නිර්මාණයන් තුළින් ලෝකය දකින බොහෝ දෙනා තමන්ගේ හැකියාව විධිමත් ලෙස ලොවට දායාද කරනු ලබයි. ඒකාකාරී නිර්මාණ කලාව තුළ විවිධ වූ සංකල්පයන් ඔස්සේ අත්හදා බලමින් නිර්මාණ කිරීමට ඇතැම් නිර්මාණකරුවන් බොහෝ සේ වෙහෙසෙනු ඇත.
ඇතැම් නිර්මාණකරුවන් තමන්ගේ දක්ෂතා ලොවට හඳුන්වා දීමට බොහෝ ප්රයත්නයක් දැරුවද එය බාරගනු ලබන්නේ ඉතාමත් අතළොස්සකි. එවැනි කාරණා හේතුකොට ගෙන බොහෝ නිර්මාණකරුවන් තමන්ගේ වෘත්තීමය මට්ටමෙන් ඉවත් වී වෙනස් මාවතක් ඔස්සේ ජීවන රටාව ගෙන යනු ලබයි. ඒ තම නිර්මාණයන් සඳහා වටිනාකමක් හිමි නොවන හෙයිනි. එවැනි නිර්මාණකාරිනියක ලෙස ලෙනී කිල්ඩී හැඳින්විය හැකිය. ඇයගේ වෘත්තීමය මූර්ති නිර්මාණ ශිල්පිනියක වුවත් තම මූර්ති කලාව ඔස්සේ බොහෝ කාලයක් නිහඬව ගත කරනු ලැබූ අයෙකි.
1981 වර්ෂයේ උපන් ලෙනී නිෂ්පාදන සම්බන්ධයෙන් උපාධියක් හිමි අයෙකි. ඇය කලාව තම විෂය කරගනු ලැබුවේ පාසල් කාලයේ සිටය. ලෙනී මූර්ති නිර්මාණ කලාවට පිවිසීමට පෙර සිතුවම් නිර්මාණකරණයේ බොහෝ කාලයක් නියැළිව සිට ඇත. කැරෙබියානු රටෙහි ග්‍රෙනාඩා නම් ප්‍රදේශයේ උපන් ඇය මූර්ති කලාව මුල්ම වශයෙන් ඉස්මතු කරනු ලැබුවේ උද්‍යානයක් තුළදීය. එම ප්‍රදේශයේ ඇති මහජන උද්‍යානයක් තුළ ලෙනී විසින් මූර්තියක් නිර්මාණය කර ඇති අතර, එරට රජයේ නිල අනුමැතිය ඇතිව මෙම උද්‍යානයේ මූර්තියක් නිර්මාණය කිරීමට ඇයට අවසර ලැබිණි. ඇය සිදුකරනු ලැබූ එම මූර්ති නිර්මාණය සඳහා බොහෝ ප්‍රතිචාර හිමි විය. ඉන්පසු ඇය මූර්ති කලාව සඳහා යොමු වූවත් ඒ සඳහා නියමිත වටිනාකමක් ලබාදීමට එරටේ කිසිදු පුද්ගලයෙකුට නොහැකි විය. ඒ හේතුවෙන් ඇය මූර්ති කලාවෙන් බොහෝ කාලයක් ඉවත්ව සිටි බව සඳහන් වෙයි.
මුල්ම වශයෙන් ඇය සිදුකරනු ලැබූ උද්‍යාන මූර්තිය නිව්යෝර්ක් රටෙහි ව්‍යාපාරිකයෙකු දැක එම රටට ඇයට පැමිණීමට ආරාධනා කර තිබුණි. එහිදී එම ව්‍යාපාරිකයාගේ ව්‍යාපෘතියක් සඳහා ඇයට අවස්ථාව උදා වූ අතර, එතැන් පටන් විදෙස් රටවලට ඇයගේ මූර්ති අලෙවිය සිදුකරනු ලැබීය. ලෙනී සිදුකරන මූර්ති වෙනස් සංකල්පයක් ගනු ලබන හෙයින් ඇයගේ නිර්මාණ දිනෙන් දින අලුත් විය. මේ වන විට ලෙනී බොහෝ රටවලට සිය මූර්ති කලාව අලෙවි කරයි. කලාවට මිලක් නොලැබෙන විට බොහෝ දෙනෙකු එයින් පසුබට වන නමුත්, කාලයක් ගතවීමෙන් එම නිර්මාණයට වටිනාකමක් හිමිවන්නේ කවුරුත් නොසිතනා ආකාරයෙන් බව ලෙනීගේ මතයයි.