මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන සඳුන් රාජකරුණාගේ උතුම් පැතුම් ටෙලි නාට්‍යයට විශේෂ තැනක් ලැබේ. ප්‍රවීණ හා නවක නළු නිළියන්ගේ මිශ්‍රණයකින් නිර්මාණය වී ඇති මෙම ටෙලි නාට්‍යය තුළ සුදු හාමිනේ චරිතයට පණ පොවන ගීතිකා රාජපක්ෂද රංගන ක්ෂේත්රයට නවක මුහුණකි. මෙවර තරු කතාබහට අපි රංගනයට නවකයෙකු වූ ගීතිකා රාජපක්ෂ සම්බන්ධ කර ගතිමු.
Q උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ සුදු හාමිනේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ දෙවැනි ටෙලි නාට්‍ය රංගනයයි. ඉතිං ලැබෙන රසික ප්‍රතිචාර මත හිතෙනවා මම සුදු හාමිනේ චරිතයට යම් සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා. සුදු හාමිනේ කියන චරිතය දඟකාර, කටකාර එකක් වුණත් සෑබැ ජීවිතේදී නම් මම නිහඬ චරිතයක්. ඒ නිසා මේ චරිතයට හැඩගැහෙන්න නම් මට ටිකක් අපහසු වුණා. නමුත්, උතුම් පැතුම් අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා මහත්මයා ඇතුළු නාට්‍ය කණ්ඩායමේ සැමදෙනාගේ උදව් මත මේ චරිතය ඉතා හොඳින් කරන්න මට හැකි වුණා.
Q ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොහොමද?
නිරූපිකාවක් විදිහට තමයි ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. පොඩි කාලේ ඉඳල ආසාවක් තිබුණා නිළියක් වෙන්න. ඒ ආසාවත් එක්ක තමයි මගේ පළමු ටෙලි නාට්‍යය වන සිහින කිරිල්ලී නාට්‍යයට සම්බන්ධ වුණේ. නමුත්, ඒ ටෙලි නාට්‍යය තවමත් විකාශය වුණේ නැහැ. ඊට පස්සෙ තමයි උතුම් පැතුම් ටෙලි නාට්‍යයට දායක වුණේ. දැන් දෙරණ රූපවාහිනී නාලිකාවේ යන අංකල් සෑම් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම ඉදිරිපත් කරන විශ්මි චරිතය අංකල් සෑම් ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයයි.
Q නිරූපිකාවක් විදිහට ඔබ ක්ෂේත්රයට ආපු කෙනෙක්. දැන් ඒ වෘත්තිය අතහැරලාද?
නිරූපිකාවක් විදිහට ලොකුවට මම දැන් වැඩ කරන්නේ නැහැ. මුලික අවධානය යොමුකරලා තියෙන්නේ රංගනය පැත්තට යොමු වෙලා ඒ තුළින් ඉදිරියට යන්න. අමතරව ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙලා වැඩ කරන්න මම ආසයි. කොපමණ ප්‍රමාණයක්ද කියලත් මම දන්නෙ නැති තරම් මම ගීත රූප රචනාවලට දායක වෙලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් යම් ප්‍රමාණයකටත් මම මගේ දායකත්වය සපයලා තියෙනවා.
Q බොහෝදෙනෙකු අද ක්ෂේත්රයට එන්නේ හැදෑරීමකින් තොරව?
කවුරු මොන දේ කිව්වත් රඟපාන එක හිතන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. දැනට මම රංගනය පැත්තෙන් යම් යම් දේවල් ඉගෙන ගන්නවා. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ මම කටහඬ පුහුණුව ලබලා තියෙනවා. ඊට අමතරව රංගනය පිළිබඳව වැඩමුළුවලට සහභාගී වෙලා තියෙනවා. මම දකින විදිහට රංගනය කියන්නෙ කවදාකවත් හදාරලා අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද හැමදාම රංගනය පැත්තෙන් ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා.
Q නමුත්, බොහෝ නවකයන් හිතන්නේ රූපය තිබුණොත් එය ප්‍රමාණවත් කියලා?
මම නම් එහෙම හිතන්නෙ නැහැ. රූපය විතරක් ලස්සනට තිබිලා මදි. රූපය විතරක් තිබුණොත් ඇති කියලා ක්ෂේත්රයට එකතු වෙන නවකයන් වැඩ දෙක තුනකින්ම පස්සෙ ක්ෂේත්රයෙන් ඉවත් වෙනවා. මොකද, අනිවාර්යෙන්ම රූපය වගේම රංගනය පිළිබඳව හැකියාවත්, දක්ෂතාවත්, කැපවීමත් තියෙන්න ඕන මේ ක්ෂේත්රය තුළ රැඳී ඉන්න.
Q දැනට ඔබ වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්ද?
ඔව්. මා කලින් රැකියාවක නිරත වෙලා හිටියා. නමුත්, රැකියාව අත්හැරලා තමයි රංගනයට යොමු වුණේ. උතුම් පැතුම් නාට්‍යයට මුලින්ම කතා කරනකොට මට ලැබුණේ සුදු හාමිනේ කියන චරිතය නෙවෙයි. රැකියාව නිසා මම ඒ චරිතය ප්‍රතික්ෂේප කළා. පස්සෙ මට හිතුණා රඟපාන්න නම් රැකියාවෙන් ඉවත් විය යුතුයි කියලා. රඟපාන්න තිබුණ ආසාව නිසාම රැකියාවෙන් ඉවත් වෙලා උතුම් පැතුම් නිෂ්පාදක නිල්වලා අධිපති ලලිත් වසන්ත මහත්මයා මුණ ගැහුණා. එතකොට උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ මට කරන්න තිබුණ චරිතය වෙනත් නිළියකට දීලා. පස්සෙ ලලිත් වසන්ත මහත්මයා මාව සුදු හාමිනේ කියන චරිතයට තෝර ගත්තා. රැකියාවෙන් ඉවත් වුණ නිසා පූර්ණකාලීනව මේ ක්ෂේත්රය තුළ රැඳීම තමයි දැනට මගේ ඉලක්කය වෙලා තියෙන්නේ.
Q ගෙදර අය කැමතිද ඔබ නිළියක් වුණාට?
අම්මා, තාත්තා දෙන්නෙ නම් මම නිළියක් වෙනවට ගොඩක් කැමැත්තෙන් හිටියේ. මොකද, ඒ දෙන්නම කලා කටයුතුවලට කැමති දෙන්නෙක් නිසා. දැනට මම කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාව සම්බන්ධව උපාධික් හදාරනවා. අම්මා නම් කියන්ෙන කලා කටයුතුවලට වගේම ඉගෙන ගත්ත දේකිනුත් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඉතිං මගේ ඉදිරි අනාගතය කොහොම වේවිද කියල දන්නෙ නැහැ.
ඡායාරූප අනුග්‍රහය - www.srilankenmodel.com