ADA
www.ada.lk
2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා
Alper Dostal නම් කලාකරුවා විශේෂිත වූ නිර්මාණ ශිල්පියෙකි. ඔහු විසින් නිර්මාණය කරන ලද ඇතැම් නිර්මාණ දියවෙන ස්වභාවයක් පවතී. ඇතැම් නිර්මාණ දියවෙමින් පවතින අතර, එය යම් කාලයක් තුළද ගල් වී යයි. හෙතෙම විසින් එම නිර්මාණ එකතුව ප්‍රදර්ශනය කරනු ලබන්නේ වායුසමනය නොකළ කලාගාරයක් තුළය. එයට හේතුව වන්නේ එම නිර්මාණවල ඇති ද්‍රව්‍ය දියවී යෑම මැනෙවින් දැක ගැනීමට හැකියාව ලැබීමය. ඔස්ට්‍රියාවේ වියෙනාහි පදිංචිව සිටින ඔහු වෘත්තීමය වශයෙන් ත්‍රිමාන කලා නිර්මාපකයෙකු ලෙස වැඩකටයුතු සිදුකරයි. කලාව ඔස්සේ තමන්ගේ නිර්මාණ හැකියාව ලොවට හඳුන්වා දෙමින් ඒ ඔස්සේ තමන්ගේ වෘත්තීමය මට්ටම ඔපනංවා තිබේ. ත්‍රිමාන කලා නිර්මාපකයෙකු ලෙස ඉහළ වෙළෙඳ සන්නාම ඇති ව්‍යාපාරික සහ ආයතනවල නිර්මාණවලට ඔහු දායකත්වය ලබාදෙන අතර, විනෝදාංශයක් වශයෙන් වෙනත් නිර්මාණ අත්හදා බලමින් ප්‍රදර්ශනයන් පවත්වයි. ඒ ඔස්සේ එම නිර්මාණ අලෙවි කරමින් වෘත්තීම නිර්මාපකයෙකු ලෙස කටයුතු සිදුකරයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව තමන් ත්‍රිමාන තාක්ෂණ උපාධියක් හදාරා ඒ ඔස්සේ තම වෘත්තීමය කටයුතු සිදුකරන හෙයින් වෙනත් අංශයක් සඳහා යොමු නොවුණු ඔහු බව සඳහන් කරයි.
කලාව කුඩා කල සිට කැමැත්තක් දැක්වූ විෂයයක් හේතුවෙන් ඔහු ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබේ. තාක්ෂණික ලෝකයක් තුළ නිර්මාණය හා කලාව යම්කිසි ප්‍රමිති සහගත ස්ථානයක් බවට පත්කිරීමේ සුළු උත්සහායක් ලෙස ඔහු තමන්ගේ මෙම දියවෙන නිර්මාණ හඳුන්වා දෙයි.
මෙම නිර්මාණය සිදුකරනුයේ විවිධ වූ වර්ණ යොදා සකස් කර ගනු ලබන ඝනකම සහිත තීන්තවලින්ය. එය නැවත එකලස් වීමට යන කාලය වැඩි කිරීමට ඔහු රසායනික ද්‍රව්‍යයක් යොදන බව සඳහන් වෙයි. ඝනකම ඇති මෙම තීන්ත වර්ග ඔස්සේ සිතුවම් කරන නිර්මාණ දියවී යෑමේදී ඒ ඔස්සේ ස්වභාවයෙන් නිර්මාණය වන කලා නිර්මාණයන් තවත් අලුත් සංකල්පයක් ගනියි. Alper Dostal නම් මෙම විස්මිත කලාකරුවාගේ නවමු සංකල්පය සඳහා බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වති. කලා අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඔහු සේවය කිරීමත් සුවිශේෂී කාරණාවකි. මේ කාරණා අනුව බැලූ විට බොහෝ දෙනා අනුමාන කරන පරිදි ඔහු කලා නිර්මාණ ලෝකය තුළ ඔහු යම්කිසි පෙරළියක් ඇති කළ පුද්ගලයෙකි.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd