www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජශාලාවක අලුත් අවුරුදු සතුට සමරමින් සිටි 39 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම අවුරුදු උදාවේදී වාර්තා වූ මිලේච්ඡතම සිදුවීමක් වෙනවා. මෙහිදී ජීවිතක්ෂයට පත්වූවන් අතර ඉන්දියානු විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන Khushi Shah යන තරුණියද සිටිනවා.
මෙම සිදුවීම පිළිබඳ විවිධ පුවත් වාර්තා කරන මාධ්‍ය සඳහා ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් ඉන්දියානු තරුණියන්ට මරණ බියක් ඇතිවී ඇති බවයි. ඊට අමතරව ඇයගේ මරණය ගැන ඉන්දීය සුපිරි නිළි ශිල්පා ශෙට්ටි සහ ඇගේ සැමියාද ශෝකය පළ කරඇතැයි සඳහන් වෙනවා.
වයස අවුරුදු 20 ක් පිරීමට පෙර විලාසිතා නිර්මාණ ශිල්පිනියක විදිහට බොලිවුඩයේ නමක් දිනූ කුශී, මේ විදිහට මියයෑම ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්ද සිය ශෝකය පළ කර තිබුණා. මේ පිළිබඳ ඉන්දියානු රජය ඇයගේ පවුලට ශෝක පණිවුඩ යවා ඇතැයිද සඳහන් වෙනවා.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd