'මේකප මුලදී එක්
සුරා නම් පසිඳු වැද්දෙක්
සොයාගත් විඳ දුක්
හෙයින් නම් වී සුරා යැයි නෙක්'
විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හැදෑරූ බහුතරයක් විද්‍යාර්ථයන්ට මේ කවි පද මාලාව හොඳින් මතක ඇතුවාට සැක නැත. මෙහි ඊළඟ පද පේළිය ලියන්නට නොහැකි නිසා එය සඟවාගෙන ලියන්නට පටන් ගනිමි.
මේ කවි පන්තිය නැවත මා හට මතක් කරදුන්නේ වෙන කවුරුත් නොව මංගල සමරවීර මහතාය. ඒ උදේ 08.00 සිට ප.ව 10.00 දක්වා තැබෑරුම් විවෘත කිරීමත්, කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හා මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට පනවා ඇති නීතිය ඉවත් කිරීමත් සමගය. අපි හැමදාමත් කරන්නේ සංස්කෘතිය ගැන මහ ඉහළින් කතා කිරීමය. සෑම අවස්ථාවකම අප සංස්කෘතිය හා සම්ප්‍රදායන් පටලවා ගත්තෙමු. එසේ පටලවාගෙන නැති ප්‍රශ්න ඇති කරගනිමින් කල් යවමු.
මේ නීතිය පැනවීමත් සමගම මා සමග බොහෝ දෙනෙකු මේ පිළිබඳ කතාබහ කළේය. ඒ අය අතුරින් එක් කාන්තාවක් සුවිශේෂී විය. ඇය රැකියාව කරන්නේ මත්පැන් අලෙවි කරන ස්ථානයක නැතහොත් බාර් (BAR) එකකය. එහි ඇය කරන්නේ කොක්ටේල් (Cocktail) සකස් කිරීමයි. &කොක්ටේල් කියන්නේ බොහොම නිර්මාණශීලී දෙයක්. එය කරන්නට හොඳ නිර්මාණශීලීත්වයක් තිබිය යුතුයි. ඒ වගේමයි කාන්තාවන් මත්පැන් අලෙවි කරන ස්ථාන, රාත්‍රී සමාජශාලා, කැරොකේවල වැඩ කරනවා. පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය තියෙන්නේ එතකොට. මේක රැකියාවක් ලෙස පමණයි මම දකින්නේ* මේ ඇය කී කතාවයි.
ඉතිහාසයේ අපේ ජනතාව බෞද්ධ සංස්කෘතියට අනුව හැඩගැසුණු ජන ජීවිතයකට උරුමකම් ලද්දවුන් විය. නමුත් බටහිර රටවල ආක්රමණත් සමගම අපගේ සංස්කෘතිය විශාල වෙනසකට මුල පිරීය. සංස්කෘතිය යනු සකස්වුණු ආකාරය ලෙස අර්ථ ගැන්විය හැක. සංස්කෘතිය අප බලහත්කාරයෙන් හැදිය යුත්තක් නොව සමාජ වාතාවරණය මත ගොඩනැගෙන දෙයකි. බෞද්ධ සංස්කෘතියත් සමග බද්ධව පැවැති අපගේ ජන ජීවිතය ක්‍රමිකව වික්ටෝරියානු සම්ප්‍රදායට අනුව හැඩගැසුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවැති කාලයේ අපගේ ප්‍රභූ පන්තිය ප්‍ර‘භේද දෙකකින් සමන්විත විය. ඒ සාම්ප්‍රදායික හා නවීන වශයෙනි. සාම්ප්‍රදායික ප්‍රභූන් ලෙස සැලකුවේ ධනවත් රදලයන් හා පහතරට මුදලිවරුන්ය. නවීන ප්‍රභූන් ලෙස සැලකුණේ පහළ තත්ත්වයේ සිට ධනවත් බවට පත්වූවන්ය. මේ නවීන ප්‍රභූන් බිහිවූයේ මිනිරන් හා අරක්කු ව්‍යාපාරයෙනි.
නිදහස් සටනට පණ පෙවූවන් හා පසු කලෙක රටේ මුඛ්‍යතම දේශපාලඥයන් බවට පත්වූයේද මෙම ව්‍යාපාරවලින් බිහි වූ පිරිස්ය. සභ්‍යත්වය සංස්කෘතිය ගැන කතා කරන අපේ රටේ ජනතාවට එදා නායකත්වය දුන්නේ මෙම ව්‍යාපාරිකයන් බවට අමතක වීම හාස්‍යයට කරුණකි. දානපතියෙකු මෙන්ම බෞද්ධ ආගමට බොෙහා් උදව් කළ චාල්ස් හෙන්රි සොයිසාගේ පියා වන ජෙරොනිස් ද සිල්වා මහනුවර අරක්කු ව්‍යාපාරයේ ඒකාධිකාරය හිමිකරගෙන සිටි පුද්ගලයාය. F.R සේනානායක මහතාගේ මාමණ්ඩිය වූ ඩී.සී.පී ආටිගල මහතාත් අරක්කු වෙළෙඳාමෙන් ධනවත් වූවෙකි. දොන් ස්පේටර් සේනානායක එනම් මහාමාන්‍ය D.S සේනානායක මහතාගේ පියාද ඔහුගේ ප්‍රධාන කර්මාන්තය වූ මිනිරන් කර්මාන්තය සමග වැවිලි සහ අරක්කු, රේන්ද කර්මානතයේ ද යෙදුෙණ්ය. එමෙන්ම එකල කාන්තාවන්ද අරක්කු ව්‍යාපාරය කරගෙන ගියේය. බද්දේගම ඉපදුණු එන්.පී.ඩී. සිල්වාගේ බිරිඳ තම සැමියාගේ ව්‍යාපාර පාලනය කළ පළමු සිංහල කාන්තාව විය. කළුතර පිහිටි රටේ තිබූ විශාලතම අරක්කු ගබඩාව ඇය සතු විය. මීට අමතරව ජේකබ් ද මෙල් පවුලේ දියණියන්ද මේ ව්‍යාපාරය කරගෙන ගියේය. ජේම්ස් පීරිස් මහතා විවාහ වූයේද මැල් පවුලේ දියණියක සමගය. මෙහෙම බලද්දී එදා කාන්තාවන්ද අරක්කු ව්‍යාපාරයේ රැඳී සිටියහ. මෙය අමුතු දෙයක් නොවේ. වික්ටෝරියානු සාම්ප්‍රදායන්ට හොඳයි කියාගන්නා ප්‍රභූන්, ප්‍රභූ පවුල්වල කාන්තාවෝ‘ කති, බොති, නටති. වයින්, බියර් තොල ගාති. මේ හැම අවුලක්ම නීතියක්ම ඇත්තේ මධ්‍යම පන්තියට හා දුප්පතුන්ට පමණි. ඇත්තෙන්ම අපි කුහක විය යුතු නැත. තරු පහේ හෝටල්වල කාන්තාවෝ මත්පැන් මිලට ගනිති. ප්‍රභූ පැලැන්තියේ ඔක්කොම හොර වැඩ වෙන්නේ තරු පන්තියේ ස්ථානවලය. ඕනම දෙයක් හොරෙන් කළාට අවුලක් නැත. හැබැයි කුහකකම මතු වෙන්නේ එළිපිට කළාමය. සංස්කෘතිය සභ්‍යත්වය ගැන මතක් වන්නේ එවිටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි පරිච්ෙඡ්දයේ මූලික අයිතිවාසිකම් යටතේ %ස්ත්‍රී පුරුෂ^ භේදය යටතේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බවට සඳහන්ය. මංගල මහතා මේ නීතිය ගෙනාවේ ඒ නිසා බවට පවසයි. නමුත් ඡන්දයක් අත ළඟ තබාගෙන මංගලට මේ නීතිය ගෙන නොආවා නම් මීට වඩා වාසිදායක වන්නට තිබිණි. එමෙන්ම කාන්තා අයිතීන් ආරක්ෂා කිරීමට මීට වඩා යමක් කළ හැකි බවද මතක් කළ යුතුය.
බාර් උදේ ඇරියා කියලා මිනිසුන් හැම දෙනාම බොන්නට යන්නේද නැත. සුපර් මාකට්වලින් අරක්කු, විස්කි, බ්‍රැන්ඩි අරන් යන නෝනලා අපි දකින්නෙමු. හැබැයි මත්පැන් කාන්තාවන්ට ගන්න පුළුවන් යැයි කිව්වාට බාර් අස්සට සෑම කාන්තාවක්ම යන්නේද නැත. බොන කෙනා කොහොමත් බොන එක නතර කිරීමට බැරිය. අවුරුදු 60ක් තිස්සේ කාන්තාවන්ට අරක්කු මිලදීගැනීමට නොහැකි බවට වූ බවට නීතියක් තිබිණි. ඒ නීතිය තිබියදීත් කාන්තාවන් අරක්කු, බියර් බිව්වේය. ඒ ඔවුන්ගේ අයිතියයි. ඒවාට අපට තහංචි දාන්නට බැරිය.
අප කළ යුත්තේ නීති පස්සෙන් ගොස් මිනිසුන්ගේ අයිතීන් නීතිවලට සීමා කිරීම නොවේ. එසේ කළහොත් වෙන්නේ මිනිසුන් පීඩනයට පත්වීමත්, නිදහස අහිමි කිරීම තුළ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය නැති වීමත්ය. සාම්ප්‍රදායන් ආරක්ෂා කරමින් වෙනස්වෙන සංස්කෘතිය ඔස්සේ යමින් මිනිසුන් තුළ හික්මීමක් ඇතිකිරීම පමණක් හොඳටම ප්රමාණවත්ය. මෙයට හොඳම උදාහරණය වන්නේ සිය මාමණ්ඩිය වූ ඩී.සී. ආටිගල අරක්කු, රේන්ද ව්‍යාපාරයේ යෙදුණද එෆ්. ආර්. සේනානායක පසු කලෙක මෙයට විරුද්ධව ශ්‍රී ලංකාවේ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කරන්නට මුල් වූ සාමාජිකයෙකු වී රටට ඉහමත් සේවයක් කිරීමට යොමු වීමයි. මෙයින් පෙනෙන්නේ මද්‍යසාර යනු නීතියෙන් නොව ස්වකැමැත්තෙන් අත්හරින්නක් බවය. එය පුද්ගල පෞරුෂය මත රඳා පවතින්නකි.
අපේ සමහර දේශපාලනික වැරදි හා සංස්කෘතිකමය කාරණා නිසා අපි අපේ නිර්මාණශීලීත්වය වගේම උත්ප්‍රේරක හා අභිප්‍රේරණයන් රටක් වශයෙන් අහිමි කරගෙන සිටින්නෙමු. කළ යුත්තේ හැම විටම සංස්කෘතිය ගැන, සභ්‍යත්වය ගැන පමණක්ම නොසිතා රටට ගැළපෙන ලෙසට නීති සකස් කර නව මගකට අපේ රට ගෙන යාමය.
නිපුන් ඒකනායක