Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා
2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා
කබලි චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට එක් වූයේ මේ වර්ෂයේ මැයි 01 වැනිදාය. එය අන්තර්ජාලයට එක්කර පැය 22 ක් වැනි කෙටි කාලයකදී මිලියන 05 ක රසික පිරිසක් එය නරඹා තිබිණි. එමෙන්ම චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරඹීමත් සමග එය නැරඹීමට ජනතාව පොදි කෑහ. එය ඉන්දියාවට පමණක් අදාළ නොවීය. ශ්‍රී ලංකාවේද ද්‍රවිඩ රසිකයන් එහි පළමු දර්ශනය හා මේ දිනවල දර්ශන නැරඹීමටද ප්‍රසිද්ධ සිනමා ශාලා අවට පොදිකමින් සිටි අවස්ථා ඔබගේ නෙත ගැටෙන්නට ඇත.
ඒ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන පුද්ගලයා නිසාය. තොරණ වැනි ස්මාරක නිර්මාණය කර දෙවියන්ට පුදපූජා කරන ආකාරයට කිරිවලින් නැහැවීම, චිත්‍රපට ශාලාව තුළදී තිරයට මල් ඉසීම, අත්පොඩි ගැසීම, කෑකෝ ගැසීම වැනි සිදුවීම්, ඉන්දියාවේ ප්‍රසිද්ධ සමාගම් චිත්‍රපටය නැරඹීම සඳහා තම සේවකයන්ට නිවාඩු ලබාදීම, චිත්‍රපට‘යේ පළමු දර්ශනය නැරඹීමට නොහැකිව සියදිවි නසාගැනීම් වැනි සිද්ධි ගණනාවක් මේ කෙටි කාලය තුළ සිදුවිය. වයස අවුරුදු 65 ක් වූ එම වයෝවෘද්ධ මිනිසා කෙරෙහි එවැනි උන්මාදයක් තිබෙන්නේ ඇයි? %කබාලි^ චිත්‍රපටය තිරගත වන මොහොතේ මේ විමසුම ඒ පිළිබඳවය.
සිය පියාගේ වියෝවත් සමග වයස අවුරුදු 05 දී මහ පාරට වැටෙන මොහු තම ජීවිතය ගැටගසා ගැනීම සඳහා කුලී වැඩ කිරීමට පෙළඹුණි. කුලී වැඩ කර ගතට දැනුණු වෙහෙස නිවා ගැනීමට ඔහු මත්ද්‍රව්‍යවලට පුරුදු විය. ජීවත්වීමට සුදුසු මාර්ගයක්, ඉන්න හිටින්නට ස්ථානයක්, අඳින්නට ඇඳුමක් හෝ නොමැතිව සමාජයෙන් කොන්වූ මොහුට ඒ කාලවකවානුවේදී අස්වැසිල්ලක් ගෙන දුන්නේ සිනමාවයි. සිනමාවට ඔහු ලොල් විය. ඔහු එවකට ජනප්‍රියව සිටි චිත්‍රපට කථා නායකයන් අනුකරණය කරමින් තනිවම රඟපෑවේය. කෙමෙන් කෙමෙන් කාලය ගෙවෙද්දී ඔහුගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් කොන්දොස්තර රැකියාවක් ඔහුට හිමි විය.
එම රැකියාව කරන අතරතුර තම හිතවතෙකුගේ මාර්ගයෙන් සිනමාවට දැක්වූ ආශාව නිසාම මදුරාසියේ සිනමා පාසලට ඇතුළත් විය. සිනමා පාසලෙන් ප්‍රගුණ කරගත් රංගන හැකියාව, රැකියාව කරන අතරතුර බසයේ පිටුපසට වී එක් එක් අවස්ථාවල රඟදැක්වීමට ඔහු පෙළඹුණේය. එම ක්‍රියාදාමය බසයේ ගමන් කළ ඉන්දියාවේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ කේ. බාලචන්ද්‍රන් නිරීක්ෂණය කළේය.
දින ගණනාවක නිරීක්ෂණයෙන් අනතුරුව බාලචන්ද්‍රන් මේ අරමුණක් නොමැති කොලු ගැටයාට තමා හමුවන ලෙස ආරාධනා කරයි. කර්ණාටක ප්‍රාන්තයේ උපන් ශිවාජි රාඕ ලෙස එම අධ්යක්ෂවරයා හමුවීමට ගිය මෙම කොලුගැටයා ආපසු පැමිණෙන්නේ බාලචන්ද්‍රන් මහතාගේ නව සිනමා නිර්මාණය වූ 'අපුර්ව රාගංගල්' (1975) (අපූරු රාගයන්) නමැති චිත්‍රපටයේ නවක නළුවෙකු ලෙසිනි. එම චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිතය මිනිත්තු 15කට සීමා වුවද එම අවස්ථාවෙන් සුපිරි තරුවකගේ ආගමනයක් සිදුවෙතැයි බාලචන්ද්‍රන් තියා නළුවෙකු වන්නට සිහින මැවූ යාන්තම් අවුරුදු 25 සැපිරූ එම තරුණයා හෝ නොසිතන්නට ඇත.
එහෙත් අද වනවිට තමිල්නාඩුවේ පමණක් නොව ලෝකය පුරා විසිරී සිටින කෝටි සංඛ්‍යාත රසික ජනයාගේ සුපිරි තරුව ඔහුය. බාලචන්ද්‍රන් ඔහු සිනමාවට හඳුන්වා දී දශක දෙකක් යන්නට මත්තෙන් ඔහු සොරාගත් රසිකයන්ගේ මනස තවමත් එලෙසම පවතී. ඔහු සමග කරළියට පැමිණි 90 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් සරත් කුමාර්, කාර්තික්, විජේකාන්ත්, සන්තියරාජ්, ප්‍රභූ වැනි සුප්‍රකට නළුවන් මේ වනවිට සිනමාවේ දක්නට නොමැත. වර්තමාන පරපුර ඔවුන් හඳුනන්නේවත් නැති තරම්ය. වර්තමානයේ ඔවුන්ට එම ඉරණම අත් වී තිබියදී රජනිකාන්ත් නමැති මෙම නළුවා තවමත් ජීවමානව සිටින්නේ ඔහු උඩු සුළඟට හසුනොවී පොළොවේ පයගසා සිට සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන හෙයිනි.
රජිනිකාන්ත් වඩ වඩාත් වර්තමාන තරුණයන්ගේ සිත් සොරාගත් දශකයද 90 දශකය යැයි හඳුන්වාදීමට හැකිය.ඉන්දියානු ජන සමාජයේ විශාල වශයෙන් චිත්‍රපට නරඹන්නේ නිර්ධන පන්තියේ උදවියයි. නිර්ධන පන්තියේ චරිත නිරූපණය කරමින් ධනවාදී පන්තිය සමග අරගල කරන චිත්‍රපට ගණනාවක් ඒ කාලවකවානුවේදී නිර්මාණය විය. ඔහුගේ ඉරණම අහම්බයක් වූ සැටියෙන්ම අධ්යක්ෂවරුන් ඔහු වෙනුවෙන් නිර්මාණය කළ තිර රචනාද ඔහුට ගැළපෙන අයුරින්, නිර්ධන පන්තිය වෙනුවෙන් නිර්මාණය කිරීම ඔහුගේ මෙම සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම කරුණ ලෙස හඳුන්වාදීමට හැකිය.
