Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාව තුළ ප්‍රා‘දේශීය වනජීවි කලාප 10 ක් පුරා පැතිරුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 107 ක වනඅලි සහ මිනිස් ගැටුම් වාර්තා වන අතර, වාර්ෂිකව මිනිස් ජීවිත 75 ක් පමණද, වනඅලින් 200 ක් පමණද මින් විනාශයට පත් වේ. ඒ අනුව ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වාර්ෂිකව රුපියල් මිලියන 500 ක පමණ පිරිවැයක් රජය විසින් දැරීමට සිදුව ඇත.
(ගැටුම් වැඩි වශයෙන් පවතින ප්‍රදේශ ලෙස වැල්ලවාය, ලුණුගම්වෙහෙර, අම්පාර, උහන, පෝරතිව් පත්තු, කෝරළෙයි පත්තු, මහියංගණය, දෙහිඅත්තකණ්ඩිය, විල්ගමුව, දිඹුලාගල, කෝරලෙයි පත්තු දකුණ, වැලිකන්ද, කැකිරාව, පලුගස්වැව, ගල්ගමුව, කොටවෙහෙර සහ නිකවැරටිය හඳුනාගෙන ඇත) වනඅලි හා මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා පසුගිය සමය තුළ ක්‍රියාත්මක වූ ක්‍රම‘වේදයන් කිසිවක් සාර්ථක නොවූයේ ඒවායේ ඇති ප්‍රා‘යෝගිකත්වය අවම වීම හේතුවෙනි.
එහිදී, ස්ථිර වනඅලි පළවා හැරීම තුළ විශාල ප්‍ර‘දේශයක ව්‍යාප්තව සිටි වනඅලි ගහනයක් එක් සීමිත ප්‍ර‘දේශයකට කොටුවීමෙන් වනඅලි පෝෂණමය වශයෙන් දුර්වල වන අතර, නැවතත් තම මුල් නිජබිම් වෙත පැමිණීමට උත්සහ කිරීම් නිරන්තරයෙන් දක්නට ලැබුණි.එසේම වනඅලි අල්ලා ඉවත් කිරීමේදී එක් ප්‍ර‘දේශයක සිට තවත් ප්‍ර‘දේශයක් වෙත රැගෙන යන අලියා දැඩි කලබලකාරීත්වයට පත්වීම ගැටුමට සෘජුවම හේතුවක් වන අතර, අවසානයේදී බොහෝ සතුන් ජීවිතක්ෂයට පත් වූ අවස්ථා වාර්තා විය.
තවද අලි වෙඩි භාවිතය තුළින් ඇතිවන අධික ශබ්දය අලින්ට ශ්‍රවණාබාධ ඇති කරන බවට සොයාගෙන ඇත. ඒ අනුව, ශ්‍රවණාබාධ ඇති වූ වනඅලින් අලි වෙඩි සඳහා ප්‍රතිචාරයක් නොදක්වයි.ගැටුම් පාලනය සඳහා අත්හදා බලන ලද තවත් ක්‍රම‘වේදයක් නම්, ජීව වැට ඉදිකිරීමයි. තල්, හණ, බෝගන්විලා සහ දෙහි වැනි ශාක ඒ සඳහා යෝජනා වී තිබුණද අදාළ ශාක විශේෂ සඳහා ඒවාට ආවේණික වූ සීමාවක් ඇත.ඒ අනුව මෙම අසාර්ථක වීම්ද සැලකිල්ලට ගෙන වඩා හොඳින් අධ්‍යයනය කළ පසු නව ව්‍යාපෘතිය සැකසීමේදී ප්‍රධාන ගැටලු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත.
එසේ අවධානය යොමු කරන ලද ගැටලු ලෙස අවධිමත් මිනිස් පදිංචි වීම්, මිනිස් ජීවිත හානිය සහ වනඅලි මියයාම (මිනිස් ජීවිත හානි වීම තුළ ග්‍රාමීය ජීවන තත්ත්වය අවදානමට ලක්වීම හා ජනතාවගේ අරගල ප්‍රා‘දේශීය පරිපාලනයටද බලපෑම් ඇති කරයි), වන අලින්ගේ හැසිරීම් පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම, අලි සංරක්ෂණ ප්‍ර‘දේශ ආශ්රිත ගැටලු, උතුරු කලාපීය සංවර්ධනය හා එමගින් සිදුවිය හැකි අලින්ගේ වාසස්ථාන හායනය, වනඅලි වනඅලි වනාත්තර තුළ රඳවාගැනීමේ හැකියාව හා පාරිසරික වටිනාකම, අලින්ගේ පාරම්පරික සංචාරක මාර්ග අවහිර වීම, ආක්රමණික ශාක මගින් සිදුවන වාසස්ථාන හායනය සහ විසඳුම් ක්‍රියාත්මක කරන පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතාව අඩුවීම යනාදිය දැක්විය හැකිය.
මෙම කමිටු හරහා වන පිවිසුම් හා සංවේදී ප්‍ර‘දේශවල පදිංචිව ඇති පුද්ගලයන් සඳහා විකල්ප ඉඩම් හා යෝජනා ක්‍රම හඳුනාගැනීම, විදුලි වැට ඉදිකළ යුතු මාර්ග හඳුනාගැනීම හා පවතින ගැටලු නිරාකරණය කිරීම, විදුලි වැට නඩත්තුව සඳහා අවශ්‍ය සහාය සහ පසු විපරම සිදු වනු ඇත.
පරිපාලනමය වශයෙන් පහසුව සඳහා වනඅලි සංරක්ෂණ කලාප 04 ක් හඳුනාගෙන ඇති අතර වනඅලි හා මිනිසුන් ගැවසෙන ප්‍ර‘දේශ පැහැදිලිව වෙන්කළ නොහැකි ස්ථාන 03 ක් විශේෂ සංරක්ෂණ කලාප ලෙස හඳුනාගෙන තිබේ.
වනඅලි සංචරණ කලාප හා විශේෂිත සංරක්ෂණ කලාප අතර වන පිවිසුම් ස්ථාපිත කිරීම තුළ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව වනඅලින්ට නිදහසේ සංචරණය කිරීමට අවස්ථාව සැලසේ. මේ වනවිට ඒ සඳහා සුදුසු වන පිවිසුම් 16 ක් හඳුනාගෙන ඇත.
මේ සඳහා වන රක්ෂිත කලාප 25 ක් ජාතික උද්‍යාන බවට උසස් කිරීමට යෝජනා කෙරෙන අතර, ඊට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර ඉදිරිපත් කළ යුතු වේ.
අයහපත් කාලගුණික තත්ත්වයන්වලදී ශාක හා තෘණ වර්ධනය පහසු වන පරිදි හා සතුන්ට ජලය ලබාගැනීම පහසු වන පරිදි ඒකාකාරී ලෙස විසිරුණු ජල ප්‍රභවයන් වනරක්ෂිත කලාප තුළ ස්ථාපිත කෙරේ. ඒ මගින් ජල අවශ්‍යතා සඳහා වනඅලි රක්ෂිත මායිම් වෙත පැමිණීම වළක්වාගත හැකිය.
වනඅලි ගැවසෙන ප්‍රදේශ ආශ්රිත භූමි පරිභෝජනයන් වෙනස් කරන්නේ නම්, එය ඉතා සැලසුම් සහගතව සිදුකිරීමට යෝජිතය.
දැනට පවතින තොරතුරු අනුව වනඅලි සංචරණය පාලනය සඳහා වඩා යෝග්‍ය ක්‍රම‘වේදය ලෙස විදුලි වැට ඉදිකිරීම දැක්විය හැකිය.
එය බලපෑම උපරිම වන පරිදි පැවැත්වීමට හා නඩත්තුව සඳහා ගම්මාන මායිමේ හෝ වනාන්තර මායිමේ ඉදිකළ යුතුය. මේ වනවිට කිලෝමීටර 2,650 ක පමණ විදුලි වැට ඉදිව ඇති අතර, ඉන් ඇතැම් කොටසක් අලුත්වැඩියා කළයුතු තත්ත්වයේද, තවත් කොටසක් වෙනස් කළ යුතු තත්ත්වයේද ඇත.
තවද සම්පූර්ණ වනඅලි රක්ෂිත කලාප ආවරණය වන පරිදි විදුලි වැට ඉදිකිරීමට තෝරාගත් ගම්මාන වටා ඉදිකිරීමට කිලෝමීටර 3050 ක් අවශ්‍ය වන බවට ගණනය කර තිබේ. එසේම විදුලි වැට ඉදිකළ නොහැකි ස්ථාන වන ගංගා, මහාමාර්ග, දුම්රිය මාර්ග වැනි ස්ථානවල ඊට අනුගත විකල්ප ආරක්ෂක ක්‍රමවේදයක් ඇති කළ යුතුය.
නඩත්තුව සඳහා වර්ෂයකදී කම්කරු දින 41,400 ක් වැයවන අතර අධීක්ෂණය සඳහා කිලෝමීටර 20කට එක් නිලධාරියා බැගින් වර්ෂයකට නිලධාරී දින 64,400 ක් අවශ්‍යය. මේ වනවිට සිවිල් ආරක්ෂක බළකාය මගින් නඩත්තුව සිදුකෙරෙන අතර, ප්‍රජාමූල සංවිධාන හා අතිශය සංවේදී කලාප සඳහා වනජීවී නිලධාරීන්ගේ පාලනය යටතේ තාවකාලික කම්කරුවන් යොදා ගැනීම යෝග්‍යය.
කුඩා වනරොදවල වනඅලින්ගේ භූමි පරිභෝජන තත්ත්වයන් වෙනස් කර වනඅලින් සංරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කළ යුතුය.
විදුලි වැට නිරන්තරයෙන් කැඩීමට පුරුදුව ඇති වනඅලින් සීමිත ප්‍ර‘දේශයක් තුළ රඳවාගනිමින් පාලනය අවශ්‍ය වේ.
හදිසි අවස්ථාවක් සඳහා ක්ෂණිකව ස්ථානගත විය හැකි පරිදි හොරොව්පතාන ආශ්‍රිතව පළමු කාර්ය බළකාය ස්ථාපිත කර එහි ප්‍රගතිය අනුව අනතුරුව තවත් ස්ථාන 03 ක් ස්ථාපිත කිරීමට යෝජිතය.
ප්‍රජා මූලික සංචාරක කර්මාන්ත සඳහා අවශ්‍ය රෙගුලාසි හා මඟපෙන්වීම් නිර්මාණය කෙරෙන අතර, විශේෂයෙන් උතුරු ප්‍ර‘දේශ ආශ්‍රිතව අත්හදා බැලීම් සිදු කිරීමටද නියමිතය.
සෑම කලාපයක් ආශ්‍රිතවම සහනදායී රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම හා ඊට අමතරව ක්ෂණික ආධාර සැපයීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මේ සඳහා පහසු ක්‍රමයක් ලෙස උද්‍යාන සංචාරකයන් දායක කරගැනීම පිළිබඳවද සලකා බැලේ.මේ වනවිට බහුවිධ ක්රමෝපායන් ඵලගැන්වීම උදෙසා වනඅලි සංරක්ෂණ කලාප (ECA) හා විශේෂිත සංරක්ෂණ කලාප (SCA) ලෙස ප්‍ර‘දේශ හඳුනාගෙන ඇති අතර, ගැටුම් කළමනාකරණය හා සංරක්ෂණය මූලික වූ කල අදාළ ව්‍යාපෘතිය වනඅලි ව්‍යාප්තව ඇති සමස්ත ප්‍ර‘දේශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව, යෝජිත දස අවුරුදු සැලැස්ම වනඅලින්ගේ දීර්ඝ කාලීන සංරක්ෂණය තහවුරු කරගැනීම මෙන්ම වනඅලි සංරක්ෂණ කලාප තුළ අවශ්‍ය වාසස්ථාන සංඝටකයන් සපයා ගැටුම් අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙසේ වුවද වනඅලි හා මිනිස් ගැටුම පමණක් නොව වනජීවී සංරක්ෂණය සම්බන්ධ සියලු ගැටලු සඳහා හේතුකාරක කුමක් වුවත්, අවසානයේ ඊට විසඳුම් සෙවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවට පත්වන්නේ නිරායාසයෙනි.
