පළිඟු කලාකාරිණිය Suzan Drummen
ලොව පුරා කලාකරුවෝ බොහෝය. එවැනි වූ අයට විවිධ වූ හැකියාවන් සහ වෙනස්ම වූ සංකල්පයන් ඇත. එවැනි සංකල්පයක් ඇති කලාකරුවෙකු ලෙස Suzan Drummen හැඳින්විය හැකිය.
පළිඟු කැට නොහොත් ක්‍රිස්ටල් අප දැක ඇත්තේ ඇඳුම් ආයිත්තම් වැනි කුඩා දෑ ලස්සන කිරීමට යොදාගන්නා අයුරුය. එහෙත් සූසන් තම අති දැවැන්ත නිර්මාණ කාර්යයන් වෙනුවෙන් ක්‍රිස්ටල් යොදාගනියි. ක්‍රිස්ටල් ගල් සමග ඇය මේ සඳහා භාවිත කරන්නේ වෛවර්ණ වීදුරු බෝල සහ ක්‍රෝම් අමුද්‍රව්‍යයෙන් නිම වූ දේවල්ය. ඇය මෙම සිතුවම් තව තවත් ලස්සන කිරීමට වීදුරු දර්පණද භාවිත කරන්නීය.
ඇය තම නිවසේ පොළොව මත කළ නිර්මාණයක් දුටු ඇයගේ හිතවත් පුවත්පත් මාධ්‍යවේදියෙකු ඇය සහ ඇගේ නිර්මාණ පිළිබඳ ලිපියක් සිය පුවත්පතේ පළකර දී ඇත. ඉන් පසු ඇයට ව්‍යාපාරික අවස්ථා සඳහා දොර විවර වී ඇති අතර, විශාල සමාගම් හා ආයතන දක්වා ඇය මේ වනවිට තම ව්‍යාපාරය පුළුල් කරගෙන සිටියි.
'මිනිසා වියපත් වුවත් ඔහුගේ නිර්මාණ හැකියාව වියපත් නොවන බව' ඇය තම අත්දැකීම් විස්තර කරමින් විශේෂයෙන් සඳහන් කරන්නීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.












