නෝර්ඩික් ක්‍රමය යනු එක්තරා ආර්ථික සහ සමාජ ක්රමයකි. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නෝර්ඩික් රටවලයි. නෝර්ඩික් රටවල් යනු ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ, අයර්ලන්තය සහ ස්වීඩනයයි.
නෝර්ඩික් රටවල ක්‍රියාත්මක වන සමාජ ආර්ථික ක්‍රමය නෝර්ඩික් ධනවාදය වශයෙන්ද හැඳින්වේ. මෙම රටවල ක්‍රියාත්මක වන්නේ ධනේෂ්වර නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයයි. එහෙත්, රාජ්‍ය සුබසාධනය ඉතා ඉහළින් සුරක්ෂිත වී තිබේ. දිළිඳුකම ඉතා අඩුය. සාතිශය බහුතරයක් දෙනා කා බී සතුටින් සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකදීම එළිදක්වනු ලබන ලොව වැඩි වශයෙන්ම සතුටින් සිටින මිනිසුන් ඇති රටවල් අතර සෑමවරම පෙරමුණ ගන්නේ ඩෙන්මාර්කය, නෝර්වේ ආදී නෝර්ඩික් රටවල්ය.
එසේම, ලෝකයේ අඩුවෙන්ම දූෂිත රටවල් අතරද පෙරමුණ ගන්නේ නෝර්ඩික් රටවල්ය. ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩන් යන රටවල් අඩුම දූෂණයක් ඇති පළමු රටවල් 10 අතරේ සිටී. මේ සෑම රටකම නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවාවත් පවතී. විශ්‍රාම වැටුප් ක්‍රම පවතී.
එසේම, ලෝකයේ වැඩියෙන්ම බදු අය කරන රටවල් අතරද පෙරමුණේ සිටින්නේ මේ රටවල්ය. ස්වීඩනය විසින් සිය රටේ ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගේ ආදායමෙන් සියයට 51.1ක් බදු වශයෙන් අයකර ගනී. ඩෙන්මාර්කය සියයට 46ක් අයකර ගනී. ෆින්ලන්තය අයකර ගන්නේ සියයට 43කි. මෙම සෑම බදු මුදලක්ම කිසිදු දූෂණයකින් තොරව පොදු මහජනතාවගේ සුබසිද්ධිය සඳහාම යොමු කෙරෙයි.
මෙය ඇමරිකාව ආදී වෙනත් රටවලට වඩා සහමුලින්ම වෙනස් වූ ක්‍රමයක් වන අතර, ඇතැම් ඇෙමරිකානු දේශපාලඥයන් පසුගිය කාලය තුළ මොර ගෑවේ නෝර්ඩික් ක්‍රමය සිය රටට හඳුන්වා දිය යුතු බවයි. එනම් නෝර්ඩික් ධනවාදය සහ ඇමරිකානු ධනවාදය අහසට පොළොව මෙන් වෙනස් වේ.
ඇෙමරිකානු ලේඛිකාවක වන ඈන් ජෝන්ස් වරක් පැවසුවේ නෝර්ඩික් රටවල් විසින් ධනවාදයම මෙවලමක් ලෙස යොදා ගනිමින් වෙළෙඳ පොළ බලවේගවලින් මනුෂ්‍යයා නිදහස් කරගෙන ඇති බවයි. ආර්ථික විද්‍යාඥයෙකු වන ජෙෆ්රි සැක්ස් සඳහන් කරන්නේ නූතන ධනවාදයට තවදුරටත් සාධාරණත්වයක්, අවංකභාවයක්, මහත්මා ගුණයක් හා පරිසර හිතකාමී බවක් පෙන්නුම් කිරීම හැකි වන්නේ නෝර්ඩික් මොඩලය නිසා බවයි. කොතරම් සමාජ සුබසාධනයක් ක්‍රියාත්මක වුවද ව්‍යාපාර කිරීමට ලෝකයේ පහසුම රාජ්‍යයන් අතරද නෝර්ඩික් රටවල් ඉදිරියෙන් සිටී.
වෘත්තීය සමිති සහ සේවක අයිතිවාසිකම්ද ඉතා ශක්තිමත් ලෙස මෙම රටවල ක්‍රියාත්මක වුවද වෘත්තීය සමිති ආර්ථිකයට කිසිදා අකුල් නොහෙළයි. බහුතරයක් නෝර්ඩික් රටවල සේවක අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන්නේ පොදු නීතිය යටතේ නොවන අතර සමාගම්, වෘත්තීය සමිති හා රජය අතර ඇතිකර ගැනෙන සම්මුති මගිනි. ස්වීඩනයේ වැටුප් පරිමාණ නිර්ණය විසංකේන්ද්රීය කෙරී ඇත.
පැරණි සෝවියට් දේශයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් නායකයා වූ මිකායිල් ගොර්බචෙෆ් පැවසුවේද රුසියාව තුළ නෝර්ඩික් ක්‍රමය ඇති කිරීමේ උවමනාව තමන් තුළ පැවති බවයි.
දර්ශන අශෝක කුමාර