දිලීප සාරංග කියන්නේ වෘත්තීමය වශයෙන් ගායකයෙකු නොවෙයි. නමුත් ඔහු ගායනා කරන ගීත පිළිබඳව බොහෝදෙනාගේ අදහස නම් ඉතාමත් සුභදායකයි. මෑෂප් ලෙස ගීත නැවත ගායනා කරමින් සමාජ වෙබ් අඩවි පුරා නිරන්තර වශයෙන් කතාබහට ලක්වන පුද්ගලයෙකු වන දිලීප පිළිබඳව අමුතුවෙන් කතා කළයුතු නොමැත. මේ දිනවල ඔහුගේ ෆේස්බුක් ප්‍රශ්නයක් පිළිබඳව ඔහු නිරන්තර වශයෙන් තම ෆේස්බුක් ගිණුම හරහා දැනුවත් කරනවා. ඒ පිළිබඳව සහ ඔහුගේ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස සම්බන්ධ කරගන්න හිතුවා.
Q ලංකාවෙන් පැමිණ නිවාඩුවෙන් පසුව කොහොමද දවස් ගෙවෙන්නේ?
එහෙම විශේෂයක් නැහැ. වෙනදා පරිදි සංගීතයයි, රැකියාවයි සමග කාලය ගත කරනවා.
Q විනෝදාංශයක් විදිහට මෑෂප් කරපු ඔබට ලංකාව තුළ මෙතරම් රසික පිරිසක් ගොඩනැගෙයි කියල හිතුවද?
නැහැ ඇත්තටම නැහැ. මම හිතුවෙ නැහැ මෙච්චර රසික පිරිසක් මට එකතුවෙලා ඉඳියි කියලා. මම ලංකාවට එනකම්ම මේ පිළිබඳව මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නැහැ. සමාජ වෙබ් අඩවි ඔස්සේ මට ලොකු රසික පිරිසක් ඇතිවෙලා කියල දැනුණා. නමුත් ලංකාවේ අය මගේ ගීත අහන්න මෙච්චර ආස කරනවා කියලා දැනුණේ ලංකාවට ආපුවහම තමයි.
Q ලංකාවේ මෙච්චර රසික පිරිසක් ඔබට එකතුවෙයි කියල හිතුවෙ නැති වුණත්, දැන් ඒ සිද්ධවෙලා? ඉතිං ඒ පිළිබඳව මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවට ආපුවාමත් ගොඩක් අය කතා කරනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතිං ඒ තරම් සතුටක් වෙන නැති තරම් කියලා තමයි මට කියන්න තියෙන්නේ.
Q මෑෂප් සංකල්පයට එහා යන්න හිතන්නේ නැද්ද?
ඇත්තටම එහෙම හිතල තියෙන්නේ. මොකද මම ගොඩක් කළේ මෑෂප් ගීත. එකම විදිහට ගීත කිහිපයක් හැදුණා කියල දැනෙනවා. ඉතිං විශ්වාස කරනවා ඊට වඩා වෙනස් දේවල් බොහෝ ප්‍රමාණයක් කරන්න.
Q දිලීප අපි කතා කරපු මොකක්ද මේ ෆේස්බුක් හුටපටය?
මගේ නමින් ෆේක් එකවුන්ට් කීපයක් කලින් තිබුණා. මං ඒවා කට්ටිය දැනුවත් කරලා රිපෝර්ට් කෙරෙව්වා. ඊට පස්සෙ නැති වුණා. නැවතත් හැදුණා. නමුත් ප්රශ්නය උනේ ගෑනු ළමයින්ට වැරදි විදිහට චැට් කරන එක. මට කිහිපදෙනෙක් එහෙම ස්ක්‍රීන් ෂොට් කිහිපයක් එව්වා. ඒක නිසා තමයි මං දිගින් දිගටම පෝස්ට් දාලා දැනුවත් කරන්න හිතුවෙ. නමුත් ගොඩක් අය මම කියලා ෆේක් එකවුන්ට්වලට සම්බන්ධ වෙනවා.
Q මේ ෆේක් එකවුන්ට් මගින් ඔබ වගේ අනෙක් අයත් සමග චැට් කරලත් තියෙනවාද?
ඔව්, එයාලා එක්ක චැට් කරලා තියෙනවා. වැරදි විදිහටයි චැට් කරලා තියෙන්නේ. ඒකයි මේ පිළිබඳව තියෙන ලොකුම ගැටලුව වෙන්නේ.
Q මෙවැනි ක්‍රියා සහ සිදුවීම් කොහොමත් නවත්වන්න බැහැ නේද?
ඔව්, ඒකනම් ඇත්ත. නමුත් මං ගොඩක් උත්සාහ කරනවා අනික් අයව දැනුවත් කරන්න. සමහර ප්‍රොෆයිල් මගේ එක වගේමයි. මං ෆොටෝ එකක් දාලා පොඩි වෙලාවකින් එයාලත් ඒක දානවා.
Q අවසාන වශයෙන් කියන්න මේ පිළිබඳව රසිකයන්ට කියන්න තියෙන්නේ මොනාද?
මං කරන්නේ එකම එක එකවුන්ට් එකක් සහ පේජ් එකක් පමණයි. මේ දෙක ඇරෙන්න අනික් සියලුම ඒවා ෆේක් එකවුට් කියල මම කියනවා. ඒවා එක්ක ගනුදෙනු කරන්න, මැසේජ් කරන්න යන්න එපා. එවැනි එකවුන්ට් තිබ්බොත් මාව දැනුවත් කරන්න කියලා මම මගේ රසිකයන්ගෙන් ඉල්ලනවා. තව විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මගේ එකවුන්ට් එකේ යහළුවන් 5000 සම්පූර්ණ නිසා මාව ඇඩ් කරගන්න බැරිවෙයි. ඒ නිසා මගේ ෆෑන් පේජ් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියනවා. වෙන ෆේක් එකවුන්ට් වලට ඇඩ් වෙන්න එපා කියල විශේෂයෙන් කියනවා.
facebook profile
fan page
ඡායාරූපය - මිහිර බණ්ඩාර