"1977න් පසුව පෞද්ගලික බස් සේවය ආරම්භ කළාට පසුව මුල් කාලයේ මගීන්ගේ කැමැත්ත තිබුණත්, පසු කාලයේ මගීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණා. පුද්ගලික බස් සේවය සහ ලංගම බස් සේවය කොතෙක් සාර්ථකත්වයට පත්වන්නට කටයුතු කළත්, එහි පැවති අඩුපාඩුකම් තුළ බොහෝ වේලාවට මගී ජනතාව අපහසුතාවට පත් වුණා. ඒ නිසා පුද්ගලික සහ ලංගම බස් සේවාවන් දෙකම සම්බන්ධ කරගෙන මේ ක්ෂේත්රය දියුණු කරන විසඳුමක් ඉතාම අත්‍යවශ්‍යයි.
ඒ වගේම පුද්ගලික බස් සේවාව සාර්ථක බස් සේවාවක් වගේම මගී ජනතාවට සතුටු වන සේවාවක් බවට පත් කිරීම ඉතාම ප්‍රබල අවශ්‍යතාවයක්.
මේ අලුත් වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට බස් සංගම් ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු සියලුදෙනාම එක්ව කටයුතු කළ යුතුයි. අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්රය තුළ ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු බව විශ්වාස කළ හැකියි.මෙම නියමු ව්‍යාපෘතිය ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් බවට පත් කරන්නටත්, ඒ වගේම රටේ සියලු ජනතාව කිසිදු භේදයකින් තොරව සාර්ථක ව්‍යාපෘතියක් බවට පිළිගන්නා ව්‍යාපෘතියක් කරන්නටත් සියලුදෙනා කැප විය යුතුයි"
පසුගිය 18 වනදා මහනුවර, පල්ලේකැලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස සිය අදහස් ප්‍රකාශකර සිටියේ පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීම උදෙසා වූ 'සහසර' ව්‍යාපෘතිය එළිදක්වමිනි. ඒ අනුව, ව්‍යාපෘතියේ මූලික අදියර නුවර දිස්ත්‍රික්කයේ, නුවර - කඩුගන්නාව සහ නුවර - දිගන බස් රථ මාර්ග වලදී එදින ආරම්භ විය. රටේ පොදු ප්‍රවාහන සේවය බලගැන්වීම මගින් විකල්ප මාධ්‍ය වෙත යොමුව සිටින මගීන් නැවත පොදු ප්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීමෙන් මාර්ග තදබදය අවම කිරීම හා මගී සුරක්ෂිතභාවය තහවුරු කිරීම %සහසර^ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. එසේම එය ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව සැකසී ඇත.
සංකීර්ණ සමාජ රටාවේදී ප්‍රවාහනය මූලික අවශ්‍යතාවක් බවට නිතැතින්ම පත්වන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ගමනක් යාමට ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමේදීය. එහිදී, ජනතාවට දැරිය හැකි වන පරිදි ප්‍රවාහනය ශක්තිමත් කිරීම රජයේ වගකීමයි. එහෙත් ප්‍රවාහනය, රට තුළ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ පොදු ප්‍රවාහන සේවාව ගුණාත්මක මට්ටමක නොතිබීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ 2008 වර්ෂයේදී 65෴ ක ප්රතිශතයක්ව තිබූ පොදු මගී සේවය 2016 වන විට 40% දක්වා පහළ බැස ඇත. එසේම වර්තමානයේදී වර්ෂිකව මෝටර් රථ ලක්ෂයක්, වෑන් රථ 40,000ක්, ත්‍රිරෝද රථ 130,000ක් සහ යතුරු පැදි 370,000 ක් පමණ මහා මාර්ගයේ ධාවනයට එක්ව තිබේ.
ප්‍රවාහනයේ විෂම චක්‍රයෙන් මිදීම අත්‍යවශ්‍ය කරුණකි
මෙසේ උග්රවන මාර්ග තදබදය හේතුවෙන් දිගින් දිගටම මාර්ග දෙපස පළල් කිරීමට හා වාහන ආනයනයට විශාල වියදමක් දැරීමට සිදු වුවද ප්රශ්නය තව තවත් උග්‍ර වනවා මිස ඊට විසඳුමක් ලැබී නොතිබිණි. එසේම, ශීඝ්‍ර‘යෙන් ඉහළ යමින් පවතින මාර්ග අනතුරු ප්‍රමාණයද ඉන් විපතට පත්වන පුද්ගල සංඛ්‍යාවද ගත් කල ඉතා ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇත.කරුණු කෙසේ වුවද පොදු ප්‍රවාහන සේවාව දුර්වලව ඇත්තේ රට තුළ ප්‍රමාණවත් පරිදි ධාවනයට බස් රථ නොමැති හේතුවෙන්ද? ප්‍රශ්නයට පිළිතුර නම් 'නැත' යන්නයි. සත්‍ය වශයෙන්ම, ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට අවශ්‍ය බස් රථ ප්‍රමාණයටත් වඩා වැඩි ගණනක් දැනට ලංකාවේ තිබෙනු ඇත.
එසේනම් ගැටලුව කුමක්ද?
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිත උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය, ප්‍රවාහන අමාත්‍යාංශය හා මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු වගකිව යුතු ආයතන පෙන්වා දෙන්නේ බස් රථ අතර ඇති තරගය ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇති බවයි. බස් රථයට මගීන් ගොඩ වුවහොත් පමණක් එහි ආදායම තහවුරු වීම මත සෑම බස් රථයක්ම මගියා කෙසේ හෝ තම බස් රථයටම නංවා ගැනීමට උත්සාහ දරයි. මෙම තරගය හේතුවෙන් බරපතළ දුෂ්කරතාවලට මුහුණ දෙන මගියා සිය ප්‍රවාහන අවශ්‍යතාව සඳහා පෞද්ගලික රථ වාහනවලට යොමු වේ.ඒ අනුව, ඉහත කී පරිදි වැඩි වන රථ වාහන ධාවනය සඳහා මාර්ග පුළුල් කිරීමට සිදුවන අතර, එවිට පුළුල් වූ මාර්ගවල ධාවනයට වැඩි වැඩියෙන් රථ වාහනද ආනයනය කෙරේ. ඒ අනුව, අදාළ ආයතන පෙන්වා දෙන්නේ මෙම විෂම චක්‍රය තුළින් එළියට පැමිණීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇති බවයි.
දැවෙන ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම විසඳන ක්ෂණික විසඳුමක්
ඒ අනුව, රජය ඉතා සරල විසඳුමක් ගෙන එන අතර, එය එක් දිනකදී එක් ධාවන කලාපයක ගමන් කළ සියලු බස් රථ ලැබූ මුළු ආදායම සාධාරණව එම බස් රථ අතරම බෙදී යන සාධාරණ ක්රමයකි.මේ හේතුවෙන් වැඩි ආදායමක් ලබා ගැනීමේ අරමුණින් බස් රථ එකිනෙක හා තරගකර තම බසයට මගීන් නංවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. මෙහිදී සෑම බසයකටම ඉලෙක්ට්‍රොනික කාඩ් භාවිත කරන නව ටිකට් යන්ත්‍රයක්, ජී.පී.එස්. යන්ත්‍රයක් සහ සීසීටීවී කැමරා යන්ත්‍රයක්ද ලබා දෙයි. නව ක්‍රමයට අනුව 'සහසර' නමින් පෙරගෙවුම් කාඩ්පතක් මගියා විසින් මිලදී ගනියි. මගියා රථයේ ගමන් ගන්නා විට සහසර පෙරගෙවුම් පතේ වූ වලංගු මුදල අඩු වී එම දිනයේ එම ධාවන මාර්ගයේ පොදු බැංකු ගිණුමට බැරවේ. දවස අවසානයේදී ලද මුළු ආදායම, බස් රථ ගමන් කළ වාර ගණන අනුව බස් රථ බෙදා දෙනු ලැබේ.
මගියාට පසුව තම කාඩ්පත රීලෝඩ් කරගත හැකි අතර, මගියා සතුව සහසර කාඩ්පතක් නොමැති විටෙකද අපහසුවකින් තොරව ගමන යාමට හැකිවනු ඇත. එනම් මගියාට මුදල් ගෙවා බස් රථයේ කොන්දොස්තර මහතා අතැති සහසර කාඩ්පතින් ගාස්තු ගෙවිය හැකිය. කොන්දොස්තර මහතාට දිනය අවසානයේදී තමන් මගීන්ගෙන් ලද මුදලින් සහසර කාඩ්පත රීලෝඩ් කරගත හැකිය.
බස්රථ මගියාට ගුණාත්මක සේවාවක් ලබාදීම අනිවාර්යයි
මෙහිදී විකල්ප ක්‍රම මගින් ගමන් යාමට සිටින මගීන් පොදු බස් රථ වෙත යොමුකර ගැනීම කොන්දොස්තර හා රියදුරුගේ වගකීමයි. මගියා රථයට ගොඩ වුවහොත් පමණක් ආදායම වැඩි වීම තුළ මගියාට ගුණාත්මක සේවාවක් ලබාදීම අනිවාර්ය වේ.ඒ අනුව, නිසි වෙලාවට බස් රථය ධාවනය වීම, රථයේ ධාරිතාවට සුදුසු මගීන් ප්‍රමාණයක් නංවා ගැනීම, රියදුරු හා කොන්දොස්තර විනීත වීම, අවදානම් සහගත ලෙස මාර්ගයේ ධාවනයේ නොයෙදීම හා මගීන්ගේ සුවපහසුව පිළිබඳ සැලකිලිමත් වීම යනාදිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුය.එසේම, අදාළ ධාවන කලාපයේ ගමන් ගන්නා බස් රථ සියල්ලම සාමූහිකව තම සේවයේ යෙදීමද අනිවාර්ය වනු ඇත.
'සහසර' සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීම
බස් රථ සම්බන්ධයෙන් මැදිහත්වීමක් රජයේ පාර්ශ්වයෙන් සිදු නොවන අතර, සේවකයන් පාලනයක්ද සිදු නොවෙයි. සාමාන්‍ය පරිදි කාලසටහනකට අනුව බස් රථ ධාවනය වුවත් අවශ්‍ය විටෙක එය යාවත්කාලීන වීමක් සිදුවනු ඇත.එසේම, බස් රථ ධාවනය සම්බන්ධයෙන් මෙහෙයුම් මැදිරියක් මගින් අධීක්ෂණ කටයුතු සිදුකෙරේ. එහිදී මගීන්ට යම් අපහසුතාවයක් වේ නම් අදාළ දුරකථන අංක ඔස්සේ මෙහෙයුම් මැදිරිය අමතා ක්ෂණිකව පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. සහකාර ව්‍යාපෘතියේ මූල්‍ය පරිහරණය සම්බන්ධ විගණනයක්ද සිදුවන අතර, දිගුකාලීන සැලසුම් සැකසීම සඳහා උපදේශක කමිටුවකින්ද එය සමන්විතය.කෙසේ වුවද තවදුරටත් අත්හදා බැලීම් සිදුකළ යුතුව ඇති හෙයින් මෙහි නියමු ව්‍යාපෘතිය අදියර කිහිපයකින් පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ සඳහා පෞද්ගලික බස් රථ 55ක් පමණක් යොදා ගැනෙනු ඇත.
ඒ අනුව පසුගිය 18 වනදා නුවර ප්‍ර‘දේශයෙන් ආරම්භ වූ ව්‍යාපෘතියේ මුල් අදියරේ සාර්ථකත්වය අධීක්ෂණයෙන් අනතුරුව ස්ථිර දීපව්‍යාප්ත ව්‍යාපෘතියක් දියත් කිරීම රජයේ අපේක්ෂාවයි.එසේම, ව්‍යාපෘතිය දැනට දියත් කෙරෙමින් පවතින නුවර - කඩුගන්නාව, නුවර - දිගන බස් රථ මාර්ගවල පැමිණිලි 081 2222229 යන අංකය ඔස්සේ ලබා දෙන ලෙසද මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.