ප්‍රියංකාට ජාත්‍යන්තර සම්මානයක්
බොලිවුඩ් සිනමාවේ කලක් අංක එකේ සිනමා නිළිය බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ හොලිවුඩ් සිනමාව තුළයි. පසුගියදා පැවති People’s Choice Award 2017 සම්මාන උලෙළේදී ඇයට වසරේ හොඳම රූපවාහිනී ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන දිනාගැනීමට හැකි විය. ඒ ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘Quantico ටෙලිනාට්‍ය තුළ ඉදිරිපත් කරන රංගනය උදෙසායි.
ප්රියයංකාට ජාත්‍යන්තර සම්මානයක් හිමිවූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඊට පෙර ඇයට ගායිකාවක් ලෙස ‘%බිල්බෝර්ඩ්’ සම්මානයක් හිමිව තිබුණි.
මේ වන විට සිය අලුත්ම හොලිවුඩ් චිත්‍රපටය වන ‘බේවොච්’ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා ඇය දායකව සිටී. එහි ඩිවෝන් ජොන්සන් හා සැක් එෆ්රෝන් ඇය සමග රංගනයෙන් දායක වේ. මෙය ප්‍රියංකාගේ පළමු හොලිවුඩ් සිනමා රංගනය වීම විශේෂත්වයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


