හිරු ගොල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය
- 12 09 2016
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
වසරේ හොඳම නළුවා ලෙස තණ්හා රතී රඟා චිත්‍රපටයේ සරත් කොතලාවලද වසරේ හොඳම නිළිය ලෙස බොරදිය පොකුණ චිත්‍රපටයේ කෞෂල්‍යා ප්‍රනාන්දුද සම්මාන හිමිකර ගනිමින් හිරු ගොල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය ඊයේ (11දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී නිමාවිය.
2014 හා 2015 වසරේ තිරගත වූ චිත්‍රපට 40ට හා එම කාලසිමාවේ නිශ්පාදය කළ කෙටි චිත්‍රපට 100ක් අතරින් තෝරාගත් නිර්මාණ වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමිය.
හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටයේ ප්‍රසන්න විතානගේ සම්මාන දිනාගත්තේය. මෙම උළෙල සඳහා ඉන්දීය බොලිවුඩ් නළු නිළියන්ද එක්වූහ.
ජූරියේ විශිෂ්ඨ සම්මානය - ජැක්සන් ඇන්තනී
ජනප්‍රිය නළුවා - හේමාල් රණසිංහ
ජනප්‍රිය නිළිය - උදාරි පෙරේරා
ළමා නළුවා - ත්‍රිශාක්‍ය කුමාරතුංග
සහාය නළුවා - මහේන්ද්‍ර පෙරේරා
සහාය නිළිය - කුසුම් රේණු
හොඳම විකට රංගනය - ජයලත් මනෝරත්න
හොඳම ප්‍රතිවීර රංගනය - දයාදේව එදිරිසිංහ
හොඳම සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර
හිරු ජීවන ප්රණාම සම්මානය - රවීන්ද්‍ර රන්දෙණිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



































