කොවිඩ් එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පතක්
සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති අතර එය පළමු වතාවට ප්‍රායෝගික තලයට ගෙනඑමින් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත හරහා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා මගහැරීමට අපේක්ෂිතය.
“කොවිඩ් පැතිරීම පාලනය කිරීම සහ කොවිඩ් එන්නත්කරණය සාර්ථක කර ගැනීම මෙන්ම මහජනතාවගේ පහසුවට එන්නත් තොරතුරු ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට එහි දී එකඟත්වයකට පැමිණියා.
ඒ අනුව ඊළඟ දින කිහිපය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අප සමඟ අත්වැල් බැඳ ගනිමින් කොවිඩ් එන්නත්කරණය පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ජනතාව අතට පත් කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඒ වගේම එන්නත්කරණය කාර්යක්ෂම හා වේගවත් කිරීමේ රජයේ වැඩපිළිවෙලට ස්වේච්ඡාවෙන් දායකවන්නයි රටට ආදරය කරන තරුණ තරුණියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව එන්නත්කරණය සිදුවන ස්ථානය ඒ වෙනුවෙන් සකස් කර දීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සහාය ලබාදීම ඇතුළු විවිධ කාර්යයන් ඔස්සේ අපට මෙම වැඩපිළිවෙලට දායක විය හැකියි”
popular news
-
Nuwan Thursday, 10 June 2021 10:25 PM
Sorry to say this. DO NOW waste people's money on unnecessary things like this. We are unable to have an old school process to make the vaccination process efficient and effective with common practices (non-digital) and now an APP to do it better?? ICTA, do you think this can solve the issues we have with the vaccination process? LOL Undeliverable idiots. රැල්ලට දේවල් digitize කරන්න එපා. It's cool but foolish to do. This shows our immaturity.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

