සල්මන් ඉන්දීය කෝටි 44ක් ආදායම් බදු ගෙවයි
- 23 03 2017
- 16:44
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඉන්දියාවේ බොලිවුඩ් සිනමා ක්ෂේත්රය තුළ වැඩිම ආදායම් බදු ගෙවන පුද්ගලයා බවට සුපිරි නළු සල්මාන් ඛාන් පත්ව තිබේ. 2016/2017 මූල්‍ය වසර සඳහා ඔහු ගෙවා ඇති ආදායම් බදු වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 44.5කි. 2015/2016 වසර සඳහා ඔහු ගෙවා ඇති ආදායම් බදුවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 32.2ක් විය.
බොලිවුඩයේ දෙවැනියට ඉහළම ආදායම් බද්දක් ගෙවා ඇති නළුවා වන්නේ අක්ෂේ කුමාර්ය. රිතික් රොෂාන් තුන් වැනි ස්ථානයේ පසුවෙයි. රන්බීර් කපූර් හා අමීර් ඛාන්ද මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින චරිත වෙති. නිශ්පාදකයෙකු ලෙස කරන් ජොහාර් එහි ඉදිරියෙන්ම පසුවෙයි.
ශාරුක් ඛාන්, අමිතාබ් බච්චන් හා අයිෂ්වර්යා රායි පැනමා පේපර්ස් හා සම්බන්ධ බවට සැක කෙරෙන හෙයින් ඔවුන්ගේ නම් මේ සඳහා ඇතුළත් කර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