ඔහු රංගනයෙන් දායක වූ බොහෝමයක් කතා වස්තු නිර්ධන පන්තිය වෙනුවෙන් සහ මධ්‍යම පන්තිය වෙනුවෙන් ඔවුන්ට ජීවිතයේදී මුහුණපෑමට සිදුවන ගැටලු, අරගල වෙනුවෙන්ම නිර්මාණය වී තිබුණද එය ඔවුන්ට ග්‍රහණය වන්නේ එම චිත්‍රපටවල තිබෙන තිර රචනය පමණක්ම නිසා නොවේ. ඒ ආභාසය නළුවාගේ තාත්ත්වික රංගනය හේතුවෙනි. ඔහු රඟපෑ සෑම චිත්‍රපටයකම ඔහුගේ රංගන හැකියාවන් අපූර්ව ලෙස රංගනයන් ලෙස නොසිතෙන ආකාරයෙන් ගෙන ඒමට හැකි වීම ඔහුගේ දක්ෂතාවයි. කතා පුවත නිසා චිත්‍රපටය සාර්ථකව තිරගත වූ බව කියනවා වෙනුවට රජිනිකාන්ත් රඟපෑ නිසා එම චිත්‍රපටය සාර්ථක වූවා යැයි කියන්නට හැකිය. එමෙන්ම ඔහු සිටින චිත්‍රපට සඳහා විකට නළුවන් අවශ්‍ය වන්නේද නැත. මන්ද විකට ජවනිකාද මෙතෙක් ඉන්දියාවේ බිහි වූ හාස්‍ය නළුවන් හා සමානව ඉදිරිපත් කිරීමට ඔහු සමතෙක් වූ නිසාවෙනි. හාස්‍ය ජවනිකා මෙන්ම සටන් ජවනිකා, ශෝකජනක ජවනිකා වැනි සියලුම ජවනිකා සඳහා ඔහු අඩුවක් නොමැතිව සාධාරණයක් ඉෂ්ට කර තිබේ.
සෑම චිත්‍රපටයකම ඔහුට ආවේණික වූ රංගන ශෛලිය තුළ හැසිරීමේ විලාසයක් පෙන්නුම් කරයි. එය අතින් හා ශරීරය චලනය කරමින් දමන අමුතුම රටාවක්, මැජික් එකක් ලෙස හැඳින්වීමටද හැකිය. ඒ සමගම ඔහු පවසන පුංචි දෙබස් කොටසකින් පවා ඔහු ඉබේටම ප්‍රේක්ෂකයන්ගේ ශරීර තුළට ආරූඪ වේ. ඒ ඔහුගේ හැකියාවයි.
උදාහරණ ලෙස 1992 වර්ෂයේදී තිරගත වූ 'අන්නාමලෛයි' චිත්‍රප‘ටයේ “නාන් සොල්ලාසිටියම් සෙයිවෙන් සොල්ල ඉල්ලාට්ටියම් සෙයිවන්' (මම කියන දේ කරනවා, කියන්නැති දේත් කරනවා) යන දෙබසද, 1995 වසරේදී තිරගත වූ 'මුත්තු' චිත්‍රපටයේ 'නාන් එප්ප වරුවෙන්, එප්පුඩි වරුවෙන් සොල්ලි යාරුක්කුම් තෙරියාදු, අනා වරවෑන්ඩිය නෑරත්තිල කනක්ක වරුවෙන්' (මම කොයි වෙලාවේ, කොහොම එයිද කියලා කියන්න අමාරුයි. නමුත් එන්න ඕනේ වෙලාවට හරියටම එනවා) යන දෙබසද, 1997 වර්ෂයේදී තිරගත වූ 'අරුණාචලම්' චිත්‍රපටයේ 'ආන්ඩවන් සොල්ලුරාන් අරුණාචලම් සෙයිරාම් (දෙවියන් කියනවා, අරුණාචලම් කරනවා) යන දෙබසද, 1999 වර්ෂයේදී තිරගත වූ 'පඩයප්පා' චිත්‍රපට‘යේ 'එන් වලී, තනි වලී' (මගේ මාර්ගය, තනි මාර්ගයක්) යන දෙබසද, 1995 වර්ෂයේ තිරගත වූ ඔහුගේ රසිකයන් ඔහුව වඩ වඩාත් වැලඳගත් 'බා(ආ)ෂා' චිත්‍රපටයේ “නාන් ඔරු තඩව සොන්නා, නූරු තරව සොන්නා මාරි' ( මම එක සැරයක් කීවොත්, ඒක සිය සැරයක් කියනවාට සමානයි) යන දෙබසද, 2007 වර්ෂයේදී තිරගත වූ 'සිවාජි' චිත්‍රපටයේ 'පන්නි තාන් කූට්ටමා වරුම්, අනා සිංගම් සිංගලා තාන් වරුම්' (ඌරෝ තමයි පොදිය පිටින් සටනට එන්නේ, එහෙත් සිංහයා තනිවම තමයි සටනට එන්නේ) යන දෙබස් කාණ්ඩ පෙන්වාදිය හැක. මෙම වදන් ඔහු පවසන්නේ දුෂ්ටයන් සමග සංවාදයේ නිරත වන අවස්ථාවලදී නිසාවෙන් එම අවස්ථාවලදී ඔහු රසිකයන් තදින්ම ආරූඪ කරගනියි. ඒ ඔහුගේ රංගන හැකියාවයි.
එම දස්කම් සේම ඔහුගේ සමාජ සත්කාරද රාශියක් තිබේ. තමන් උපයන මුදලින් කොටසක් වැය කර ඔහු පවත්වාගෙන යන 'අාශ්රම්' නම් පාසලේ ළමා ළපටින් දහස් ගණනක් පහළ පන්තියේ සිට ඉහළම පන්තිය දක්වා වර්තමානයේද නොමිලේම අකුරු උගනිති. එමෙන්ම අඟහිඟකම් ගැන මෙන්ම පරාජිත පෙම් හැඟුම් ගැනද හොඳින්ම දන්නා මේ අසහාය නළුවා තමිල්නාඩුවේ චෙන්නායිහි 'රාගවේන්ද්‍රා' නමින් දැවැන්ත උත්සව ශාලාවක් ඉදිකර විවාහ දිවියට එළඹෙන දුප්පතුන් සිය දහස් ගණනක් එහි කැඳවා ඔවුන්ට ඔහුගේ වියදමින් කෑම බීම, ඇඳුම් පැලඳුම්, ගෘහ භාණ්ඩ හා තැල්ලද ඔහුගේ අතින්ම ලබා දී ඔවුන්ගේ විවාහ මංගලෝත්සව උත්සවශ්‍රී‘යෙන් පැවැත්වීමට කටයුතු කිරීම ඔහුගේ තවත් සත්කාරයකි. තවද නිර්ධන පන්තියේ රියදුරන්ට ත්‍රිරෝද රථ නොමිලයේ ලබා දී තිබේ. ව්‍යසන අවස්ථාවලදී සිය පෞද්ගලික ධනය රජයටත් පෙර අවතැන්වූවන් වෙනුවෙන් වියදම් කිරීමට තරම් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකි.
මේ හේතු නිසා තමිල්නාඩුවේ අන් කිසිවෙකුටත් නොමැති ජනප්රියත්වයක්ද, කුඩා දරුවාගේ සිට ඔහුටත් වඩා වයෝවෘද්ධ මිනිසුන් පවා 'රජිනි සර්' යැයි අමතන තරම් ගෞරවනීය පිළිගැනීමක්ද ඔහුට තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනයට පිවිසෙන්නැයි ඔහුට කොතරම් ආරාධනා තිබුණද මේ වනතුරුත් ඔහු එයට ප්‍රතිචාර දක්වා නොමැත. අතීතයේ නිර්ධන පන්තියේ ජීවත් වී, වර්තමානයේදීත් මුල අමතක නොකර සිටින මේ මිනිසාට තමිල්නාඩුවේ මහපුටුවට යන්නට එතරම් මහන්සියක් දැරිය යුතු නොවේ. නමුත් එම මාර්ගයට විත් මිනිසුන් ඔහුට දක්වන ආදරය, කරුණාව, ගෞරවය බිඳදමාගැනීමට ඔහු සූදානම් නැත.
තමන් සුපිරි තරුවක් යැයි හිස උදුම්මාගෙන රිසි සේ ජීවත්වීමට හැකියාව තිබුණද, එසේ නොකර චාම් ඇඳුම්වලින් සැරසී, සිය වාහනය තමන් විසින්ම පදවමින්, ඔහුගේ ඉදිරියට පැමිණෙන ඕනෑම මට්ටමේ පුද්ගලයෙකුට දෙඅත් එක්කොට ආචාර කිරීමට තරම් ඔහු නිහතමානීය. එමෙන්ම ඔහු ආගම දහමටද දැඩි නැඹුරුවක් දක්වයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළ හෙයින් ඔහු වන්දනාගමන්වලට සහභාගි වන්නේ වෙස් වලාගෙන කිසිදු ආරක්ෂයෙකු හෝ නොමැතිවය. ඔහු කෙතරම් සුපිරි තත්ත්වයකට පත්වුවද ඕනෑම පුද්ගලයෙකුට සවන්දීම, වෙලාවට වැඩ කිරීම, නව පරපුර සමග සුහදව සිටීම, මාන්නයෙන් හිස උදුම්වා නොගැනීම සහ හැමවිටම තම පන්ති සගයන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම ඔහුගේ සාර්ථකත්වයට තවත් හේතු වූ කාරණා ලෙස පෙන්වාදීමට හැකිය.
මේ දිනවල ආදයම් වර්තා බිඳහෙළමින් තිරගත වන 'කබාලි' චිත්‍රපටයේ මොහු පාතාල නායකයෙකුගේ චරිතයකට පණ පෙව්වද ඔහු පාතාල නායකයෙකු වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සදහාය. එමෙන්ම ඔහු මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජීවිතය අතරමග විනාශ කරගත් සියදහස් ගණනක් විදුහලක් තුළදී පුනරුත්ථාපනය කරයි. එම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට මත්ද්‍රව්‍ය නිසා සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ මගපෙන්වීමත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව නැගී සිටීමට අවශ්‍ය පෙළඹවීමත් ඔහු සිය රංගනය ඔස්සේ ලබා දී තිබීම නිසා එය ඔහුගේ සාර්ථකත්වය තව තවත් අරුත් ගන්වයි.
මේ අතර චිත්‍රපටය සාර්ථක වීමත් සමගම ඔහු ඔහුගේම අත්අකුරින් ලියූ ලිපියක් තම රසිකයන් වෙනුවෙන් මා‘ධ්‍ය වෙත නිකුත් කරමින් පවසා සිටියේ කබාලි චිත්‍රපටය සාර්ථක වූයේ තම රසිකයන්ගෙන් ලැබුණු දායකත්වය නිසා බවයි. එමෙන්ම තමන්ගේ අසනීප තත්ත්වයන් එම ප්‍රතිචාර ඔස්සේ සුව වූ බවයි. රජිනිකාන්ත් වැනි පුද්ගලයෙකුට එවැනි තුති පිදීමක් කිරීමට අවශ්‍ය නැත. නමුත් එම ක්‍රියාවෙන් ගම්‍ය වන්නේද ඔහුගේ අසාමාන්‍ය වූ මිනිසත් බව සහ ඔහු තමන් ඉහළට ඔසවා තැබූ රසිකයන් පිළිබඳව අමතක නොකොට ඇති බව නොවේද?
මේ සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය වූයේ ඉන්දීය විෂය නිර්දේශයට සහ Oxford University Press හි 06 ශ්‍රේණියේ පෙළපොත්වලට ඔහුගේ ජීවිත කතාව ඇතුළත් කිරීමය. කුලී වැඩ කරමින්, පසුව බස් කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර, වර්තමානයේ ලොවම හඳුනන සුපිරි චරිතයක් වූ මොහුගේ ජීවිත කතාව ඉගෙනුමෙන් පසු සහ ඔහු රඟන චිත්‍රපට නැරඹීමෙන් පසු වර්තමාන පරපුරද, මතු පරපුරද රජිනිකාන්ත් නම් නළුවා වීරයෙකු ලෙස සැලකීම අරුමයක් නොවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd