අග්‍රගණ්‍යය චිත්‍ර ශිල්පියෙක් හා මූර්ති ශිල්පයෙක් වන පැබ්ලෝ පිකාසෝ විසින් 1954-1955 අතර කාලසීමාවේදී අඳින බව පැවැසෙන චිත්‍රයක් ඩොලර් මිලියන 179ක් (රුපියල් මිලියන 23807) කට අලෙවි වී තිබේ.
එය එතෙක් මෙතෙක් ලෝකයේ චිත්‍රයක් අලෙවි වූ වැඩිම වටිනාකම ලෙසට වාර්තා අතරට එක්ව තිබේ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති ඊයේ (11දා) (ශ්‍රී ලංකා වේලාවේන් අද අලුයම) පැවැති වෙන්දේසියකදී පිකාසෝගේ Women of Algiers නම් චිත්‍රය මෙසේ වාර්තා ගත මිලකට අලෙවි වී තිබේ.
මෙම වෙන්දේසියේදී පැබ්ලෝගේ චිත්‍රය දුරකථනයෙන් ලංන්සු ඉදිරිපත් කළ පුද්ගලයෙකු විසින් මිලදී ගෙන තිබේ. එම පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන විටත් අනාවරණය නොවුණි. මෙවැනි වාර්තාගත මිලකට චිත්‍රයක් අලෙවිවීම පසුපස පවතින්නේ එහි පවතින ආයෝජන වටිනාකම බව විචාරකයෝ පවසති.
පිකාසෝගේ නිර්මාණ සඳහා ඉහළ වටිනාකමක් ලෝකයේ පවතින අතර, ඔහුගේ චිත්‍ර බොහොමයක් ජ්‍යාමිතික ස්වරූපයක් පවතියි. මෙම Women of Algiers චිත්‍රයද එවැනි ජ්‍යාමිතික ස්වරූපයක් ගනියි. මෙම චිත්රයෙන් පිකාසෝ නගර අභිසරුලියන් සිතුවමට නඟා තිබේ.
මීට ඉහතදී ලෝකයේ වැඩිම මිලකට චිත්‍රයක් අලෙවි වී තිබෙන්නේ 2013 වසරේදීය. ඒ එංගලන්ත චිත්‍රශිල්පියෙකු වන ෆ්‍රැන්සිස් බාකෝන්ස් විසින් අඳින ලද Three Studies of Lucian Freud නම් සිතුවමයි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 142.4 (රුපියල් මිලියන 18939.2) කට අලෙවි වී තිබුණි.
එසේම මෙහිදී ඇල්බර්ටෝ ගියාකොමෙටි විසින් නිර්මාණය කරන Pointing Man නම් මූර්තිය ඇමෙරිකානු ඩොලර් මිලියන 141.3 (රුපියල් මිලියන 18729.9කි) කට අලෙවි වී තිබේ. එය මෙතෙක් ලෝකයේ මූර්තියක් අලෙවි වූ වැඩිම වටිනාකම ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබේ.
එය මිලදී ගත් පුද්ගලයාද නිරනාමික බව බී.බී.සී. පුවත් සේවය කියයි.
බී.බී.සී./ ද ගාඩියන්
පැබ්ලෝ පිකාසෝ
1881 වසරේ ඔක්තෝබර් මස 25 දා ස්පාඤ්ඤයේ උපත ලද පැබ්ලෝ පිකාසෝ එතෙක් මෙතෙක් ලොව බිහිවූ අග්‍රගණ්‍යය චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු (කලා ශිල්පියෙකු) ලෙස පිළිගැනෙයි. 1973 වසරේ අප්‍රේල් මස 8 වැනිදා ප්‍රංශයේදී සිය අවසන් හුස්ම හෙළන විට ඔහු 91 වැනි විසේ පසුවිය. විවිධත්වයන් යටතේ විවිධ කලා කෘති ලොවට දායාද කළ මෙම අග්‍රගණ්‍යය චිත්‍ර ශිල්පියාගේ වෘත්තීය දිවිය 1900 දශකයේදී පමණ ආරම්භ වූ බව කියැවෙයි. ඔහුගේ බොහෝ සිතුවම් ඩොලර් මිලියන 100කට අධික මිල ගණන්වලට අලෙවි වී තිබෙන අතර ඒ සඳහා Garçon à la pipe (ඩොලර් මිලියන 104), Dora Maar au Chat (ඩොලර් මිලියන 95.2) Nude, Green Leaves and Bust (ඩොලර් මිලියන 106.5) වැනි නිර්මාණ පෙන්වා දිය හැකිය. පිකාසෝ 50000 කට ආසන්න කලා නිර්මාණ බිහිකර තිබෙන අතර එයට සිතුවම් 1885, මූර්ති 1228 ක්ද ඇතුළත් වෙයි.
විකිපීඩියා ඇසුරෙනි