උඩරට කඳුකරයේ වෙසෙන බහුතරයක් වූ කෘෂි ගොවීන් තම කෘෂි අස්වනු සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ හෝ සාධාරණ අලෙවි මිලක් බලාපොරොත්තුවෙන් සිටියද, දිනෙන් දින කෘෂි අස්වනු තොග එළවළු මිල කිලෝවක් රුපියල් 10 දක්වාම අඩු වීම හේතුවෙන් උඩරට එළවළු ගොවීහු මෙවර අලුත් අවුරුද්දේ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මේ අයුරින් උඩරට කඳුකරයට අයත් ඌව පළාතේ හා මධ්‍යම පළාතේ වැලිමඩ - නුවරඑළිය - ඌව පරණගම ප්‍රධාන කොටගත් බදුල්ල, පස්සර, ලුණුගල, මහියංගණය, බුත්තල, කතරගම, වැල්ලවාය, මොනරාගල, බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, බොරගස්, රාගල, සීතාඑළිය ප්‍රදේශවල වෙසෙන කෘෂි ගොවීහු මෙසේ අසරණභාවයට පත්ව සිටිති.
ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදී යුගයේදී පටන් උඩරට, පහතරට වශයෙන් හා සිංහල, ඉංග්‍රීසි ලෙසට කෘෂි වගාවන් වර්ග දෙකකට බෙදා වෙන් කර තිබිණ. එහිදී අද අප මැලේසියාවෙන් බීජ ලබාගෙන සිංහල කෘෂි වගා ලෙසට හා පහතරට එළවළු ලෙස සලකන වම්බටු, මෑකරල්, වට්ටක්කා, මාලුමිරිස්, පතෝල, වැටකොළු, බණ්ඩක්කා ආදිය වගා කරනු ලැබුවේ ඌව පළාතේ පහතබිම් පිහිටි වැල්ලවාය, මොනරාගල, මහියංගණය ආදී ගොවිබිම්වලය.
එහෙත් ඒවාට අනාදිමත් කාලයක සිටම පහතරට එළවළු ලෙසට නම් ලැබුණේ පහතරට ප්‍රදේශවල කුඹුරු යායවලට මායිම්ව තිබූ කුඹුරු ඉපනැලිවල බිම් තීරුවල වගා කළ බැවිනි. එසේම ඉංග්‍රීසි එළවළු ලෙසට කැරට්, බීට්, ලීක්ස්, ගෝවා, රාබු, ටර්නීප් පුංචි එංගලන්තය ලෙසට ප්‍රසිද්ධ නුවරඑළිය ආසන්නයේ වගාබිම්වල වගා කළේය. මෙම දෙකොටසටම අයත් නොවූ අර්තාපල් වගාව 50 දශකයේ මුල් භාගයේ සිට මේ දක්වාම ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණ දක්වාම වගා කරයි.
70 දශකය වනතුරුම මෙම ඉංග්‍රීසි එළවළු ශ්‍රී ලංකාවේ මිල අධික සුපිරිම එළවළු ලෙසට පාරිභෝගික ජනතාව පිළිගෙන තිබුණද, පසුගිය කාලය පුරා දේශීය වට්ටක්කා මිල කිලෝවක් රුපියල් 100 ඉක්මවා තිබිණ. දේශීය කොස් සඳහා කිලෝවකට රුපියල් 60ක්ද, පොලොස් ගෙඩියක් රුපියල් 50ක ස්ථාවර මිලකට පැවතීමත් පිළිබඳව අප සෑහීමකට පත් විය යුතුය.
අර්තාපල්වලට රුපියල් 30ක ආනයන බද්ද ගැහුවට තාමත් තොග අස්වනු මිල රුපියල් 50ට බැහැල තියෙන්නේ වර්තමානයේ උඩරට කෘෂි වෙළෙඳ පොළේ පවතින මෙම එළවළු තොග මිල පහත බැසීමේ ව්‍යාකූලතාව පිළිබඳව අපට අදහස් දැක්වූ ඌව පරණගම තවලම්පොළ දැහිවෙල ගොවි සංවිධානයේ සභාපති ඒ.සී.එම්. රසීක් පරීඩ් මහතා.
අද එළවළු ගොවියන් රජ කරනවාය කියා පුරසාරම් දෙඩූවන් රටේ පාලනය පිළිබඳව තනතුරු සඳහා බල අරගලයක නිරතව සිටිනවා. කලින් පළාත් පාලන මැතිවරණය තියෙනකොට අපි ගොවියෝ හිතුවා එයින් පසුව හෝ අපේ අස්වනුවලට මිලක් ලබාදෙයි කියලා. එයින් පසුව දැන් වෙන මොකක් හරි දාගෙන මෙම ගොවීන්ගේ ප්‍රශ්න යටපත් කරගෙන සිටින බව පැහැදිලිවම පේනවා. අපේ අර්තාපල් අස්වනුවලට රුපියල් 30ක ආනයන බද්ද ගැහුවට තාමත් තොග අස්වනු මිල රුපියල් 50ට බැහැල තියෙන්නේ.
එදා ඉඳලා අර්තාපල්වලට හොඳ මිලක් ලබාදෙන්න පැවති රජයන් හා පවතින රජයන් කළේ මිල අඩු වූ විට ආනයන බද්ද වැඩි කරපු එකයි. මේ රජය කරන්නෙත් ඒකම තමයි. මෙම අදූරදර්ශී ක්‍රියාවෙන් සිදුවන්නේ අර්තාපල් අස්වනුවලට නියම සාධාරණ මිලක් එන එක නොවෙයි, අතර මැදි වෙළෙඳුන් පොෙහාසත් වෙන එකයි. අපි ගොවි සංවිධාන වශයෙන් ගිහින් මේ ගැන පැහැදිලි කළා. ඒත් ඒක සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. මොකද ආනයන බද්ද ගහන්න ඉස්සරවෙලා අතරමැදි තොග වෙළෙඳුන් ළඟ රුපියල් කෝටි ගාණක අර්තාපල් ගබඩා වෙලා තිබෙනවා.
මෙහෙම ගියොත් කෘෂි ගොවීන් වගාවෙන් ඉවත්වෙලා රජයේ රැකියා පෝලිමට එක්වෙයි. ඒකෙන් වෙන්නේ රජයත් නැති ප්‍රශ්නයක් ඇතිකර ගැනීමයි. ඒ නිසා මේ අලුත් අවුරුදු සමයේ හෝ රජය මැදිහත් වෙලා හමුදාව දාල හරි මෙම කෘෂි අස්වනු සාධාරණ මිලකට අරගෙන කෘෂි ගොවීන්ගේ අතට මුදලක් ලැබෙන්න සලස්වන්න ඕනේ. ඔය රටේ තිබෙන අනෙක් ප්‍රශ්න මේ ගොවි ජනතාවට අදාළ නැහැ කියලා කියන්න ඕනේ.
ගොවීන්ගේ සේසතම අද මේ මහපොළොවට යට කරලා අවුරුදු සමරන්නේ කොහොමද වැවිලි ව්‍යාපාරික ඌව පරණගම ගලහගම කැලුම් තෙන්නකෝන් මහතා.
මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මෙවර නියමාකාරයෙන් මෝසම් වැසි තිබෙන නිසා අලුත් අවුරුදු වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන ගෝවා වගා කළා. දැන් අපේ ගෝවා තොග මිල රුපියල් 10ටවත් කිසිවෙක් මිලදී ගන්නෙ නැහැ. මේ ගොවීන්ගේ අතේ තිබුණ මුළු සේසතම අද මේ මහපොළොවට යට කරලා අවුරුදු සමරන්නේ කොහොමද කියලා සුසුම් හෙළනවා.
අපේ රටේ එදා අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවක් කියල එකක් තිබ්බා. එයත් වැහුවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියල එකක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ පුළුවන් තරම් වැඩි වැඩියෙන් වගා කරන්න කියලයි. හරි අපි දැන් වගා කළා. දැන් මේවා කාටද දෙන්නේ? ඒ වෙලාවට කවුරුවත් නැහැ. ඇත්තටම අපේ රටේ මෙහෙම අසරණ වූ විට සොයා බලන්න කිසිවෙකු හෝ නැද්ද කියලා මම අහනවා.
වැලිමඩ, දික්කාපිටිය ගොවි ගම්මානයේද අර්තාපල්, ගෝවා, වම්බටු හා තක්කාලි වගාකරුවන් සිටියද මෙවර අලුත් අවුරුදු වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් බොහෝ ගොවීන් වගාකර තිබුණේ බෝංචි වගාවය.
අද බෝංචි තොග මිල රුපියල් 20ටම බැහැලා වැලිමඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දික්කාපිටියේ නාලක මනතුංග මහතා මෙලෙස අදහස් දැක්වීය.
අපේ ගමේ බොහෝ දෙනෙකු අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කළේ බෝංචි වගාවයි. පසුගිය 02දා බෝංචි අසවනු සඳහා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයෙන් ගෙවලා තිබුණේ කිලෝවකට රුපියල් 37ත් 47ත් අතර මිලක්. ඒත් දවස් දෙකක් ගියේ නැහැ අද බෝංචි තොග මිල රුපියල් 20ටම බැහැලා. හෙට අනිද්දා වෙනකොට කීයකටවත් ගන්නෙ නැහැ කියන කතාවක් තමයි කියන්නේ
බෝංචි ඇට කිලෝවක් රුපියල් 1800කට මිලදී ගන්නේ. රුපියල් 10,000ක් විතර බෝංචි කොටුෙවලට වැය කරනවා. පොහොර බෙහෙත්වලට වැය කරනවා. මේ වගේ අඩු මිලක් මින් පෙර කවදාවත්ම ආවේ නැහැ. මෙම ගොවීන්ට සිදුවෙලා තියෙන අසාධාරණයට කඩිනම්
විසඳුමක් ලබාදෙන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සාධාරණ මිලකට අලෙවි කරගන්න ක්‍රමයක් රජය විසින් සකසා දිය යුතු වෙනවා බණ්ඩාරවෙල ඇල්ල, රාවණා ඇල්ලේ ඒ.එම්. ගුණසේකර මහතා මෙසේ කීය.
මෙවර මේ යායේ අපේ ගොවීන් වැඩිපුරම වගා කළේ තක්කාලි හා අමුමිරිස්. පසුගිය අවුරුද්ද පුරාම අමුමිරිස්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. එක කාලෙක කිලෝවක් රුපියල් 900 දක්වා ඉහළ ගියා. ඒත් මේ අවුරුද්දේ අමුමිරිස් තොග මිල රුපියල් 100ටම බැස්සා. බණ්ඩාරවෙල වෙෙළඳ පොළේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 20ට බැහැලා. අනෙක් එළවළු වර්ගවල මිලත් එහෙමයි. වැලිමඩ, ඌව පරණගම වගා අස්වනු කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට අරගෙන ගිහිල්ලා එතැන අඩු මිලක් කිව්වාම ඒ එළවළු ඔක්කොම බණ්ඩාරවෙලට අරන් එනවා. එතකොට බණ්ඩාරවෙල තොග වෙළෙඳ පොළේ එළවළු වැඩි වුණ ගමන් මිල බහිනවා. ඒ නිසා මෙම වගා අස්වනු ඒ ඒ ප්රදේශවලම සාධාරණ මිලකට අලෙවි කරගන්න ක්‍රමයක් රජය විසින් සකසා දිය යුතු වෙනවා.
ගොවීන්ට මෙවර අලුත් අවුරුද්දට කැඳ බොන්න තමයි සිද්ධ වෙන්නේ වැලිමඩ, රතඹ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහතා කීවේ මෙවන් දෙයකි.
අද වෙනකොට කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයටත් අභියෝගයක් වෙලා තිබෙන්නේ අපේ රතඹ තොග වෙළෙඳ පොළයි. එයට ප්‍රධානම හේතුව තමයි රතඹ තොග වෙළෙඳ පොළ වටකරලම සරුසාරව එළවළු වගා කිරීම. නුවරඑළියේ වගාව වගේ කාලයක් නැහැ. අස්වනු ගලවනකොටම ඊළඟ වගාව ආරම්භ කරනවා. වසරකට කන්න තුනක් වගා කරනවා.
රතඹේ එදා ඉඳලම වැඩිපුර වගා කළේ වම්බටුයි, බෝංචි වගාවයි. මේ වගාවන් දෙකෙහිම අද තොග මිල රුපියල් 20ට බැහැලා. හාල් කිලෝවක් හා පොල් ගෙඩියක් ගන්න වගා අස්වනු කිලෝ 10ක් අලෙවි කරන්න ඕනේ. මෙහෙම ගියොත් ගොවීන්ට මෙවර අලුත් අවුරුද්දට කැඳ බොන්න තමයි සිද්ධ වෙන්නේ. මේවා මේ ප්රාදේශීයව ඉන්න දේශපාලන නායකයන් ඉහළ තැන්වලට දැනුවත් කරලා අපේ ගොවියාට සහනයක් සලසන්න ඕනේ.ගොවීන් පුරුදු වෙලා ඉන්නේ මිල බැස්සද පාරට බැහැලා කෑ ගහන්නයි. මිල හොඳ වුණාම සද්ද නැතිව ඉන්නවා
අවසානයේ අපි සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක කොළඹ මැනිං එළවළු තොග වෙළෙඳ පොළේ එච්. එම්. උපසේන මහතාගේ අදහස්ද විමසා සිටියෙමු.
අද වෙනකොට කොළඹ මැනිං තොග වෙළෙඳ පොළේ එළවළු මිලත් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතිනවා. පසුගිය දිනවලදී උඩරට ප්‍රදේශයෙන් රැගෙන ආ අර්තාපල් තොග ආපහු හරවා යවන්න සිදුවූවා. දඹුල්ලට ගෙන ගිය ඒවාත් ආපසු හරවා යවා තිබුණා. මීට පෙර කිසිමදාක සිදු නොවූ දේවල් දැන් දැන් සිදුවෙනවා. මෙම එළවළු මිල අඩු වීමට අර්තාපල් මිල අඩු වීම සෘජුවම බලපානවා. මොකද අර්තාපල් මිල අඩුවට තියෙද්දී වැඩි මිලක් ගෙවලා අනෙක් එළවළු ගන්නේ මොකටද? කියලා පාරිභෝගිකයෝ අහනවා.
අනෙක් කාරණය තමයි දැන් වසර 30ක් පුරා තිබුණු උතුරු නැගෙනහිර වාර්ගික යුද්ධය අවසන් වෙලා උතුරු නැගෙනහිර කෘෂි අස්වනුත් ලංකාව පුරාම යනවා. ඉතිං මෙම කරුණු සලකා බලලා, අපේ සමස්ත ලංකා වෙළෙඳ සංගමයත් ගොවීන් සමග එක්වෙලා කෘෂි අස්වනු සඳහා සාධාරණ ස්ථාවර මිලක් වසර පුරාම බලපාන ලෙසට ලබාදෙන්න කියලා රජයට බලකර සිටීමට සංවිධනය වුණත්, ගොවීන් එයට නිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. දැන් ගොවීන් පුරුදු වෙලා ඉන්නේ මිල බැස්සද පාරට බැහැලා කෑ ගහන්නයි. මිල හොඳ වුණාම සද්ද නැතිව ඉන්නවා. ඒත් යළි මිල බහිනවා කියල ඔවුන් හිතන්නේ නැහැ.
මේ අරමුණ තිබෙනතාක් ශ්‍රී ලංකාවේ ගොවියාට හිමි නියම තැන කවරදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා, එන්න අපිත් සමග එක්වෙලා ගොවියාට හිමි තැන ලබාගන්න ඉදිරියට යන්න. අපි මෙම සද්කාර්යයට කාලය ධනය වැය කරන්නේ ගොවියාගෙන් අපද රැකෙන නිසායි.
මෙම කතාබහ කෙසේ වුවද මෙවර අලුත් අවුරුදු සැමරීමට හෝ රජය මැදිහත් වී කෘෂි ගොවියාගේ අත මිට සරු කළයුතු බව අපටද වැටහිණ.
ඌව පරණගම - අර්නි දඹදෙණිය