලෝක යුද්ධයේ විශාලතම මානව හිමිකම් කඩකිරීම සිදුකරන ලද්දේ 1918 වැනි වර්ෂයේ ඔටෝමන් අධිරාජයා විසිනි. ඉස්ලාම් අන්තවාදී ඔටෝමන් අධිරාජ්‍යයා විසින් එම කාලයේදී වර්ග ඝාතන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඒ අනුව ලක්ෂ ගණනක් අහිංසක කිතුනු ජනතාව පණපිටින් කුරුසයේ තබා ඇණ ගසා මරා දමනු ලැබීය. ඔටෝමන් අධිරාජ්‍යයා විසින් කළ වර්ග ඝාතනය සාහසිකකමින් දෙවැනි වන්නේ හිට්ලර් විසින් දෙවැනි ලෝක යුද සමයේ කළ වර්ග ඝාතනයන්ට පමණි. පළමු ලෝක යුද සමයේදී යුද සිරකරුවන් පිළිබඳ හේග් සම්මුතිය නොසලකා හරිමින් යටත්වූ හමුදා භටයන් විශාල සංඛ්‍යාවක් නඩු ඇසීමකින් තොරව මරා දමනු ලැබීය. ලක්ෂ ගණන් යුද සිරකරුවෝ කුසගින්නේ මිය ගියහ. 1918. 06. 28 දින වර්සේල්ස්හිදී අත්සන් කරන ලද ගිවිසුමට අනුව ජර්මනිය පළමු ලෝක යුද්ධයේ පරාජිතයා බවට පත්වූ අතර, ජර්මන් පාලකයන්ගේ නින්දිත ක්‍රියාකලාපය එමගින් හෙළා දකිනු ලැබීය.
යුද සටන්වලදී අහිංසක ජනතාව ඊට ගොදුරු වීම වැළැක්වීමට අපහසු ඛේදවාචකයන් බවට පත්වෙමින් ඇතැයි කීම නිවැරදිය. මේ හේතුව නිසා යුද්ධයන්හිදී සිවිල් ජනතාව ආරක්ෂා කරදීමට හා යටත්වූ ප්‍රතිවාදීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නූතන ජාත්‍යන්තර නීතිය දැඩි අවධානයක් යොමු කරයි.
රජයේ පාර්ශ්වයෙන් හෝ සටන්කාමීන්ගේ පාර්ශ්වයෙන් මානුෂීය නීතීන් කඩවුවහොත් ඒ පිළිබඳව විශේෂ අධිකරණමය ක්‍රියාමාර්ගයන් ආරම්භ කර වගකිවයුත්තන්ට නීති ප්‍රකාරව දඬුවම් දීමට රජයක් විසින් ප්‍රමාද කළයුතු නැත. මන්දයත්, යුද්ධ කිරීම හා යුද අපරාධ කිරීම යනු එකක් නොව දෙකක් වන බැවිනි. කිසියම් යුද්ධයක එක් පාර්ශ්වයක් නීතිවිරෝධී ලෙස යුද කිරීම අනෙක් පාර්ශ්වය විසින් යුද අපරාධ කිරීමට සාධාරණ හේතුවක් නොවනු ඇත.
කෙසේ නමුත්, අපට විසඳීමට ඇති වඩාත්ම බැරෑරුම් ප්රශ්නය එය නොවේ. ජාත්‍යන්තරය විසින් අපගේ හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් සිදුකරනුයේ දුර්වල ඉලක්ක තෝරා බේරා පහරදීමේ ක්‍රියාන්විතයකි. අද මානව හිමිකම් පිළිබඳව මුල් පුටුව දරන්නේ ලෝකයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව අංක එකේ සිටින සෞදි අරාබියයි. සෞදි අරාබි රජය විසින් ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව බොරු නඩු පවරා මරණීය දණ්ඩනය නියම කරන්නේය යන චෝදනාව නිතර අසන්නට ලැබේ. එසේම සෞදි අරාබිය ජාත්‍යන්තර මානව හිමිකම් නීති ප්‍රවර්ධනයට මුල සිටම විරුද්ධ විය. අනිත් අතට මානව හිමිකම් ගැන පුරසාරම් දොඩන ඇමෙරිකා එක්සත් ජනපදය සිරකරුවන්ට අතිශය අසාධාරණ ලෙස හා අමානුෂික ලෙස සලකන රාජ්‍යයක් බවට ඔප්පු වී හමාරය. ඇමෙරිකන් හමුදාව විසින් සිරියානු, ලිබියා හා ඉරාක සටන්බිම්වලදී දහස් ගණනක් සිවිල් වැසියන් දැන දැනම මරා දැමීය.
ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වන නමුත්, ප්‍රබල විදේශීය රටවල් විසින් ‘‘ණය මරඋගුල්’ හරහා මෙරට පාලනතන්ත්රයේ බලය බිඳ හෙළා අවසන් කර ඇති බව ප්‍රකට සත්‍යයකි. අපගේ දේශපාලකයන්ට බෙදුම්වාදී ත්‍රස්තවාදී රැල්ලට ඉඩදී නිවටව බලාහිඳින්නට සිදුව ඇත්තේ එබැවිනි. ඇෙමරිකාව ප්රමුඛ බටහිර බලප්රේතයන්, දෙමළ ඩයස්පෝරාව සහ එන්.ජී.ඕ. නඩයන් ශ්‍රී ලංකා හමුදාව අපකීර්තිමත් කිරීමට නිරතුරුවම බලාසිටින වාතාවරණයක් තුළ ආණ්ඩුවේ වගකිවයුතු දේශපාලඥයන් බෙදුම්වාදීන්ගේ වීරයන් වීමට මෙබඳු ආකාරයෙන් කටමැත දෙඩීම කිසිලෙසකත් අනුමත කල නොහැකිය. එබඳු කට පාලනයක් නොමැති පුද්ගලයන්ට තනතුරු ලබාදීමට පෙර ආණ්ඩුව දෙවරක් සිතිය යුතුය. එසේ නොවුණහොත් ඉදිරියේදී මෙවැනි කට වාචාල දේශපාලඥයන් අතින් රණවිරුවන්ට ත්‍රස්තවාදී ලේබලය වැදී, ත්රස්තවාදීන්ට රණවිරු ලේබලය මතු යම් දිනයක වැදුණොත් ඊටද අප පුදුම විය යුතු නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd