Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
මම සාහිත්‍ය මාසයේ පොත් තුනක් එළිදක්වනවා. එකක් තමයි .ගෝඨයිම්බර කෝලම. කියන කෘතිය. ඩෙනිස් පෙරේරා නාට්‍යයක් කළා. ඒක ටිකක් පුපුරන සුලු වෙනස් විදියේ වැඩක් කියල මම විශ්වාස කරනවා. ලංකාවේ කෝලම් නාට්‍යවල තිබුණු සාම්ප්‍රදායික ආකෘතිය, සන්දර්භය කියන දෙකම අරගෙන අලුත් වාස්තවිකයත් එක්ක ප්‍රතිනිර්මාණය කරපු කෘතියක් තමයි ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම කෘතිය. මම මෙයට ඉතාම ආසක්ත වෙච්ච හින්දා 'කොළඹ කෝලමේ කොලම' නමින් පොතක් ලිවුවා. මෙය 18 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී දොරට වඩිනවා.
මීට අමතරව මම ප්‍රධාන පොත් දෙකක් ලිවුවා. එකක් තමයි 'ලලානායනය'. මීට අවුරුදු 17කට කලින් ඉඳන් මම සැළලිහිණි සන්දේශය උගන්නද්දි එහි තිබෙන කවි 108ම මට කටපාඩම්. 'ලලනායනයට' විෂය කරගත්තෙ ඒකාලේ ඇතිවෙච්ච කුඩා සිතුවිල්ලක්. එහි තිබෙන්නෙ 1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. රජවුණාම මෙයාට ඉන්නවා ගෑනු දරුවො දෙන්නෙක්. එක්කෙනෙක් චන්ද්‍රාවතී බිසව. අනෙකා තමයි ලෝකනාථා. දූවරු දෙන්නෙක් හිටියට රජතුමාට පුත්තු හිටියෙ නෑ. ඒ නිසා හයවෙනි පරාක්‍රමබාහු කරන්නෙ පුත්තු අරන් හදාගන්නවා. ඉන් එක්කෙනෙක් තමයි ඉන්දියානු ජාතික ද්‍රවිඩයෙක් වුණු නන්නූර්තුනයාගර්. සපුමල් කුමාරයා, අම්බුළුගල කුමාරයා සහ තොටගමුවේ රාහුල හාමුදුරුවො යන අයත් දරු තනතුරේ ඉන්න පුත්තු.
මේ දරු තනතුරේ ඉන්න අයගෙන් සපුමල් කුමාරයා තමයි යාපා පටුන ජයගන්නෙ. අම්බුළුගල ඉන්නෙ නුවර පැත්තෙ, කන්ද උඩරට. අම්බුළුගල උඩරටට ගියාම සපුමල් යාපනේට ගියාමත් නන්නූර්තුනයාගර් ලෝකනාථාව විවාහ කරගන්නවා. විවාහයෙන් පසු ලෝකනාථාගේ නම උලකුඩය දේවී ලෙස වෙනස් වෙනවා. උලකුඩය යන ද්‍රවිඩ නම එන්නෙ නන්නූර්තුනයාර් සමග විවාහ වූ පසුවයි. හැබැයි උලකුඩය දේවියයි නන්නූර්තුනයාරුයි විවාහ වුණාම මේ කුමාරයා තොටගමුවේ රාහුල නමින් මහණ වෙනවා. එතකොට තොටගමුවේ රාහුල කියන්නෙ, මුල්කාලයේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ දරු පරපුරේ හිටපු කෙනෙක්. දැන් මට ප්‍රශ්නයක් ආවා. මෙයාගෙ හිත ඇතුළෙ ප්‍රේමයක් තියෙන්නැති ලෝකනාථා ගැන. නැත්තම් නන්නූර්තුනයාගර් ලෝකනාථාව බැන්ඳම රාහුල මහණ වෙන්නෙ නැහැනෙ.
ඊළඟ ප්රශ්නය තමයි නන්නූර්තුනයාගර් සහ ලෝකනාථා දෙපළට ළමයි නෑ. ඒ ගැන වැඩියෙන්ම කම්පා වෙන්නෙ රාහුල හාමුදුරුවො. නන්නූර්තුනයාගර් සහ ලෝකනාථා දෙපළට ළමයි නැති එකට රාහුල හාමුදුරුවො කම්පා වෙන්නෙ ඇයි කියන ප්රශ්නය මතුවෙනවා. කම්පා වුණාම පොතක් ලියනවා ඒක තමයි සැළලිහිණි සන්දේශය. සැළලිහිණි සන්දේශය ලියන්නෙ ලෝකනාථාට ළමයෙක් හදල දෙන්න කියන්න, කැලණියේ ඉන්න විභීෂණ දෙවියන්ට සංදේශයක් යවන්නයි. විභීෂණට සන්දේශයක් යැවුවාම ළමයෙක් හම්බ වෙනවා. ඔහු තමයි ජයවීර කුමාරයා. දැන් මට ප්‍රශ්නයක් එනවා, දෙයියන්ට පුළුවන්ද ළමයි හදන්න කියලා. දැන් මේ ළමයගෙ තාත්ත කවුද කියලත් මට ප්‍රශ්නයක් එනවා.
ප්රශ්නය එන්නෙ නන්නූර්තුනයාගර්ට ළමයි නෑනේ විභීෂණ දෙවියන්ටනෙ සන්දේශය යවන්නේ. මැටි පිළිමවලට ළමයි හදන්නත් බෑනේ. රාහුල හාමුදුරුවන්ට මොකද්ද මේකට තියෙන කැක්කුම වාගෙ එකක් මෙතනින් මතුවෙනවා. දෙවැන්න තමයි ළමයා හම්බුණාට පස්සෙ රාහුල හාමුදුරුවො කාව්‍යශේකරය කියලා තවත් කාව්‍යයක් ලියනවා. එය ලියන්නෙ ලෝකනාථාට බණ අහන්න ආසයි කියලයි. එතකොටම මගේ ප්රශ්නය තමයි ලෝකනාථා නැත්තම් රාහුල කෙනෙකුත් නෑ. ප්‍රධානම සාහිත්‍ය කෘති දෙකම ලියල තියෙන්නෙ ලෝකනාථාට. ඒ නිසා මගේ ඔළුවෙ එකක් හැදෙනව මේ ළමයා කාගෙද? රාහුල හාමුදුරුවන්ගෙයි ලෝකනාථාගෙයි තිබුණු සහෝදරයොත් නොවන සම්බන්ධය කුමක්ද කියලා.
1465 හයවැනි පරාක්‍රමබාහු රජු මියයනවා. එතකොට යාපනේ ආර්යචක්රවර්ති මරලා ලංකාව එක්සේසත් කරන්නෙ සපුමල් කුමාරයා. දැන් රජකම එන්නෝන කාටද ? නන්නූර්තුනයාගර්ට, නැත්නම් සපුමල්ට, නැතිනම් අම්බුළුගලට, නැත්නම් තොටගමුවේ රාහුලට. හැබැයි රජකම දෙන්නෙ ජයවීර කුමාරයාට. මොකද ඒ ලෝකනාථාගේ ළමයා නිසයි. ලෝකනාථාගේ දරුවට රජකම දුන්නම සපුමල් කුමාරයා කොක්කක් දානවා කොහොමද දෙමළෙක්ගෙ ළමයෙක්ට රජකම දෙන්නෙ කියලා. එනිසා සපුමල් ඇවිත් ජයවීරව මරලා රජවෙනවා. සපුමල් රජවුණාම තමයි රාහුල හාමුදුරුවො ගම රට අතෑරල ඉඳුරුලෙනේ හැංගෙන්නෙ. තොටගමුවේ රාහුල හාමුදුරුවො ඉඳුරුලෙනේ හැංගිලා ඉඳල තාම ගොවේ මළමිනිය කුණුවෙන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. එතකොට මේ මැරෙන ළමයා ගැන රාහුල හාමුදුරුවන්ට සෑහෙන කැක්කුමක් තියෙනවා. ඒකනෙ ළමය මැරුණාම මෙයා හැංගෙන්නෙ. මගේ ඔළුව ඇතුළෙ අවකාශයේ විශාල අර්බුදයක් ආවාම එය තමයි මං ප්‍රතිනිර්මාණය කරන්නෙ ලලනායනය විදියට.
අනික තමයි May December romance කියන නවකතාව. මැයි දෙසැම්බර් කියන මාස දෙක අතර තිබෙනවා ලොකු පරතරයක්. එයින් තමයි මම කොළපාට ඇස් කියන නවකතාව ලිව්වෙ. මෙය උත්තම පුරුෂ කථන ක්‍රම දෙකකිනුයි ලියන්නෙ. ලංකාවෙ එහෙම නවකතාවක් බිහිවෙලා නෑ. මෙය ලියන්න තවත් ලේඛිකාවක් ඕනවුණා. ඒකට මම යොදාගන්නවා ආරතී දේවී මොහාන්දාස් කියන ලේඛිකාවක්. ඇයත් එක්ක ලියපු පළවෙනි පොත තමයි මේ. මේ පොතේ නම තමයි කොළපාට ඇස්. මෙහි තිබෙන්නෙ වයස අවුරුදු 75ක විතර ඉතාම වියපත් ගෘහනිර්මාණ ශිල්පියෙක් එක්ක අවුරුදු විස්සක විතර සුහුඹුල් යෞවනියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා. ඒ ප්‍රේම සම්බන්ධයේ තිබෙන වයස් පරතරය තමයි මම මැයි සහ දෙසැම්බර් නමින් හැඳින්වූවේ.
ඒ මාස දෙකේ දිගු පරතරයක් තිබෙනවා. මේ වගේ නවකතා යුරෝපයේ සුලබයි. හැබැයි ලංකාවෙ මේක මිනිස් බෝම්බයක් වෙන්න පුළුවන්. මොකද මොහු සීයා කෙනෙක්. ඇය මිණිපිරියකටත් වඩා කුඩායි. මෙය ප්‍රේම සම්බන්ධයක්. මේ ප්‍රේම සම්බන්ධ යුරෝපයේ චිත්‍රපටවල කෙටිකතාවල හරි සුලබ වුණා. කොයිතරම් සුලබද යත් May December romance යන්න යුරෝපයේ තිබෙන වාක් ප්‍රයෝගයක් බවටත් පත්වෙලා. නමුත් ලංකාවෙ ඒකට නමක්වත් නෑ. මොකද අපේ සමාජෙ මෙය හරි දුලබ දෙයක්. මෙහි සංස්කෘතික වරදකුත් තිබෙනවා. නමුත් මේ දෙන්නා හිතනවා මේක නිවරදක් කියා. මේ වරදයි නිවරදයි අතර අවකාශයක් එනවනෙ. ඒ අවකාශය අතර තිබෙන කාරණාම හරිම ශෘංගාරාත්මකයි. හරිම ප්‍රේමණීයයි. හරිම රමණීයයි. මේ අත්දැකීම උත්තම පුරුෂ කථන ක්‍රම දෙකකින් කියනවා. එක කථන ක්‍රමය තමයි මේ වියපත් කෙනාගේ කථන ක්‍රමය. ඔහුගේ නම තමයි දයාලූ කසබා. කාන්තාවගේ නම තමයි ඉවා සිරිනිවාසන්. මේ දෙදෙනාම මේ කතාව කියන්නෙ උත්තම පුරුෂයෙන්. එතනින් තමයි වරදත් නිවරදත් අතර ප්රකාශනය එළියට ගන්නෙ.
ඔව්.. ඒක මෙහෙමයි ... අවුරුදු දෙකක් තිස්සෙ කිසිම පුවත්පත් සාකච්ඡාවක් දුන්නෙ නෑ, ඡන්දෙන් පරදිනවා, කතාකරන්නෙ නෑ කියල ප්‍රශ්නයක් තිබුණානෙ. කතා කරන්නෙ කටින් විතරක් නෙවෙයි. ශරීර භාෂාවෙන් කතා කරන්නත් පුළුවන්. ඇඳුමෙන් පැළඳුමෙන් කතාකරන්නත් පුළුවන්. මම අවුරුදු දෙකක් තිස්සෙ මගෙත් එක්ක කතා කළා. දැන් ඒක සමාජෙත් එක්ක කතා කරන්න පුළුවන්. මම දැන් මගෙත් එක්ක කතා කරලා ඉවරයි. අවුරුදු දෙකක් තිස්සෙ මම කළේ මේ පොත් දෙක ලියනවත් එක්ක මං මගේත් එක්ක කතාකළා. ඒ කාලෙ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඇයි මාධ්‍ය සාකච්ඡාවලට එන්නැත්තෙ කියලා. ඒ වුණාට මං මගෙත් එක්ක කතාකළා. එහෙම කතාකළේ සමාජයත් එක්ක කතාකරන්න අවශ්‍ය පදනම හදාගන්න. දැන් මට සමාජයත් එක්ක කතා කරන්න පුළුවන්. එනිසා මිනිස්සු නිශ්ශබ්දයි කියන්නෙ නිහඬයි කියනෙක නෙවෙයි. ගැඹුරු මුහුද නිශ්ශබ්දයි කියන්නෙ නිශ්ශබ්දයි නෙවෙයි. සුනාමි රළකට මුහුද ලෑස්ති වෙනවද දන්නෙ නෑ. අවුරුදු දෙකක් නිශ්ශබ්දව හිටපු එකේ ප්‍රතිඵලය තමයි මං එළියට දාන්නෙ.
මං ඡන්දෙ ඉල්ලපු එක මට පාඨමාලාවක් වගේ. පොඩි කෝස් එකක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පාඨමාලාව හොඳයි. ඒකෙ වියදම වැඩියි. මේ රටේ පුරවැසියන්ට ඒ පාඨමාලාව ගන්න පුළුවන්නම් ඒක හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒත් වියදම වැඩියි නෙ. හැබැයි ඒ පාඨමාලාවෙ අවසානයේ තිබෙන විභාගෙන් මං ෆේල්. හැබැයි පාඨමාලාවෙන් ඉගෙනගත්ත දේවල්වලින් මං ෆේල් නෑ. ඒක මං සලකන්නෙ මං ජීවිතේ කරපු ලිට්මස් පරීක්ෂණයක් විදියටයි.
මම හිතනවා අනාගතයේදී ඊළඟ පරම්පරාව විශාල සාහිත්‍ය කලා පිපිරීමක් කරයි කියලා. හැමෝම කියනවනෙ නිර්මාණ ඉවරයි, චිත්‍රකතා ඉවරයි, සාහිත්‍ය ඉවරයි කියල. ඒක අතීත කාමයට බර කතාවක්. අපි හිටපු කාලෙ වාගෙ නෙවෙයි කිවුවට හැම කාලෙම මෙහෙම තමයි. හැම කාලෙම එහෙම තමයි. ඒ වුණාට අපි හිතනව අපේ කාලෙ හොඳයි. තොපේ කාලෙ හොඳ නෑ කියල. අපිත් අපේ දරුවන්ට කියනව අපි හොඳයි, තොපි හොඳ නෑ කියලා. ඒක පරම්පරා අරගලයක් වගේ කතාවක්නෙ. මං එහෙම හිතන්නෙ නෑ. මං එහෙම හිතන්නැත්තෙ ලංකාවෙ චිත්‍රපට කර්මාන්තය ගැන හිතලයි. අලුත් කොල්ලො කෙල්ලො කරන චිත්‍රපට තියෙනව මාරයි. එහෙම නාට්‍ය බිහිවෙමින් පවතිනවා. එහෙම අලුත් කවි බිහිවෙනවා. හැබැයි පරණ කවි මේකට කැමති නෑ.
අලුත් ගීත සාහිත්‍යයක් බිහිවෙමින් පවතිනවා. ඒකට පරණ ගීත සාහිත්‍යය කැමති නෑ. ඒගොල්ලො කියන්නෙ ලංකාවෙ ගීත ඉවරයි කියලයි. මං එහෙම හිතන්නෙ නෑ. එහෙම තර්ක කළොත් මං යෝජනා කරනවා, ඉස්සර ගායනා කළේ කවි. දැන් තමයි යන්තං සින්දු තියෙන්නෙ කියලා. හුඟක් උන් ලංකාවෙ සින්දු යැයි කියන ඒවා හිටිවන කවි මඩුවක් තියල එක දිගට ගායනා කරන්න පුළුවන්. දැන් සින්දු බිහිවෙමින් තිබෙනවා. ඒ සඳහා පුරෝගාමී වූ කෙනා තමයි ප්‍රේමසිරි කේමදාසයන්. ලංකාවේ කවි සින්දු කියන තැනට ගෙනාවේ කේමදාසයන්. ඒ වගේ ලංකාවේ චිත්‍රපට කර්මාන්තයත් ලෙස්ටර් වෙනස් කළානෙ. ඒ වගේ සාහිත්‍යයත් වෙනස් වෙන්න ඕන.
අපි ළඟ මතයක් තිබුණා ව්‍යාකරණ එක්කම ලියන්න ඕන කියල. මගේ අදහස තමයි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි ගොළු භාෂාවෙන් හරි ලියන්න පුළුවන් නම් මට ඒකෙ ව්‍යාකරණයෙන් වැඩක් නෑ. අරක ඇතුළෙ ඉද්දි තමයි මේ අර්බුදය එන්නෙ. එනිසා මං හිතන්නෙ නෑ ලංකාවෙ සාහිත්‍යය විනාශ වෙලා කියලා. ඉස්සරත් ඔහොම තමයි. දැනුත් එහෙම තමයි. අතීතකාමය නිසයි ඉස්සර හොඳයි දැන් නරකයි කියන්නෙ. මේ ඔක්කොම පුපුරන්න ඕනෙ. සමාජය යම් පිපිරීමකට ලක්විය යුතුයි. ඒ පිපිරීමේදී අලුත් එක එළියට එයි. මං කැමතියි සාහිත්‍යයේ මහා පිපුරුම් වාදයක් එනවනං.
මං මේ කරන නිර්මාණ දෙකත් පුපුරන සුලුයි. මම හිතනෙක තමයි සාහිත්‍යකාරයො නිර්මාණකාරයො වෙන්න ඕන පළවෙනි දේ තමයි බය නැති බව. ලියනකොට ගෑනිට බයයි. මොනවා හිතයිද දන්නෑ මේව ලිව්වම. දරුවො ඉස්කෝලෙ යන්නෙ කොහොමද කියල දරුවන්ට බයයි. පන්සලට ගියාම හාමුදුරුවො මොනවා කියයිද කියල බයයි. එළියට ගියාම යාළුවො මං ගැන මොනවා හිතයිද කියල බයයි. ලංකාවෙ වාරණ මණ්ඩල මේක කපලා දායිද දන්නෙ නෑ. පත්තරකායො මොනව කියයිද දන්නෙ නෑ. හාමුදුරුගොල්ලො මට විරුද්ධව පෙළපාලි යයිද දන්නෙ නෑ. ෆේස්බුක් එකේ මට අම්බානක ගහයිද කියල දන්නෙ නෑ. පල්ලියෙ පූජකවරු මාව කුරුසෙ තියල ඇණ ගහයිද දන්නෙ නෑ. මේක ලිවුවම මගේ ආත්මගරුත්වය විනාශ වෙයිද දන්නෙ නෑ. මෙහෙම ලිව්වාම මේකට සම්මානයක් ලැබෙන එකක් නෑ. දැන් මේ ඔක්කොම මහ භූත වාරණනෙ. මම ලියද්දි මේ භූත වාරණ ඔක්කොම අයින් කරනවා. මොකා තරහ වුණත්, මොකා මොනව කරත්, ගෑනි තරහ වුණත්, සාහිත්‍යකාරයා කියන එකා නිර්මාණයට අවංක වෙන්න තරම් නිර්භය වෙන්න ඕනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd