කතරගම මහා දේවාලය වාර්ෂිකව පවත්වන ඉල් මහා පෙරහර මංගල්‍යය අද (14දා) ආරම්භ වීමට නියමිතය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
කතරගම දෙවියන් ජීවමානව පෙනී සිටි අවස්ථා අපමණය. මේ එවන් තවත් සත්‍ය කතාන්දරයකි. සුරංග හා සුරංගී ඉතා සෙනෙහසින් බැඳුණ යුවළක් විය. වසර පහක ඇසුරකින් පසුව ඔවුන් විවාහ වූයේ දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේ නොමඳ ආශිර්වාදයද සමගිනි. විවාහෝත්ස්වය හමාර වී මාසයක් පමණ ගෙවුණි. ඔවුන් කතරගම වන්දනාවේ යෑමට තීරණය කළේ කලකට ඉහතදී වූ භාරයක් ඉටුකිරීම සඳහාය. ඉතා භක්තිමත් සිතින් යුක්තව කතරගම පූජා කටයුතු නිම කළ නව යුවළ සැහැල්ලූ සිතින් දෛනික වැඩකටයුතුවල යෙදෙන්නට විය.
කතරගම ගොස් පැමිණි දින සිට ඔවුන්ගේ ගතට යම් වෙනසක් දැනෙන්ට විය. ඒ ආහාර අරුචියයි. සුරංගී රසවත්ව ආහාර පිසීමේ හැකියාව ඇත්තියකි. එහෙත් දැන් ඇය පිසින ආහාරවල රස සුරංගට නොව ආහාර පිසින සුරංගීටද නොදැනෙන්නට විය. ආහාර රසවත් කිරීමට විවිධ උපක්‍රම යෙදුවද ඒ කිසිවකින් හෝ සුරංගීගේ ආහාරවල සුපුරුදු රසය ලබාගැනීමට නොහැකි විය. අවසානයේදී ඔවුන් ආපන ශාලා වලින් ආහාර සපයාගනු ලැබුවද ඒ කිසිදු ආහාරයක රසවත් බවක් ඔවුනට නොදැනුණි.
මෙය සෞඛ්‍ය ගැටලුවක් මත සිදුවූවක් යයි සැක පහළ කළ ඔවුන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමු විය. ඒ අනුව නියම කරන ලද විවිධ විටමින් සහ බෙහෙත් වර්ග ඔවුන් කොතෙකුත් භාවිත කළද එයින්ද නිසි ප්‍රතිඵලයක් ඔවුනට නොලැබුණි. දෙහි කැපීම්, යන්ත්‍ර දැමීම් වැනි ගුප්ත යාතිකර්ම වල යෙදුණද ඒ සියල්ලකගෙන්ම ඔවුනට ලැබුනේ නිෂ්ඵල ප්‍රතිඵලය.
දින ගණන්, සති ගණන් මෙලෙස ගෙවී ගියේය. නිසි ආහාරයක් නොමැතිකමින් ඔවුන් දෙපළගේම සිරුරු වැහැරුණි. සුරංගට තම රැකියාව පවා නිසි අයුරින් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වුණි. මේ අතර ඔවුන් දෙපළ අතර නොගැළපීම් ඇති බවට දෙපාර්ශ්වයේම වැඩිහිටි ඥාතීන් අතර කතාබහද මතුවන්නට විය. එය පවුල් දෙක අතර හිත් නොහොඳකම් ඇවිළීමට මූලික වීම නිසා සුරංගත් සුරංගීත් මානසිකව තවත් ඇදවැටුණි.
මේ පිළිබඳව සොයා බැලීමට සුරංගිගේ ඥාතියෙකු දිනක් නිවසට පැමිණියේය. මුලසිටම ඔවුන්ගේ කතාවට හොඳින් ඇහුම්කන් දී සිටි එම ඥාතිවරයා තම ඥාති දියණිය හා පුතණුවන් පත්වී සිටින අසරණ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගනිමින් ඒ පිලිබඳව යායුතු මග ඔවුනට පැහැදිලි කර දුනි.
'මට හිතෙනවා මෙතන අපි නොදන්න යමක් සිද්ධවෙලා තියෙනවා කියලා. අපි ඒ ගැන මුලින්ම හොයල බලමු. අපේ ගමට අල්ලපු ගමේ ආරූඩෙන් ශාස්ත්‍ර කියන වෙද මහත්තයෙක් ඉන්නවා. එයා හුඟක් ලෙඩ්ඩු සනීප කරලත් තියනවලු. මම හිතනවා අපි එතැනට ගිහිල්ලා මේ ගැන සොයා බැලුවොත් හොඳයි කියල'
'මට නම් මේ හැමදෙයක්ම එපාවෙලා තියෙන්නේ. ඔය වගේ කීයක් දේවල් නම් අපි දැන් කරල තියෙනවද? කමක් නැහැ මාමා මෙච්චර දුරක් අපි වෙනුවෙන් ආපු එකේ හෙට උදේම එතැනටත් ගිහිල්ල බලමු' සුරංග සිය ඥාතියා හා එකඟ විය.
ඔවුන් දෙපළ පසුදා හිමිදිරියේම සිය ඥාතියා පැමිණි රථයේම ඔහු පැවසූ ස්ථානය බලා පිටත් වූයේ දෙගිඩියාවෙන් යුතුවය. මන්ද ඔවුන් මෙතෙක් ගත් සියලු ප්රයත්නයන් නිරර්ථක වූ නිසාය. ශාස්ත්‍ර කියන ස්ථානයට යන විටත් එහි දිගු පෝලිමක් දක්නට ලැබුණි. දේවාලය ඇතුළට ගනු ලබන්නේ අංක පිළිවෙළටය. එබැවින් ඔවුන් සිය අංකයට කැඳවුමක් ලැබෙනතුරු වාහනයට වී සිටියේ පෝලිමේ සිටිමේ ශක්තියක් ඔවුන්ගේ ගතේ නොවූ බැවිනි. එලෙස මඳ වේලාවක් ගත විය.
'කන්ඩ බැරුව ලෙඩ වෙලා දෙන්නෙක් ඇවිල්ල ඉන්නවා... ඒ දෙන්නට ඉක්මනට එන්න කියාපන්' ශාස්ත්‍ර කියන වෙද මහතා හඬනගා සිය අත්උදව්කරුට කියනු වාහනයේ සිටි තිදෙනාට යාන්තමින් ඇසුණි. එයින් වික්ෂිප්තයට පත් ඔවුන් වහා දේවාලයට පිවිස බුලත් හුරුල්ල සමග නියමිත පඬුර මල් යහන මත තැබුවේය.
'ඔය පඬුර ගනින්... මට උඹලගේ පඬුරු එපා... මම මේ කියන එක හොඳට අහගනින්... උඹල දෙන්නා ළඟකදි දෙවියන්ට දානයක් දුන්න නේද?'
'දානයක් නම් දුන්නෙ නැහැ... අපි කතරගම ගිහින් පලතුරු පූජාවක් තියල බාරයක් ඔප්පු කළා' සුරංගගේ පිළිතුර විය.
'පුජාව තමයි බං දානයක් වෙන්නෙ.. උඹල පූජාව මට කැප කරල එළියට ඇවිල්ල මොකද කළේ. ඒක දානයක් හැටියට බෙදුවද? නැහැ නේද? උඹ කළේ ඒක ඉල්ලගෙන ආපහු මගේ ඔළුවට ඇනල එලවගෙන උඹල දෙන්න ඒක තනියෙන්ම කෑවා.. දැන් මතකද?' සුරංගගේ සිරුරම දහදියෙන් නැහැවුණි.
'අනේ අපිට සමාවෙන්න දෙවියනේ... නොදැනුවත්කමිනුයි ඒ වගේ දෙයක් අපේ අතින් සිද්ධ වුණේ..' සුරංගත් ඔහුගේ බිරියත් පැවසුවේ හඬා වැටෙමිනි.
‘ඔව් මම උඹලට සමාව දෙනවා... හැබැයි ඉක්මනට කතරගම ගිහින් දේවාලෙ අවට ඉන්න පුංචි දරුවන්ට රසකැවිලි දානයක් දීල සතුටු කරන්න ඕන... උඹලට ඊට පස්සෙ සමාව ලැබේවි.... ආයෙත් මෙහෙ එන්ඩ ඕන නැහැ... දැන් පලයල්ල..'
දේවාලයෙන් සමුගත් ඔවුන් රථයට ගොඩවූ විට ඔවුන්ව එම ස්ථානයට කැඳවාගෙන පැමිණි ඥාතියා පැවසූ දෙයින් ඔවුන් තවත් පුදුමයට පත්විය. ඔහු කඳ සුරිඳුන් කෙරෙහි විශ්වාසයෙන් යුත් බැතිමතෙකි. දිනක් රාත්‍රියේ සිහිනෙන් ඔහු කිරි වෙහෙර දැක ඇත. එහිදී හඳුනාගත නොහැකි අයෙකුගේ හඬක් ඔහුට අසන්නට ලැබී ඇත.
'අලුත බැඳපු ජෝඩුවට අමාරුයි උඹ ගිහින් මෙහෙ එක්කන් වරෙන්' ඔහු වහා තිගැස්සී අවදි වී මේ පිළිබඳව සිතන්නට විය. පසුදාම සියලු වැඩ පසෙක තබා තම ඥාති දියණිය බලන්නට ආවේ ඒ නිසාය.
නව යුවළ ඊට දින දෙකකට පසුව සිය ඥාතිවරයාද සමග කතරගමට ගොස් ශාස්ත්‍රයට කියූ ආකාරයටම දේවාලය අසල සිටි සියලුම දරුවන්ට රසකැවිලි පාර්සල් පමණක් නොව, ඔවුන්ගේ ශක්ති ප්‍රමාණය අනුව ඇඳුම් පැලඳුම්ද බෙදනු ලැබුවේ කතරගම දෙවින්යන් කෙරෙහි වූ අපරිමිත භක්තියෙන් යුතුවය.
එම දානය දී අවසානයේ ඔවුනට සිත පුරා සතුට මෙන්ම මාස දෙකකට පමණ පසුව කුස පුරා ආහාර ගැනීමේ රුචියද ඇති විය. දේව පූජාවන් තබන බොහෝ බැතිමතුන් ඒවා අන් අයට බෙදා නොදී ඔවුන්ම පරිභෝජනයට ගනු ලබයි. පූජාවක් යනු දානයකි. එය දෙවියන්ට කැපකිරීමෙන් පසුව අන් අය වෙත බෙදාදීමෙන් දානය පරිපූර්ණ වේ. මෙය බොහෝදෙනෙකු නොදන්නා කරුණකි . මෙමගින් හෝ ඔවුන් දැනුවත් කිරීම අප සතු යුතුකමකි.
සටහන අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