ADA
www.ada.lk
2025 මැයි මස 02 වන සිකුරාදා
කලා නිර්මාණයන් අද වනවිට විවිධ වූ පැතිකඩයන් ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. විවිධ වූ ද්‍රව්‍ය භාවිත කරමින් බොහෝ කලා නිර්මාණයන් ලොවට ප්‍රසිද්ධ කර තිබේ. නිර්මාණයන් විවිධ වන අතර, ඒ සඳහා ලැබෙන වටිනාකමද තව තවත් විශාල වෙයි. Chris Maynard යනු මේ වන විට නිර්මාණ ලෝකය තුළ වෙනස්ම මාදිලියේ දක්ෂතා දක්වන්නෙකි. ඔහු විසින් සිදුකරනු ලැබූ නිර්මාණයන් සඳහා අද වන විට විශාල වටිනාකමක්ද හිමිව තිබේ. ඔහු සිදුකරන ක්‍රියාව ඉතාමත් දුෂ්කර කාර්යයකි. නමුත් ඉන් ලැබෙන අවසාන ප්‍රතිඵලය බොහෝදෙනා විස්මයට පත්කරනු ඇත.
ඔහුගේ කුඩා කාලයේ විනෝදාංශය මේ වන විට වෘත්තිය වී හමාරය. ඔවුන් විසින් පාසල් කාලයේ සිට කරනු ලැබූ පිහාටු එකතු කිරීම ඔස්සේ මෙම නිර්මාණකරණයට හුරු වූ බව ඔහු පවසයි. Chris සිය කුඩා කාලයේ සිටම විනෝදාංශයක් වූ පිහාටු එකතු කිරීම නිර්මාණයක් වූ හැටි තමාවත් නොදන්නා බව සඳහන් කරයි. Chris Maynard යනු විශේෂ කලා හැකියාවන් ගොන්නක් ඇති පුද්ගලයෙකු බවයි බොහෝදෙනා සඳහන් කරන්නේ.
ඔහු පාසල් කාලයේදී කලා විෂය පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූ අතර, ඉන්පසු පාසල් කාලයේ අමතර විෂයයක් ලෙස ඔහු නිර්මාණ කලාව පිළිබඳව අධ්‍යයනය කර තිබේ. පසුව ඒ පිළිබඳව හදාරමින් ඉදිරියට පැමිණ තිබේ. පාසල් ගමන අවසන් වීමත් සමගින් Chris කලාගාරයක සේවය සඳහා ගොස් තිබේ. එහිදී ඔහු නිර්මාණ කලාව පිළිබඳව අත්දැකීම් ලබාගනු ලැබීය.
කාලයාගේ ඇවෑමෙන් එම කලාගාරයේ ගුරුවරයෙකු වශයෙන් කටයුතු කිරීමට Chrisට අවස්ථාවක් හිමි විය. කෙසේවෙතත් නවතම නිර්මාණ කලාවක් සඳහා යොමු වීම ඔහුගේ එක් හීනයක් විය. ඒ සඳහා සිය වෘත්තියෙන්ද ඉවත් වී නවමු මගක් සෙවූ ඔහු තමන්ගේ විනෝදාංශය වූ කුරුලු පිහාටු පිළිබඳව අවධානය යොමුකරන්නට විය.
එම කුරුලු පිහාටු මගින් නිර්මාණ බිහිකිරීම සඳහා ඔහු විශාල වෙහෙසක් දැරීය. මේ වනවිට කුරුලු පිහාටු නිර්මාණ සහිත කලාගාරයක් ඔහු විසින් පවත්වාගෙන යනු ලබයි. ඕනෑම කෙනෙකුට මෙම කලාගාරයේ ඇති නිර්මාණයන් රසවිදීමට අවස්ථාවද උදාකර දී තිබේ.
Chris Maynardගේ කුරුලු පිහාටු නිර්මාණයන් ලොවටම ගෙන යාමට ඔහුට හැකියාව ලැබී තිබේ. මේ වනවිට ඔහුගේ නිර්මාණයන් ඉතාමත් අධික මිල ගණන් යටතේ අලෙවි වන බවද සඳහන් වෙයි.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd