1970 රනිල් වික්‍රමසිංහ දේශපාලනයට පිවිසෙන විට ශ්‍රී ලංකාවේ අධිපති මාධ්‍ය වූයේ පුවත්පත් හා වයර්ලස් නැතහොත් නීත්‍යනුකූලව ක්‍රියාත්මක වූ ගුවන්විදුලියයි. එවකට ප්‍රමුඛතම පුවත්පත වූයේ රනිල් වික්‍රමසිංහගේ පවුලට අයත්ව තිබූ %ලේක් හවුස්^ ආයතනයයි. එසේම ලංකාවේ නීත්‍යනුකූලව ක්‍රියාත්මක වූ එකම ගුවන්විදුලි සේවය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.
හැත්තෑව දශකයේ දේශපාලනයට පැමිණි ශ්‍රී ලංකාවේ එලිට් පවුල්වල සියලුම දෙනා පාහේ ශ්‍රී ලංකාවෙන් පිටත යුරෝපයේ අධ්‍යාපනය ලැබූ අය වූහ. විශේෂයෙන්ම මැතිවරණයකට ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුගත වී මැතිඇමතිකම් ගත් කොළඹ එලිට් පවුල්වල සියලු දෙනා පාහේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ උගත්තු වූහ. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා නීති උපාධිය ලබාගෙන නීතිඥවරයෙකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් කැලණිය කොට්ඨාසයෙනුත්, දෙවැනුව බියගම කොට්ඨාසයෙනුත් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා බවට පත්වෙද්දී ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා මැතිවරණයකට ඉදිරිපත් වූ එලිට් පවුලක දෙවැනි සාමාජිකයා විය. ප්‍රථමයා වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.
හැත්තෑව දශකය යනු මෙරට දේශපාලනයේ හා ජනමාධ්‍යයේ වයර්ලස් යුගයයි. එකල හේන් ගොවිතැන් කරන, කුඹුරු වැඩ කරන ගොවීන් හා රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා සවස් කාලයේ තමන්ගේ ගෙදර හෝ තම අසල්වැසි නිවසක තිබූ %වෑර්ලස්^ යන්ත්‍රය වටා එකතු වී සින්දු අසමින්, ගුවන්විදුලි නාට්‍යවලට සවන් දෙමින්, ප්රවෘත්ති ප්රචාරයට සවන් දෙමින් කාලය ගත කළහ. හැත්තෑව දශකයේ අග භාගයේ සහ අසූව දශකය මුල් භාගයේ ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රීය ආයතනය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. එසේම පුවත්පත් මුද්‍රණය කළද, ශ්‍රී ලංකාවේ ඈත පළාත්වලට පුවත්පත් බෙදා හැරීමේ විශාල දුර්වලතා තිබූ අතර, සමාජීය තොරතුරු දැන ගැනීමේ හෝ තොරතුරු දැනුම ලබා ගැනීමේ විශාල බාධාවන්ගෙන් පීඩිතව තිබ්ණි. කොළඹ ජීවත් වූ බොහෝ දෙනා වඩාත් බලවත්, වඩාත් ධනවාදී,
ශ්‍රී ලංකාවේ සම්පත් වැඩියෙන් පරිභෝජනය කරන කොට්ඨාසයක් බවට පත්ව තිබූ අතර, ඔවුන් දැනුම නිසා සමාජයේ විශේෂ වරප්රසාදිතයෝ වූහ.
හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුවද, ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආරම්භ වන්නේ අසූව දශකයේ මුල් කාර්තුවේය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කරමිනි. රනිල් වික්‍රමසිංහ වයර්ලස් යුගයේ සිට වර්තමාන ඩිජිටල් යුගය දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි. වයර්ලස් යුගයේ අවසන් කාර්තුවේදී රනිල් වික්‍රමසිංහ සාර්ථක දේශපාලඥයෙකු ලෙස වර්ධනය වෙද්දී %රනිල් රනිල් ගොනා ගොනා, ගොන් පනතක් ගෙනා ගෙනා^ යනුවෙන් එවකට සිටි ඊනියා මාධ්‍යවේදීන්, දේශපාලඥයන් හා ප්‍රොපගැන්ඩා ඔස්තාර්ලා රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ කටයුතුවල යෙදිණි. දශක තුනකට පසුවත්, අදත් රනිල් වික්‍රමසිංහ ලංකාවේ සියලු පුවත්පත්වල, ගුවන්විදුලියේ, රූපවාහිනියේ හා ඩිජිටල් මාධ්‍ය තුළ ප්රමුඛ පුවත් මවන්නා වන අතර, මීට දශක තුනකට පෙර ඔහු විනාශ කිරීමේ මාධ්‍ය මෙහෙයුම්වල යෙදුණු මාධ්‍යකරුවන්ට සිදුවූ දෙයක් නැත. ඔවුහු එකිනෙකාගේ ඉත්තන් බවට පත්ව රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ ව්‍යාපෘතිවල යෙදී අවසානයේ තමන්ට තිබූ තත්ත්වයද අහිමි කරගෙන වේදිකාවෙන් බැස ගියහ. නමුත් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අණපනත් තීරණාත්මක සේවයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සිදු කරමින් යහමින් වැජඹේ.