එහෙත් වනජීවී සංරක්ෂණය හා සම්බන්ධ බොහෝ ගැටලු දෙස සාම්ප්‍රදායික ඇසින් ඔබ්බට බැලූ විට මානව සංවර්ධන ක්‍රියාකාරකම් පමණක් නොව, දේශපාලන බලය අවිධිමත් ලෙස යෙදවීම්ද ඊට සෘජුවම බලපාන බව පෙනී යයි.
වනරක්ෂිත ආශ්රිත ග්‍රාමීය ප්‍ර‘දේශවල ගව පාලකයන් විසින් දහස් ගණනින් සැදුම්ලත් තම ගව පට්ටි නිදැල්ලේ වන රක්ෂිත වෙත මුදාහරී. වනරක්ෂිත තුළට මෙවැනි ආකාරයෙන් ගවයන් මුදාහැරීම නීතියෙන් තහනම් වුවත් අදාළ හිමිකරුවන් නිරන්තරයෙන් මෙම වරද සිදු කරන්නේ දේශපාලන හිතවත්කම් විසින් ඔවුන් රක්නා නිසාවෙනි. වන රක්ෂිත තුළට ඇතුළු වන එවැනි ගවයන් තෘණ උලා කෑමෙන් ඒවාට ප්‍රිය වන වනඅලින්ගේ ආහාර අවශ්‍යතා නොලැබී යන අතර, වන අලින්ගේ ගම්වැදීමට මෙයද වක්‍රව බලපාන බවට වාර්තා වේ.
(ජාතික ප්‍රමුඛතා හා සැසඳීමේදී ජාතික උද්‍යාන තුළ වනඅලි ගැවසීමත්, වනඅලි - මිනිස් ගැටුම පාලනය වනවා සේම ඒ මගින් දිවයිනටම ලැබෙන්නේ මහත් ප්‍ර‘යෝජනයකි. එනම් සංචාරක ව්‍යාපාරයේදී වනෝද්‍යාන තුළ ගැවසෙන අලියාට ආර්ථික වශයෙන් විශාල වටිනාකමක් ලැබේ. යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව පමණක් සෆාරි ජිප් රථ 450 ක් පමණ ලියාපදිංචි වී ඇත. මීට අමතරව ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් ලෙස ප්‍ර‘දේශයේ තරුණයන් 38 ක් පමණ වනජීවී දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කරයි. තවද විශාල ප්‍රමාණයේ හෝටල් 04ක්ද කුඩා ප්‍රමාණයේ සංචාරක මධ්‍යස්ථාන 100කට වැඩි ප්‍රමාණයක්ද ක්‍රියාත්මක වේ)
ඇතැම් දේශපාලඥයන් තම විනෝදාංශය ලෙස හෝ විවේකය ගත කිරීම උදෙසා වනරක්ෂිත තුළ නිරන්තරයෙන් සංචාරය කරනු දැකිය හැකිය. පරිසරයට ළෙංගතු වීම වටිනා ආදර්ශයක් වුවත් බොහෝ අවස්ථාවල ඔවුන් නොදැනුවත්වම ඒ මගින් අයහපත් තත්ත්වයක් උද්ගත වනු ඇත.අදාළ දේශපාලඥයන් පසුපස වැල නොකැඩී ගමන් ගන්නා ඔවුන්ගේ ආධාරකරුවන් හා දේශපාලන හිතවතුන් අන් සංචාරකයන් පරයා වනජීවීන් නැරඹීමට අවස්ථාව ලබාගැනීම තුළ අනෙකුත් සංචාරකයන්ට මෙන්ම වනජීවීන්ගේ සංචරණ රටාවන්ටද බාධා ඇතිවීම සුලබ දසුනකි.
වනජීවීන්ටද ඔවුන්ට ආවේණික වූ සංචරණ රටා හා ජීවන අවශ්‍යතා ඇත. සාමාන්‍යයෙන් වර්ෂය පුරා සංචාරකයන් උදෙසා වනෝද්‍යාන විවෘත නොකර ඇතැම් කාල තුළ වසා තැබෙන්නේ වනජීවීන්ට ඔවුන්ගේ සුපුරුදු චර්යා රටාවන්ට අනුගත වීම සඳහාය.එහෙත් එවැනි කාලවලද දේශපාලන බලය මත ඇතැම් පාර්ශ්ව වනෝද්‍යාන තුළ විනෝද වනු දක්නට ලැබෙයි. ඒ අනුව දේශපාලඥයන් මේ පිළිබඳව වඩා සිහි බුද්ධියෙන් අවධානය යොමු කළ යුතුය.
එනම්, වනජීවී සංරක්ෂණයේදී අදාළ විෂය බාර අමාත්‍යවරයාට එහි අපේක්ෂිත සාර්ථකකත්වය ළඟා කරගැනීමට නම් සෙසු දේශපාලඥයන්ගෙන්ද සහයෝගය අත්‍යවශ්‍යය. මෙය හුදෙක් තිරසාර සංවර්ධන හා වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය පමණක්ම දැරිය යුතු වගකීමක් නොව, සමස්ත දේශපාලඥයන්ගේ මෙන්ම මහජනතාවගේද වගකීමකි.
2011 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීප ව්‍යාප්ත අලි සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ වනඅලි ගහනයේ අවම සංඛ්‍යාව 5879 ක් බවට ගණනය කර ඇත. එම සංගණනයට අනුව වන අලින්ගෙන් 67.19% ක් වනජීවී රක්ෂිත කලාප තුළද, 29.78% ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ සහ 2.03% ක ප්‍රමාණයක් ස්වාධීනව පිහිටි වන ලැහැබ් තුළද ව්‍යාප්තව ඇති බවට වාර්තා වේ.
සාමාන්‍යයෙන් මාතෘ මූලික වනඅලි රංචුවක් තම වාසස්ථාන අවශ්‍යතාව සඳහා දළ වශයෙන් හෙක්ටයාර 8540 ක් පමණ ප්‍රමාණයක් යොදාගන්නා අතර, පිරිමි සතෙකු හෙක්ටයාර 13,376 ක පමණ ප්‍රමාණයක් යොදාගන්නා බවට වාර්තා වේ.වනඅලින් දිනක 60% - 75%පමණ කාලයක් ආහාර ගැනීම සඳහා වැය කරන අතර, දිනකට කිලෝග්‍රෑම් 150 ක් පමණ ශාක කොටස්ද, ලීටර 120 ක් පමණ ජලයද ලබාගනී.
වනාන්තරවල විවෘත භූමිද තැනින් තැන විසිරී ඇති ජල ප්‍රභවයන් සහිත වනාන්තර දර්ශනයන්ද වනඅලින් ප්‍රිය කරන ස්ථාන වේ. දවසේ අළුයම, සවස හා රාත්‍රී කාලයේ වනඅලින් ක්‍රියාකාරී වන අතර, තනි අලින් රක්ෂිත කලාපවලින් පිටතට යෑම සිදුවන්නේ මෙම කාලය තුළය.වන අලින් ලිංගික පරිණතභාවයට පත්වන්නේ වයස අවුරුදු 12 - 15 ත් අතර කාලයේදීය. ගැහැනු සතුන් මාස 60කට වරක් පැටවුන් බිහි කරන අතර මාස 18 – 20 ක් අතර ගැබ් කාලයක් උසුලයි. පසුව ඔවුන් මාස 24 ක පමණ කාලයක් පැටවුන් කිරි දෙමින් රැක බලාගනී. අලියෙකුගේ ආයු කාලය දළ වශයෙන් අවුරුදු 60 – 80 ක් අතර වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd