සියලුම දේ අනිත්‍ය නිසාම ජීවිතයද නිත්‍ය නොවේ. සියල්ලන්ටම අමතක වන සත්‍යය නම් ජීවිතය අනිත්‍ය බවයි. දේශපාලන ව්‍යාපාරයක් අනියත පුද්ගල ජීවිතයක් මත පදනම් වන්නේ නම් එහි අනාගතය ශෝකාන්තයක් වනු නියතය. එමගින් අදාළ දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්නට මෙන්ම එම සමාජය සහ ජනතාවද විශාල අර්බුදයකට යාම වැළැක්විය නොහැකි වනු ඇත. ගඩාෆිගෙන් පසු ලිබියාවට, සදාම්ගෙන් පසු ඉරාකයට සහ චාවෙස්ගෙන් පසු වෙනිසියුලාවටද සිදු වූවාක් මෙන් පුටින්ගෙන් පසු රුසියාවටද සිදුවීමට නියමිත වන්නේ මෙම දුක්මුසු අවාසනාවන්ත ඉරණමයි. නමුත් මීට පරස්පර දේශපාලන ව්‍යාපාරය නම් පුද්ගල කේන්ද්‍රීය නොවුණු නමුත්, තමන් ගොඩනැගූ දේශපාලන ව්‍යාපාරය නිසා තමන්ද බැබළුණු තිරසාර රටවල් ගොඩනැගූ, බුද්ධිමත් නායකයන් විසූ සමාජයන්ය. ගාන්ධි විසූ ඉන්දියාව, මැන්ඩෙලා විසූ දකුණු අප්‍රිකාව හා බටහිර සංවර්ධිත රටවල් සියල්ල අනියත ජීවිතයක් හිමි මිනිසුන් වෙනුවට ආයතන හා ක්‍රමවේද පදනම් කරගත් දේශපාලන සමාජයන්ය. ඒවා සාමකාමීය, තිරසාරය. ඒවායෙහි වෙසෙන මිනිසුන් වාසනාවන්තයෝය. අවස්ථාවක් ලැබුණොත් ප්‍රථමයෙන් පෙන්වාදුන් සමාජවල මිනිසුන් දෙවැනි සමාජවලට පලා යනු ඇත.
ලංකාව මෙම ක්‍රමවේද දෙක තුළ දෝලනය වෙමින් තිබේ. ලාංකික සමාජය හරි මැදින් දෙකට වෙන් වී තිබේ. සිංහල බහුතරයක් සහිත, සිංහල බුදුදහම අදහන බහුතරයක් සහිත කණ්ඩායමක් අනියත ජීවිතයක් හිමි 70 හැවිරිදි මහින්ද පදනම් කරගත් පාලන ක්‍රමයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා සිටියි. (බුදුදහමේ මූලික ඉගැන්වීම අනියත බවයි) අෙනක් පිරිස බහු ආගමික, බහු සංස්කෘතික, දේශපාලන, සමාජීය, ආයතන හා ක්‍රමවේදයන්ගෙන් යුත් පාලනයක් පතයි. රනිල් නායකත්වය දෙනුයේ එම පිරිසටය, එම ක්රමයටය.
ලංකාවේ මේ මොහොතේ ප්‍රධාන බල කේන්ද්‍ර දෙක එයයි. මෙම බල කේන්ද්‍ර දෙක මත දෝලනය වන දේශපාලනයේ අනෙකුත් සියලුම බලවේග හා කුඩුකේඩුකම් කරන්නෝ හාල් කෑලිය. දේශපාලනය මත තම පැවැත්ම උදෙසා ටෙලිවිෂන් මුදලාලිලාගේ කොන්ත්රාත්කාරයෝය. ටෙලිවිෂන් මුදලාලිලා යනු ලංකාවේ අන්ත ගෝත්‍රික පන්තියකි. ලොව පවතින සියල්ල තමන්ට අවැසි පරිදි පාලනය වන්නක් යැයි සිතන්නෝය.
එබැවින් ඉදිරි වසර දෙක තුළ ලංකාවේ දේශපාලනය දෝලනය වන ගතිකයන් වන්නේ මෙම පිල් දෙකෙහි ක්රියාකාරීත්වයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගාමක බල කේන්ද්‍රය තවදුරටත් රනිල් වන අතර, සමාජ, දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගොඩනැගිය හැක්කේ රනිල්ට පමණක් බව සමාජයේ එම මතවාදය වෙනුවෙන් පෙනී සිටින පිලෙහි ඒකායන අභිලාෂයයි. පක්ෂයේ අභ්‍යන්තර බල කේන්ද්‍රයේ අෙනක් පිල වන සජිත් ප්‍රේමදාස නියෝජනය කරනුයේ මහින්ද අසහාය නායකයා ලෙස පිළිගන්නා දේශපාලන බලවේගයයි. ඔහුගේ පරම විශ්වාසයද එයයි. නමුත් අවාසනාව වන්නේ මහින්දට සම කළ හැකි නායකයෙකු මේ මොහොතේ එම පිලට ලංකාව තුළ නොමැති අතර, සජිත් නියෝජනය කරනුයේ වැරදි බලවේගයයි. තවදුරටත් සරලව පැහැදිලි කරන්නේ නම් ඔහු අල්ලපු ගෙදර නියෝජිතයාය. තීරණාත්මක මැතිවරණයකදී පසමිතුරු පිලෙන් 3෴ක් වැඩිපුර දිනාගැනීමට සජිත් යොදාගත හැකි අතර, එය තීරණාත්මකද විය හැකිය. සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් 2015දී තිබූ තක්සේරුව එයයි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන බලවේග හා සමාජ තීරුව ඔහුට නියෝජන කළ නොහැක්කේය. සමහර විට විශාල වෙනස්කම් සහිතව අනාගතයේදී හැකිය. නමුත් අකිල, නවීන්, හරීන්, අජිත් හා රුවන් වැනි නැගී එන නායකයන් සමග ඔහු සටනක් දිය යුතු වේ. මෙහිදී සජිත් හැර අෙනක් සියල්ලෝම එක්සත් ජාතික පක්ෂ සමාජ තීරුව හා මතවාදය නියෝජනය කරන්නෝය. එබැවින් රනිල් මෙම කඳවුරෙන් ලංකාවේ දේශපාලනය නියෝජනය කරද්දී අනෙක් කඳවුර මහින්දගේය. මෙම නායකයන් දෙදෙනාගේ බල අරගලය ලංකාවේ අනාගතය තීන්දු කරනු ඇත.
මා මුලදීත් පෙන්වාදුන් පරිදි මෙම ක්‍රමවේද දෙකෙහි පැවැත්ම තීරණය වන්නේ මනුෂ්‍ය ජීවිතයේ අනියත බව මතයි. රනිල් නැති එක්සත් ජාතික පක්ෂයක් පිළිබඳ හැම කෙනාටම අදහසක් තිබේ. රනිල් නැතිව එක්සත් ජාතික පක්ෂය හා එහි වැඩපිළිවෙළ පවතිනු ඇත. නමුත් මහින්ද නැති කලෙක එම බලවේගයට කුමක් සිදු වනු ඇතිද? මහින්ද රාජපක්ෂ යෝජනා කරනු ලබන දේශපාලනයට ලාංකික සිංහල ජනතාව අතර පිළිගැනීමක් ඇත. ඒ අනුව ඔහු විසින් යෝජනා කරනු ලබන පොල් ලෙල්ලක් වුව සිංහල ජනතාවගේ ඡන්දවලින් 39෴ක් ගනු ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම හා අෙනකුත් පළාත්වල මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන ලද්දේ එයයි. නමුත් ජාතික මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ජයගැනීමට සිංහල ජනතාවගේ ඡන්දවලින් 39% ප්‍රමාණවත් නොවනු ඇත. අඩුම තරමින් සිංහල ඡන්ද 55෴ක් ගත්තද එයද ප්‍රමාණවත් නොවේ. මේ අනුව කිව හැක්කේ ජනාධිපතිවරණයක් ජය ගැනීමට මහින්ද පිලට සිංහල ඡන්දවලින් 70%ට වඩා ගත යුතුය. එනම් අපට මගතොටේ හමුවන සිංහල ගැහැනුන් හා පිරිමින්ගෙන් දස දෙනෙකුගෙන් හත්දෙනෙකු මහින්ද මත දේශපාලන තීන්දුව ගත යුතුය. එය සිදු නොවන්නේය.
මන්ද මහින්ද නියෝජනය කරනුයේ අන්ත ජාතිවාදී, ආගම්වාදී ජාතිකවාදී ධාරාවය. ඔහුට දෙමළ හා මුස්ලිම් ඡන්දද, කතෝලික ඡන්දද දිනාගත හැකි හැකියාව අවමය. නමුත් අනෙක් පසින් රනිල් නියෝජනය කරනුයේ බහු ආගමික, බහුජාතික සමාජයක් සහිත දියුණු ලෝකයේ පිළිගත් සමාජ දේශපාලන වටිනාකම් සහිත සමාජ බලවේගයයි. එම බලවේගය වේගයෙන් වර්ධනය වන අතර එම සමාජ මතයන් වර්ධනය වූ මොහොතේ ලෝක දේශපාලනයේද ගාමක බලයයි.
මේ අනුව 2020දී රනිල්ට අනිවාර්යය ජයක් අත්වනු ඇති අතර රනිල්ගෙන් පසු තවත් දශක ගණනාවක් එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලන බලය හොබවනු ඇත. නමුත් මහින්ද මත පදනම් වූ දේශපාලන බලවේගය ගඩාෆිගෙන් පසු ලිබියාව මෙන් මහින්දගෙන් පසු අවසන් වනු ඇත. නැතහොත් එම බලවේගයට නායකත්වය දීමට රටේ ඊළඟ එවැනි පන්නයේ නායකයා වන සජිත් ප්‍රේමදාස සුදුසුකම් ලබනු ඇත. ඒ අනුව අනාගතයේදී මේ රටේ පිල් දෙකම නියෝජනය කරන නායකයන් සිටින පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.