ADA
www.ada.lk
2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා
Atomic Circus යනු වෘත්තීමය ටැටූ ශිල්පියෙකි. එවැනි නිර්මාණකරුවෙකුගේ දෑත්වල ඇති නිර්මාණ ශක්තිය පිළිබඳව අමුතුවෙන් කතා කළයුතු නැත. ටැටූ නිර්මාණ ශිල්පියෙකු යනු අද වනවිට ලෝකයේ පිළිගන්නා නිර්මාණකරුවන් අතරේ ප්රමුඛයෙකි. ඔවුන්ගේ හැකියාවන් සැසඳීමට තවත් කාරණා අවශ්‍ය නොවේ.
Atomic ගේ මතය වන්නේ කලාව කිරීමට කැපකිරීමක් අත්‍යවශ්‍ය බවයි. කලාවට ආදරය කරන කුමන හෝ පුද්ගලයෙකු ජීවිත රටාවටද ආදරය කරන බව Atomic පවසයි. මෙවැනි මතයක් තුළ තම නිර්මාණ හැකියාව සම්පූර්ණ කරන ඔහු පිළිබඳව ඇගයීමට තරම් හේතු කාරණා බොහෝ ඇත. ඔහුගේ සිතුවම් කලාව වෙනස් මාර්ගයක් තුළ අපහසුතා මතින් ගොඩනැගෙයි. උපන් කාලයේ සිට තම පවුල් පසුබිමින් නිර්මාණ හැකියාවක් තමන්ට පිහිටි බව ඔහු පිළිගන්නා කාරණාවකි. කෙසේනමුත් වාණිජකරණයට හසුවූ නිර්මාණ රැල්ලක්ද ඔහුගේ දෑත මත ඇති බව කිවයුතුය. ටැටූ නිර්මාණය වෘත්තියක් ලෙස කරමින් තම එදිනෙදා කටයුතු කරන ඔහු, තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් වෙනත් නිර්මාණයන්ද සිදුකරනු ලබයි. කාලයෙන් කාලයට ඔහුගේ නිර්මාණයන්වල සංකල්ප වෙනස් වනු ඇත. එවැනි සංකල්පයක් තුළ තම නිර්මාණ සඳහා සාධාරණ මතිමතාන්තර ගොඩනගා ගනිමින් තම නිර්මාණයන් වාණිජකරණයේ මුදුනට ගෙන යාමට ඔහුට හැකියාව ලැබුණි.
Atomic කාටූන් නිර්මාණයන් සඳහාද තම කලා හැකියාවන් පණ පොවනු ලබන තරුණයෙකි. ලෝකයේම සුප්‍රසිද්ධ Biker mice from mars කාටූනයේ චරිත තම නිර්මාණ හැකියාවන් ලොවට පෙන්වීමට ඔහු සමත් වී තිබේ. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ නිර්මාණ අතරින් බොහෝදෙනෙකුගේ ප්‍රතිචාර හිමිවූ චිත්‍ර ලෙස මෙය සඳහන් වෙයි. ඊට අමතරව Atomic විසින් මිනිස් රූපයන් සිතුවමට ගෙනෙන තිබේ. ඒ ආකාරයෙන් නිර්මාණ කරමින් සිටි ඔහු සිය නිර්මාණ සඳහා නවමු පණක් ගෙන ඒමට අලුත් නිර්මාණ සංකල්පයක් ගෙන එන ලදී. ඒ ලුණු උපයෝගී කරගනිමින් සිතුවම් නිර්මාණය කිරීමයි. එම නිර්මාණයන් සඳහාද විශාල ඉල්ලුමක් ගොඩනැගී තිබෙන බව Atomic සඳහන් කරයි.
Atomic ගේ ජීවන වෘත්තියද වන කලාව ඔහු කිසි දිනක පහත් මට්ටමින් විකුණා නොමැති බව සඳහන් වෙයි. ඔහු විසින් තම සිතුවමක් අලෙවි කරනු ලබන්නේ ඉතාමත් අධික මිලකට බව සඳහන් වෙයි. ඔහු සිතුවම් අලෙවිකරණය තුළින් ඉහළ ආදායමක් ලබන අතර, ඔහු සිය ආදායමෙන් කොටසක් තමන් විසින් ආරම්භ කරනු ලැබූ පුණ්‍ය ආයතනයක් සඳහාද යොමු කරයි. බුද්ධි මට්ටම අඩු දරුවන් වෙනුවෙන් එම මුදල් වැය කරන බව සඳහන් වේ.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd