කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
ඉහත දැක්වෙනුයේ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචනා කරන ලද වයෝවෘද්ධ කලාකරුවෙකු ගැන ලියවුණු ගීතයක කොටසකි. මෙහි අර්ථය අතිමහත්ය. කලාකරුවෙකුට පමණක් නොව දේශපාලඥයන්ටද එය වලංගුය. ඇත්තෙන්ම අද දේශපාලඥයෝද එහෙමය. වයෝවෘද්ධ නොවුණත් කරන වැඩ නම් &නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා* වගේය.
ඊයේ දිනයේදී විද්‍යානුකූලව කැබිනට් මණ්ඩලය සංශෝධනය කළේය. ඇත්තෙන්ම එහිදී තිබෙන කාඩ් කුට්ටමට ඇනුවාට වඩා වෙනත් දෙයක් නම් සිදුවෙලා නැත. මේ ආණ්ඩුව පමණක් නොව පහුගිය ආණ්ඩු බහුතරයක්ම කළේ කාඩ් කුට්ටම ඇනීමය. ලංකාව මේ තරම් ඇනගෙන තියෙන්නේද ඒ නිසාමය. මේ ඇමති මණ්ඩලයද කොපමණ විද්යානුකූලද යන්න අපට කලකින් බලාගන්නට පුළුවන.
ලෝකයේ අලුත්ම ප්‍රවණතාව Technotratic එනම් එක් විෂයයන් සඳහා ප්‍රවීණයන් (Experts) පත්කරන කැබිනට් මණ්ඩල පිහිටුවීමය. කැනඩාව, ඉතාලිය, ජපානය මේ සඳහා හොඳම නිදසුන්ය. ඒ වගේම අපේම දකුණු ආසියාතික රටක් වන මාලදිවයිනද එහෙමය. මාලදිවයිනේ රාජ්‍ය නායකයා ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂී දැනුමක් ඇති පුද්ගලයෙකි. කැනඩාවේ කැබිනට් මණ්ඩලය ගත්තොත් කැබිනට් ධුර සඳහා පත්කර ඇත්තේ අදාළ විෂයයන් කෙරෙහි සිටින ප්‍රවීණයෝය. ජපානයද එසේමය. ඉතාලියේ කැබිනට් මණ්ඩලයද එහෙමය. හැබැයි ඒ රටවල එහෙම වුණාට ලංකාවේ එහෙම නොවේය.
අද ඇත්තේ ඒ ඒ පක්ෂවල බලය තහවුරු කරගැනීමේ දැවැන්ත මෙහෙයුම් වගේම බලය රැකගැනීම සඳහා වන දේශපාලන ඩීල් හා ගේම්ය. හැමෝම බලන්නේ තමන් ගොඩ යන්නේ කෙසේද යන්න පමණකි. තිත්ත ඇත්ත මේකය.
ප්රජාතන්ත්රවාදී රටක ලක්ෂණයක් වන්නේ ජනතාව විසින් තෝරා පත්කර යවන (ව්‍යවස්ථාදායකයට) ජනතා නියෝජිතයන් රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමය. නමුත් අපි තෝරා පත්කර ගන්නේ, එහෙමත් නැත්නම් තෝරා පත්කර ජනතා ගැටලු ගැන තීරණ ගැනීමට යවන්නේ නියම සුදුස්සන්ද යන්න ප්රශ්නයකි. අපේ ව්‍යවස්ථාදායකයේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 80෴ක් අඩුම තරමින් සාමාන්‍ය පෙළවත් සමත් වී නැත. ඒ වගේම විෂයානුබද්ධ දැනුමක් ඇති, ඒවායෙහි මනා පරිචයකින් යුත් මන්ත්‍රීවරුන් සිටින්නේ කීයෙන් කී දෙනාද?
කැබිනට් මණ්ඩලය තෝරා ගන්නේද ජනතාව පත්කරනා මෙම නියෝජිතයන්ගෙන්ය. ඉතින් කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල එකක් යැයි කීම නම් එතරම් ගැළපෙන්නේ නැත. අතීතයේදී නම් විෂය දැනුමැති අමාත්‍යවරු අපේ කැබිනට් මණ්ඩලවල සිටියහ. කොල්වින් ආර්.ද සිල්වා,
එන්.ඇම්.පෙරේරා, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර්. ප්‍රේමදාස, ලක්ෂ්මන් කදිරගාමර්, ෆ්ලික්ස් ඩයස් බණ්ඩාරනායක එයට හොඳම උදාහරණයන්ය. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා %උදාගම්^ ,%ගම් උදාව^ වැනි ව්‍යාපෘතීන් පටන් ගත්තේය. %ජන සවිය^ හරහා දුප්පත්කම නැති කිරීමට කටයුතු කළේය. නැති බැරි අය ඇති හැකි අය කරමු යන්න ප්‍රේමදාසගේ උදාරතර සංකල්පයකි.
ලක්ෂ්මන් කදිරගාමර්ද ලංකාවට වැඩක් කළ නායකයෙකි. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන්නට විදේශීය සම්බන්ධතා ඇතිකර ගැනීම මෙන්ම ලෝකය පුරා ලංකාව ගැන තිබූ පුහු මතයන් හා කළු පැල්ලම් මැකීමට ඔහු ඇප කැප වී වැඩ කළේය. කදිරගාමර්ට ලෝකය පුරාවටම තිබුණේ මහත් වූ පිළිගැනීමකි.
ලලිත් ඇතුලත්මුදලි දිගු දැක්මක් තිබූ නායකයෙකි. මහපොළ ශිෂ්‍යත්වය ඇති කළේ ඔහුය. &දරිද්‍රතාව නැති කළ හැක්කේ අධ්‍යාපනය ලබා දීමෙනි* යන්න ඔහු විසින් පවසන ලද්දකි. මෙය කොතරම් සත්‍යයක්ද යන්න මෙන්ම කොතරම් දුරක් ඔහු එහිදී දුටුවාද යන්න අප බැලිය යුතුමය. ගාමිණී දිසානායක මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාර ඇති කළේය. අපට අවශ්‍ය වන්නේ මෙවැනි දුර දකින නායකයන්ය. කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක වන්නේ එවැනි දේශපාලඥයන් පත් කිරීමෙන් පමණි. අද දේශපාලඥයන්ගෙන් මෙවැනි දැක්මක් ඇත්තේ කීයෙන් කීදෙනාටද. මැතිවරණවලින් පරාජය වී නැවත පිනට පැමිණි ඇමතිවරු කීදෙනෙක් සිටිනවාද? මෙවැන්නන් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමෙන් කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල වන්නේ කෙසේද?
අද වන විට ඇමෙරිකන් ඩොලරයෙහි වටිනාකම රු. 160ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෑස් මිල රුපියල් 245කින් ඉහළ ගොස් ඇත. බඩු මිල දරාගත නොහැකිය. බඩු මිල ඉහළ යෑම සාමාන්‍යය. නමුත් එය පාලනය කිරීම රජයක් සතු වගකීමකි. විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක වගකීම එයයි. බොරුවට පය බරවායට පිටිකර බෙහෙත් බැඳලා වැඩක් නැත.
මෙහිදී මුල්ම වගකීම ඇත්තේ ජනතාවටය. තමුන් වෙනුවෙන් තීරණ ගන්නා දේශපාලඥයන් පත්කර යැවීමේදී ඔවුන් මීට වඩා බුද්ධිමත් විය යුතුය. වැඩක් කිරීමට හැකි දැනුමක් සහිත පුද්ගලයන් ව්‍යවස්ථා දායකයට තෝරා පත්කර යැවීමට ඔවුන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම තාත්තාගෙන් පුතාට පාලනය යන ක්‍රමය මෙන්ම වංචාකාරයන්, දූෂිතයන් පාර්ලිමේන්තු යෑම වළක්වන්නට පුළුවන් වන්නේ ජනතාවට විතරක්මය.
Technotratic එනම් ඒ ඒ විෂය පිළිබඳ දැනුමක් ඇති අය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොහැකි නම් අමාත්‍යාංශවල සිටින දේශපාලන ගැත්තන්ට පින් පඩි ගෙව ගෙවා ඉන්නවාට වඩා අදාළ අමාත්‍යාංශවල විෂයයන් පිළිබඳ පරිචයක් ඇති පුද්ගලයන් බඳවාගෙන කමිටු මණ්ඩල පිහිටුවා ඔවුන්ගෙන් වැඩක් ගැනීම සිදුකළ යුතුය. ඒ වගේම ඔවුන්ගේ දැනුම පාවිච්චි කර ජනතාවට දැනෙන වැඩක් කළ යුතුය. අමාත්‍ය මණ්ඩලය හෝ ආණ්ඩුව විද්‍යානුකූල වන්නේ එවිටය.
බල අරගලවලට යට නොවී හැමදාමත් එකම කුට්ටම අන අනා සිටිනවාට වඩා බුද්ධිමතුන්ට, උගතුන්ට වැඩි තැනක් දීමත්, ඔවුන්ගෙන් වැඩක් ගැනීමත් සිදුකළ යුතුය. ජනතාව ඊළඟ මැතිවරණයේදීවත් මේවායින් පාඩමක් ඉගෙනගෙන උගතුන් මෙන්ම ප්‍ර‘යෝගික දේශපාලඥයන් ව්‍යවස්ථාදායකයට පත්කිරීමට වගබලාගත යුතුය.
නිපුන් ඒකනායක