1994න් පසුව එළැඹුණු කාලයේ රූපවාහිනී යුගයේදී රටේ සියලු රූපවාහිනී ප්රවෘත්තිවල වැඩි ඉඩක් වෙන් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ බටලන්දට ඇති සම්බන්ධය මේ රටේ ජනතාවට පැහැදිලි කර දීමටය. එවකට රූපවාහිනී මාධ්‍යයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වූයේ චන්ද්‍රිකා ජනාධිපතිනිය පිනවීමට, රනිල් වික්‍රමසිංහ වැනසීමේ ව්‍යාපෘතියේ යෙදීමයි. රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් වික්‍රමසිංහලාගෙන් කෙනෙකු වූ රනිල් වික්‍රමසිංහ එම මාධ්‍යයේ දිග පළල හොඳින් දැන සිටි අතර, එදා ඔහුට ප්‍රහාර එල්ල කළ බොහෝ දෙනා වේදිකාවෙන් බැසගොස් තිබෙන නමුත් තවමත් රනිල් වික්‍රමසිංහ වේදිකාවේ සිටියි. රූපවාහිනී මාධ්‍යයේ අදත් පුවත් මවන ප්‍රධානම දේශපාලඥයා වන්නේ රනිල් වික්‍රමසිංහය.
රූපවාහිනිය ඉදිරියේ වයර්ලස් හා පුවත්පත් පරාජය පිළිගෙන බැසගියා සේ ඩිජිටල් මාධ්‍ය ඉදිරියේ රූපවාහිනිය බැස යද්දී රනිල් වික්රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් මේ රටේ දේශපාලන බලය හොබවමින් නිරුපද්‍රිතව සිටියි.
අද ද රනිල් වික්‍රමසිංහට ඔහුගේ දේශපාලන ජීවිතයේ හැමදාම මෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වේ. ඒ පිටුපස දැවැන්ත මාධ්‍ය හා ව්‍යාපාරික මාෆියාකරුවෝ කිහිපදෙනෙක් සිටිති. රනිල් වික්‍රමසිංහ එම කුඩා මාධ්‍යකරුවන්ට අලුත් සතුරෙකු හෝ අලුත් අත්දැකීමක් වුවද රනිල් වික්‍රමසිංහට මේ ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට එල්ල වූ ප්‍රචාරණ අභියෝගයයි. වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා අනුවර්ථනය වෙමින්, නවීකරණය වෙමින් එක්සත් ජාතික පක්ෂයත්, තමනුත් ආරක්ෂා වෙමින් ඉදිරියට ආ රනිල් වික්‍රමසිංහට මෙම මාධ්‍ය හා දේශපාලන මෙහෙයුම තම ජීවිතයේ මුහුණ දුන් තවත් එක් සිදුවීමක් පමණි.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට වසර හතළිහක් තිස්සේ වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා ප්රචාරක මෙහෙයුම් ක්‍රියාත්මක කළ සියලුම දෙනා වේදිකාවෙන් බැස යද්දී, තම ස්වයං විනාශය කැඳවා ගනිද්දී, තමන් සමාජයේ අවලංගු කාසි බවට පත්වද්දී රනිල් වික්‍රමසිංහ හැමදාම දේශපාලන කරළියේ ප්රමුඛ පුවත් මවන්නා විය. ඔහුගේ පැවැත්ම ස්ථිරසාරය. ඔහු සෙමින් අඩිය තියමින් බොහෝ දුර පැමිණ තිබේ. වසර හතළිහක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. අද අපි දකින මෙම සමාජ ක්‍රමයට, ආර්ථික ක්‍රමයට අත්තිවාරම දැමූ නායකයා ඔහුය. පෞද්ගලිකව මා කල්පනා කරනුයේ එතෙක් මෙතෙක් බිහිවූ දේශපාලඥයන්ගෙන් සාර්ථකම දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ බවයි. එම දශක හතරක කාලය තුළ බොහෝ දෙනා කරළියට පැමිණ වේදිකාවේ රඟපා ඉන් බැස ගියහ. ඒ අතර ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, කැරලිකරුවෝ ඇතුළු බොහෝ දෙනා වූහ. ඔවුන් සියලු දෙනා බැස ගියද රනිල් වික්‍රමසිංහ තවමත් වේදිකාවේ සිටියි.
එම නිසා අද රනිල් වික්‍රමසිංහට තර්ජනය කරන, අභියෝග එල්ල කරන බොහෝ දෙනා වේදිකාවෙන් බැස යෑමට නියමිත අතර, ඔවුන් සමග ඔවුන්ට සම්බැට්ටකම් කරන මාෆියා මාධ්‍ය ආයතනද තමන්ගේ ගමන අවසන් කරනු ඇත. නමුත් රනිල් වික්රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ පුවත් මවමින් වැජඹෙනු ඇත. එය රනිල් වික්‍රමසිංහගේ වචනයෙන් පැහැදිලි කරන්නේ නම්, මේ රටේ ජනතාවට පොරොන්දු වූ ආර්ථික සමෘද්ධිය ලබාදෙන තුරු ඔහු දේශපාලන කරළියේ සිටිනු ඇත.