විද්‍යාව යනු නිරීක්ෂණයන් සහ අත්හදාබැලීම් මත රඳා පවතින්නකි. එය ක්‍රියාත්මක වන්නේ ප්රත්යක්ෂය මත පමණි. විද්‍යාව සඳහා අනුභූතික සාමාන්‍යකරණයක් (empirical generalization) අවශ්‍ය වේ. එනම් අපගේ අනුභූතීන් මගින් දැනගත හැකි දැනුමට පමණක් විද්‍යාවට සීමා වෙයි.
බොහෝදෙනෙකු විද්‍යාව පරම සත්‍යයක් ලෙස ගන්නා බව පෙනී යයි. නමුත්, පිළිගත යුතු දෙය නම් විද්‍යාව යනු සියල්ල විග්රහ කළ හැකි යමක් නොවන බවයි. විද්‍යාවෙන් විග්රහ කෙරෙන්නේ ස්වාභාවික ලෝකය තුළ නිරීක්ෂණය කිරීමට ලැබෙන යම් පද්ධතීන් පමණි. උදාහරණයක් ලෙස ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ පිළිගැනීමක් සියවස් කිහිපයකට පෙර විද්‍යාත්මක ලෝකය තුළ නොවිණි. ඊට හේතුව වූයේ ක්ෂුද්‍ර ජීවීන් දැකීමට හැකි තාක්ෂණයක් ඔවුන් සතුව නොතිබීමයි. තාක්ෂණයේ දියුණුවත් සමග විද්‍යාවට එක්තරා යුගයකදී පිළිනොගත් ඇතැම් දේ පසුකාලයේදී පිළිගැනීමට සිදුවිය. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෑතකදී හෙළිදරව් කළ පරිදි මිනිස් ශරීරයේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සියයට 90ක් පිළිබඳ විද්‍යාඥයෝ තවමත් කිසිවක් නොදනිති.
මෙනයින් යථාර්ථය විග්රහ කිරීම සදහා විද්‍යාව සුදුසුම ක්‍රමය වශයෙන් යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. අපට අවිද්‍යාත්මක යැයි පෙනී යන යමක් අනාගතයේදී විද්‍යාත්මක විය හැකිය. විද්‍යාව පවතින්නේ ද්‍රව්‍යවාදයක් (materialism) ලෙසිනි. එනම් ලෝකයේ සියලු දේ ද්‍රව්‍ය වලින් සෑදී ඇති බවත්, ඒ ඒ ද්‍රව්‍ය කලකදී විනාශ වීමෙන් පසු යළිත් සංයෝග සදමින් ඉදිරියට ගලා යන බවත් ද්‍රව්‍යවාදී මූලික ඉගැන්වීමයි. විද්‍යාවේද නොයෙකුත් ද්‍රව්‍යයන් සංයෝග වීමෙන් යම් යම් දේ ඇතිවීමත්, නැතිවීමත් සිදුවන බව ඉගැන්වේ. ඒ හැර සංසාර ගමනක්, කර්ම ශක්තිය හෝ පින් පව් ආදී දේ පිළිබඳ විද්‍යාවෙන් ඉගැන්වෙන්නේ නැත. ආහාර පිණිස සතෙකු ඝාතනය කරන විට විද්‍යාත්මක නිර්දේශ ලබාදීම අවශ්‍ය වන අතර, ඊට අදාළව පිනක් හෝ පවක් එසේත් නැත්නම් වෙනත් සදාචාරාත්මක බැඳීමක් පවතින්නේ යයි විද්‍යාව පිළිනොගනී.
විද්‍යාව සතු මෙම දෘෂ්ටිය ෂඩ් ශාස්තෘවරුන් තුළද දකින්නට ලැබිණ. අජිත කේසකම්බිලි නම් ගුරුවරයා ද්රව්යවාදියෙකි. ඔහුගේ ඉගැන්වීම අනුව %සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කළුරිය කෙරේ නම්, එවිටැ (මොහුගේ කයෙහි වූ) පෘථිවිධාතුව බාහිර
පෘථිවි ධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. ආගන්තුක සත්කාරාදී වශයෙන් දන් දුන් මළ සිරුරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ). පරලොවක් ඇතැයි කර්ම විපාක ඇතැයි යන ආදි වූ වාදය කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවෙකි, ප්‍රලාපයෙකි.”
අජිත භෞතිකවාදියෙකි. අදේවවාදියෙකි. මරණයෙන් මතු පැවැත්මක් හෝ ආත්මය පිළිබඳ පිළිගැනීමක් හෝ පුනර්භවය පිළිබඳ විශ්වාසයක් හෝ ඔහුට නොමැත. අජිතට යම් ආචාරධර්ම තිබිණ. විද්‍යාවටද ආචාරධර්ම පවතී. විද්‍යාවේ දෘෂ්ටිවාදය අජිතගේ දෘෂ්ටිවාදයෙන් වෙනස්වන්නේ යැයි කිව හැක්කේ කාටද? අජිත නිරීක්ෂණය කිරීමට හැකි දේ පමණක් පිළිගනී. විද්‍යාවද එසේය. මෙනයින් විද්‍යාව යනු බුදුන් වහන්සේ වැඩසිටියා නම් මිථ්‍යා දෘෂ්ටියක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. අපගේ විනිශ්චය නම් විද්‍යාව යනු ලෝක යථාර්ථය පැහැදිලි කිරීමට තරම් පොහොසත් ක්‍රමයක් නොවන බවයි.
දර්ශන අශෝක කුමාර